Ads 468x60px

.

මහසොහොනා, රිරී යකා, කත්‍රා මැඩලීමට Honey Pot

ශ්‍රී ලංකාවේ මේවන විට පරිගණක වෛරස් නිර්මාණය කිරීම ඉහළ ගොස් ඇති අතර විවිධ නම්වලින් හඳුන්වනු ලබන මෙම වෛරස් මගින් සිදු කරනු ලබන්නේ සාමාන්‍ය ආකාරයෙන් පවත්වාගෙන යන පරිගණක වැඩසටහන් සඳහා බාධා එල්ල කිරීමේ සිට පරිඝනක පද්ධති විනාශ කිරීම රටක යටිතල ව්‍යූහයන් විනාශ කිරීමටහැකියාව පවතී.
වර්තමානයේ  නොයෙකුත් සොර මැරකම් සහ අපචාරයන් සයිබර් අවකාශය ඔස්සේ සිදුවේ. එකී ගැටළුකාරී තත්ත්වයන්ගෙන් මිදී සිය දත්තයන් ආරක්‍ෂා කර ගැනීම සඳහා යාන්ත්‍රණයක් (Honey Pot) වශයෙන් වෛරස් ගාඩයක් හඳුන්වා දීමට Eset ආයතනය පියවර ගෙන ඇත.
අනුව ESET SMART SECURITY 5 සහ NoD 32 Antivirus 5 හඳුන්වාදීම කොළඹ දී පසුගිය 22 දා සිදුවිණි.

ශ්‍රී ලංකාවේ නිර්මාණය කෙරෙන්නාවූ මහසොහොනා, රිරී යකා, කත්‍රා යන නාමයන්ගෙන් හදුන්වනු ලබන සියළුම වෛරස් විනාශ කිරීම වෙනුවෙන් සහ ලෝකයේ ඕනෑම තැනක නිර්මාණය කෙරෙන පරිගණක වෛරසයක් ග්‍රහණය කර ගැනීමේ හැකියාව මෙම වෛරස් ගාඩය සතුවේ.එසේම USB මගින් හෝ CD වැනි දෘඩාංග මගින්පරිගණකයට ඇතුළුවන වෛරස් ග්‍රහණය කර ගැනීමේ හැකියාවමෙයට පවතී.
 
Related Posts with Thumbnails