Ads 468x60px

.

‘කුඩු‘ නැතිව ගෙළ වැළලාගෙන සහ දුම්රියට පැන තිදෙනෙක් දිවි නසා ගනිති

මත්ද්‍රව්‍ය  ලබා ගැනීමට නොහැකිවීම හේතුවෙන්, ගල්කිස්ස, රත්මලාන සහ පාණදුර ප‍්‍රදේශයන්හි කුඩු ලෝලීන් තිදෙනෙකු පසුගිය දින 07 තුළදී දිවි නසාගෙන ඇති බව වාර්තා වේ. කරයි.ඔවුන් ගෙළ වැළලාගෙන සහ දුම්රියට පැන  දිවි නසා ගෙන ඇත.

කොළඹට  මත්ද්‍රව්‍ය බෙදාහරින ප‍්‍රධානින් මේ දිනවල සැගවී සිටීම හේතුවෙන්, පාතාල ලෝකයේ දැඩි මත්ද්‍රව්‍ය හිඟයක් පවතින බවත්, එම තත්වය යටතේ හෙරොයින් ඇතුළු නීති විරෝධී මත්ද්‍රව්‍ය රාශියක මිල අසීමිත ලෙස ඉහළ නැඟ ඇති බවත්  පොලිසිය පවසයි.සාමාන්‍ය පංතියේ කුඩු ලෝලීන්ට මෙම ද්‍රව්‍යවල මිල දරාගත නොහැකි නිසා ඔවුන් දැඩි අපහසුතාවටත්,සමහර පුද්ගලයින් දිවි නසා ගැනීමටත් පෙළඹී ඇති බවද  පොලිසිය සදහන් කරයි.
 
මේ වන විට කොළඹ දිස්ත‍්‍රික්කය තුළ මෙම තත්ත්වය දැඩිව පවතින අතර හොරොයින්වලට ආදේශකයන් ලෙස නොයෙක් බෙහෙත් දියර සහ පෙති වර්ගවලට පෙළඹීම හේතුවෙන් ඒවායේ මිලද ඉහළ ගොස් ඇතනිල්ල සොයා නමින් පසුගිය කාලයේ විකුණූ එක්තරා ඖෂධයක් මේ වන විට නැවත මත්ලෝලීන් අතර ජනපි‍්‍රය වී ඇත. රුපියල් දහසකට ආසන්න අධික මිලකට මෙම කංසා වර්ගය අලෙවි කරයි.
 
දෙහිවල ගල්කිස්ස, රත්මලාන, මොරටුව, පාණදුර, වැල්ලම්පිිටිය, කොළොන්නාව, රාජගිරිය අවට සහ කොළඹ උතුරු ප‍්‍රදේශවලට හෙරොයින් තොග බෙදාහරින කණ්ඩායම්වල සක‍්‍රීය භාවය නොමැතිවීම මෙම හිඟයට හේතුව බව පොලිස් ආරංචි මාර්ග පවසයි.
 
Related Posts with Thumbnails