Ads 468x60px

.

වසර 11 කට වරක් එළෙඹෙන සූර්ය ක්‍රියාකාරිත්වයේ සූර්යයාගේ විශාලතම හිරු ලපය පෘතුවිය දෙසට හැරේ…..

සූර්යයාගේ මෙතෙක් නිරීක්ෂනය කර ඇති විශාලතම සූර්ය ලපය මේ වන විට කෙලින්ම පෘතුවිය දෙසට හැරී ඇති බව නිරීක්ෂනය කර තිබේ. ක්‍රියා කාරි ප්‍රදේශ අංක 1339 (Active Region 1339 ) යන නමින් හඳුන්වන ප්‍රදේශය සහ ඊට යාබද සූර්ය ලප පොකුරේ විශ්කම්භය කිලෝ මීටර 100 000 ටත් වඩා වැඩි වන අතර එම එක් තනි සූර්ය ලපයක ප්‍රමාණය පෘතුවියේ ප්‍රමාණයටත් වඩා විශාල වේ.මේ වනවිට; වසර 11 කට වරක් එළෙඹෙන සූර්ය ක්‍රියාකාරිත්වයේ උපරිම අවධියේ පවතින සූර්යයා මධ්‍යම ප්‍රමාණයේ සිට විශාල ප්‍රමාණය දක්වා වූ විවිධ ප්‍රමාණ වල ගිනි සිළු මේ වනවිටත් නිකුත් කර ඇති අතර තවත් එවැනිම හෝ ඊට වඩා ප්‍රභල ගිනි සිළු නිකුත් කිරීමේ හැකියාවෙන් යුක්ත වේ.කෙසේ නමුත් මේ කාලය සූර්ය නිරීක්ෂකයන්ට නම් ඉතා සුභ කාලයක් බව නිසකැයි.සූර්යයාගේ මේ ක්‍රියාකාරිත්වය නිසා අලංකාර ඌෂාලෝක (අවුරෝරා) දැකගැනීමේ හැකියාවක්ද අපිට උදාවනු ඇත. spaceweather.com වෙබ් අඩවියට අනුව පසුගිය 9 වනදා 1342-1343 යන සූර්ය ලප ආශ්‍රිතව සූර්ය ගිනි සිළුවක් (M1 වර්ගයේ) පෘතුවිය දෙසට නිකුත් වූ අතර එය අද (11) හෝ හෙට (12) වන විට දීප්තිමත් ඌෂාලෝකයක් ඇති කරමින් පෘතුවිය දෙසට ළඟා වනු ඇති.

 

 

 
Related Posts with Thumbnails