ෆේස් බුක් අපචාර සම්බන්ධයෙන් මේ වනවිට පැමිණිලි 1600කට අධික සංඛ්‍යාවක් ලැබී ඇතැයි ශ්‍රී ලංකා පරිගණක හදීසි ප්‍රතිචාර සංසදය පවසයි. එහි ජ්‍යෙෂ්ඨ තොරතුරු ආරක්ෂක ඉංජිනේරු රෝහණ පල්ලියගුරු පැවසුවේ ව්‍යාජ ෆේස්බුක් ගිණුම් සම්බන්ධයෙන් වැඩි පැමිණිලි සංඛ්‍යාවක් ලැබී ඇති බවය.අදාල පැමිණිලි මත එම ගිණුම් අත්හිටුවීමට පියවර ගත් බව ඔහු පැවසීය.
