Ads 468x60px

.

කැකිරාවට කඩා වැදුණු ඇතා ගෙවත්තක නැවතිලා


කැකිරාව, තිබ්බොටුවාව ප්‍රදේශයෙන් මාර්ගයට පැමිණි ඇතා මේ වනවිට විශාල ගෙවත්තක නැවතී සිටින බව වනජීවි නිලධාරීන් පවසයි. ගනේ වල්පොල, ගජමිතුරු කාර්යාලයේ වන සත්ත්ව අඩවි සහකාර කේ.කේ. දයානන්ද පැවසුවේ පොලිසිය සහ වනජීවි නිලධාරීන් ඇතා යළි මාර්ගයට පිවිසීම වැළැක්වීම සඳහා කටයුතු කරමින් සිටින බවයි.

ඇතා නිර්වින්දනය කිරීම සඳහා මේ වනවිට පශු වෛද්‍යවරයෙකු එම ස්ථානයට පැමිණෙමින් සිටින බව කේ.කේ.දයානන්ද සඳහන් කළේය.
මෙම ඇතාගේ ඇස් අඳවීම හේතුවෙන් මෙලෙස මාර්ගයට පැමිණ ගමන් කරන්නට ඇති බව වනජීවි නිලධාරින් සැකපල කරති.අද පෙරවරුවේ දඹුල්ල කැකිරාව ප්‍රධාන මාර්ගයේ ගමන් ගත් එම ඇතා එහි ධාවනය වූ වාහන කිහිපයකට හානි සිදු කළේය.පොලිසිය පැවසුවේ මේ හේතුවෙන් එම මාර්ගයේ වාහන ධාවනය තාවකාලිකව නතර කිරීමට සිදු වූ බවයි.ඇතා මාර්ගයට පැමිණීමත් සමග ප්‍රදේශයේ දැඩි නොසන්සුන් තත්ත්වයක් ද හට ගැනිණි.

පොලිසිය පැවසුවේ මේ වන විට යළි එම මාර්ගයේ වාහන ධාවනය ආරම්භ කර ඇති බවයි.




 
Related Posts with Thumbnails