කලා කටයුතුවලින් ඉවත් වුවත් නිවේදන කටයුතු වලින් ඉවත් නොවන බව අයේෂා පවසයි


නිරූපිකාවක්, රංගන ශිල්පිණියක් හා නිවේදිකාවක් ලෙස පේ‍්‍රක්‍ෂකයන් අතර ජනාදරයටපත් අයේෂා සඳමාලි කාලා ක්ෂේත‍්‍රයේ වැඩවලින් ඉවත්වීමට තීරණය කර ඇතැයි වාර්තා වේ. පෞද්ගලික ආයතනයක අධ්‍යක්‍ෂවරියක් ලෙස සේවය කිරීමට එක්වීමත් විවාහවීමත් යන කාරණා හේතුවෙන් තමා කලාවෙන් ඈත්ව සිටීමට තීරණය කල බව අයේෂා පවසන්නීය.


කෙසේවුවද රණවිරු රියල් ස්ටාර්ස් තරගයේ නිවේදන කටයුතු කළ අයේෂාට එහි දෙවැනි අදියරේ නිවේදන කටයුතු සඳහාආරාධනා ලැබී ඇතැයිපැවසේ.තමා කලා කටයුතුවලින් ඉවත්වුවද නිවේදන කටයුතුවලින් ඉවත් නොවන බවඅයේෂා පවසන්නීය.