Ads 468x60px

.

අධිවේගයේ ගතවූ පැය 48 තුල වාහන විසි පන්දහසක්

දක්ෂිණ අධිවේගී මාර්ගය විවෘත කර ගතවූ පැය 48 තුල එම මාර්ගයේ රථවාහන විසි පන්දහසකට ආසන්න ප‍්‍රමාණයක් ගමන්කර ඇතැයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා සඳහන් කරයි. ඒ අතරින් අනතුරට ලක්වූයේ එක් වාහනයක් පමණක් බවද ඔහු කියා සිටී.පදිකයන් නොමැතිවීම, ත‍්‍රීරෝධ රථ සහ යතුරුපැදි ධාවනය නොවීම, පෞද්ගලික මගී වාහන අතර තරගයක් නොමැතිවීම අනතුරු අවමවීමට බලපාන කරුණු බවද මාධ්‍ය ප‍්‍රකාශකවරයා පෙන්වා දේ.

මාර්ගයේ ගමන්කරන සියලූම රථවාහනවල වේගය පරිගනක ආශ‍්‍රයෙන් ගණනය කරන  බවත් වේගසීමා ඉක්මවූ රියදුරන්ට අධිවේගී මාර්ගයෙන් පිටවන රියදුරන්ට දඩ කොල ලබාදෙන බවත් ඒ මහතා වැඩිදුරටත් පවසයි.මේ අතර එම මාර්ගයෙහි දෙවැනි අනතුර සිදුව ඇත්තේ කොට්‌ටාවට ආසන්න ප්‍රදේශයේදී බීමත් රියෑදුරකු නිසා බවද සභාපතිවරයා කීය.

එම පුද්ගලයා සම්බන්ධව නීතිමය පියවර ගන්නා අතර සිදුවූ අලාභයද අයකර ගැනීමට කටයුතු කරන බවද එම අනතුර හේතුවෙන් මාර්ග සංඥ දක්‌වන කණුවකට අලාභහානි වූ බවද හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.


මේ අතර එම අධිවේගී මාර්ගයේ සුනඛයන් බහුල වශයෙන් ගැවසීමෙන් එම මාර්ගය පරිහරණය කරන්නන්ගේ ජීවිතවලට දැඩි අනතුරුදායක තත්ත්වයක්‌ ඇතිවී තිබෙන බව රියෑදුරෝ පවසති.

කහතුඩුව හා පින්නදූව දක්‌වා කිලෝ මීටර් 95 ප්‍රමාණයේ සෑම කිලෝ මීටරයකම පාහේ මෙම සුනඛයන් රංචු පිටින් හා තනි තනිව ගැවසෙන බව පවසන රියෑදුරෝ කුඩා වාහනවල ගමන් ගන්නා අයට මෙය දැඩි අනතුරුදායක බව පවසති.
 
Related Posts with Thumbnails