Ads 468x60px

.

අද (30) රාත‍්‍රී 12 පසුවී ගත වන පළමු තත්පරය තුළ බිලියන හතේ දරුවා උපදි

අද (30) රාත‍්‍රී 12 පසුවී ගත වන පළමු තත්පරය තුළ දී උපදින දරුවා සමඟ ලෝක ජනගහනය බිලියන 07 ක් බවට පත් වනු ඇත.
මෙම වැදගත් සන්ධිස්ථානය සැමරීම සඳහා එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල විසින් බිලියන 07ක ජනගහණ ක‍්‍රියාකාරීත්ව වැඩසටහන මුළු ලෝකය පුරා ක‍්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.


කොළඹ කාසල් වීදියේ කාන්තා රෝහලේ අද (30) මධ්‍යම රාත‍්‍රියේ උපදින දරුවන් වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍ය මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රදානත්වයෙන් විශේෂ උත්සවයක් පැවත්වීමට කටයුතු සංවිධානය කර තිබේ.මෙම අසිරිමත් අවස්ථාව සැමරීම සඳහා ලෝකයේ සෑම රටක්ම ඔවුන්ගේ ප‍්‍රධාන මාතෘ හා ළමා රෝහල්වල උපදින දරුවන් වෙනුවෙන් විශේෂ වැඩසටහන් ක‍්‍රියාත්මක කරනු ඇත.

ජගත් සංවිධාන මහලේකම් බැන් කී මුන් ප‍්‍රකාශ කළේ, විෂමතාවන්ගෙන් පිරි ලෝකය තුළ සහයෝගයෙන් ජීවත් වීමේ අභියෝගයට බිලියන 7 ඉක්ම වූ ලෝක ජනතාව මුහුණ දෙනු ඇති බවයි.
ලෝක ජනගහණය ඉහළ යාමේදී දුප්පත්කමේ බෙදීම අවම කරවීමේ අබියෝගයඉදිරිපත්වන බව මූන් මහතා පවසා තිබේ.කෙසේ නමුත්, ජගත් මහලේකම්වරයා සඳහන් කළේ ලෝක ජනගහණය කෝටි 700 ක් දක්වා ඉහළ යෑම සිනහවට කරුණක් නොවන බවද ඔහු සඳහන් කර ඇත.

මෙම අවස්ථාව සංඛේතවත් කිරීමට ලොව රටවල් රසක් සූදානම්ව සිටී.සැම්බියාවේ ඒ සඳහා බිලියන හතේ ගීත තරගයක් සංවිධානය කර ඇති අතර, වියට්නාමයේ සෙවන් බී නමින් දැවැන්ත සංදර්ශනයක් පැවැත්වෙනවා. රුසියාවේ අද (30) මැදියම් රෑ උපදින දරුවන්ට තෑගි පිරිනැමෙන අතර, අයිවරිකෝස්ට් රාජ්‍යයේ කාන්තා රෝහල්වල විකට සංදර්ශන සැලසුම් කර තිබෙනවා.

1999 වසරේ ඔක්තෝබර් 12 වැනිදා ලෝක ජනගහණය කෝටි 600 ක් වූ අතර, එදින උපත ලැබූ බිලියන හයේ දරුවා නම් කිරීමක් ද සිදුවිය.දුප්පත් පවුලක උපන් බොස්නියානු දරුවෙකු එලෙස බිලියන හයේ දරුවා ලෙස නම් කෙරුණු අතර, සරයේවෝ නුවර රෝහලකට ගොස් එම දරුවා පිළිගත්තේ එවකට ජගත් මහලේකම්වරයා වූ කොෆි අන්නන් මහතා විසිනි.වර්තමාන ලෝක ජනගහන වර්ධන වේගයට අනුව වසර 2100 දී ලෝක ජනගහනය බිලියන 10 එනම්, කෝටි දහස ඉක්මවනු ඇතැයි අපේක්‍ෂා කෙරේ.
 
Related Posts with Thumbnails