Ads 468x60px

.

2012 අයවැය විරෝධයට කඳුළු ගෑස් ප්‍රහාරයක්

සමාජවාදී තරුණ සංගමය සංවිධානය කළ උද්ඝෝෂණයට මීට ටික වේලාවකට පෙර පොලිසිය කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළේය.2012 අයවැයට විරෝධය දැක්වීමේ අරමුණින් මෙම විරෝධතාව කළ බව සංවිධායකයින් පවසයි. විරෝධතාකරුවන් පැවසුවේ කොළඹ ටෙක්නිකල් මංසන්ධියේ සිට මුදල් අමාත්‍යාංශය වෙත යාමටය.කදුළු ගෑස් ප්‍රහාරය එල්ල වුණේ කොළඹ, කොටුව ලේක්හවුස් වටරවුම අසළදීය.



නොසන්සුන් තත්ත්වයෙන් තුවාල ලැබූ 4ක් ජාතික රෝහලට
කොළඹ, ලේක්හවුස් මංසන්ධියේ ඇති වූ නොසන්සුන් තත්ත්වයෙන් තුවාල ලැබූ හතර දෙනෙකු කොළඹ ජාතික රෝහලට ඇතුලත් කළ බව හදීසි අනතුරු ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රසාද් ආරියවංශ පවසයි.ඔහු සඳහන් කළේ මෙම පිරිස අතර එක් පොලිස් නිලධාරියෙකු ද සිටින බවය.මේ අතර කොළඹ, කොටුව සෙරමික් හන්දිය ප්‍රදේශයේ පැවැත්වෙන උද්‍ඝෝෂණය හේතුවෙන් ඕල්කොට් මාවතේ දැඩි වාහන තදබදයක් පවතින බව ද පොලිස් හදීසි ඇමතුම් ඒකකය පවසයි.

කොළඹ, ඕල්කොට් මාවතේ දැඩි වාහන තදබදයක්
කොළඹ, කොටුව සෙරමික් හන්දිය ප්‍රදේශයේ පැවැත්වෙන උද්‍ඝෝෂණය හේතුවෙන් ඕල්කොට් මාවතේ දැඩි වාහන තදබදයක් පවතින බව පොලිස් හදීසි ඇමතුම් ඒකකය පවසයි.පොලිසිය ප්‍රකාශ කළේ විරෝධතාකරුවන් නොසන්සුන් ලෙස හැසිරීම හේතුවෙන් මෙම තත්ත්වය උද්ගතව ඇති බවය.මේ අතර මීට ටික වේලාවකට පෙර සමාජවාදී තරුණ සංගමය සංවිධානය කළ උද්ඝෝෂණයට පොලිසිය කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළේය.

තුවාල ලැබූ 15ක් රෝහලට
සමාජවාදී තරුණ සංගමය සංවිධාන කළ උද්ඝෝෂණයකට අද සවස පොලීසිය කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළේය.විරෝධතාව පැවැත්වුණේ, 2012 අයවැයට විරෝධය දැක්වීමේ අරමුණිනි.කොළඹ ටෙක්නිකල් මංසන්ධියේ සිට මුදල් අමාත්‍යංශය වෙත යෑමට විරෝධතාකරුවන් පැමිණියේය. විරෝධතාකරුවන්ට පොලිස් කඳුළුගෑස් ප්‍රහාර එල්ල වුණේ, කොළඹ ලේක්හවුස් වටරවුම අසළදීය.පොලිසිය පැවසුවේ විරෝධාකරුවන් නොසන්සුන් ලෙස හැසිරුණු බවය.එම නොසන්සුන්තාව හේතුවෙන් තුවාල ලැබු පුද්ගලයින් 15 දෙනෙකු කොළඹ ජාතික රෝහලට ප්‍රතිකාර ලබා ගැනිම සදහා පැමිණි බව එම රෝහලේ හදිසි අනතුරු අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රසාද් ආරියවංශ සඳහන් කළේය.පොලිස් නිලධාරීන් 7 දෙනෙකු හා සිවිල් වැසියන් දෙදෙනෙක් මේ වනවිට නේවාසිකව ප්‍රතිකාර ලබන බව ද වෛද්‍ය ප්‍රසාද් ආරියවංශ පවසයි.




 
Related Posts with Thumbnails