Ads 468x60px

.

භාරත ඝාතන සැකකාර 'තත්පර කට්‌ටා' සන්නද්ධ කණ්‌ඩායමක්‌ විසින් පැහැර ගනී

හිටපු මන්ත්‍රී භාරත ලක්‌ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු සිව් දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ තවත් ප්‍රධාන සැකකරුවකු බව කියන වැවේ ප්‍රියන්ත නොහොත් "තත්පර කට්‌ටා" නමැත්තා මින්නේරිය දියබෙදුම නෑහින්න ප්‍රදේශයේ සැඟවී සිටියදී නාඳුනන සන්නද්ධ කණ්‌ඩායමක්‌ විසින් ඊයේ (11 වැනිදා) පැහැර ගෙන ගොස්‌ ඇත. මෙම සැකකරු ගලබඩ යන නමින්ද පෙනී සිටි අතර මිනීමැරුම්, කොල්ලකෑම් ඇතුළු අපරාධ ගණනාවකට සම්බන්ධ අයෙකි. මොහු සමඟ සිටි තවත් පුද්ගලයකුද නාඳුනන පිරිස විසින් පැහැරගෙන ගොස්‌ තිබිණි. භාරත ලක්‌ෂ්මන් මහතා ඇතුළු සිවුදෙනා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මෙම සැකකරුට එරෙහිව කෙළින්ම චෝදනා එල්ල වී තිබූ බව පොලිස්‌ ආරංචි මාර්ග කියා සිටියේය. පරීක්ෂණවලදී හෙළිවී තිබූ අන්දමට භාරත ලක්‌ෂ්මන් මහතාට සහ ආධාර කරුවන් තිදෙනාට වෙඩි තබා ඇත්තේ තත්පර කට්‌ටා, දෙමටගොඩ චමින්ද සහ සරත් බණ්‌ඩාර යන සැකකරුවන් විසින්ය.

තත්පර කට්‌ටා මෙම වෙඩි තැබීම සිදුකර ඇත්තේ පිස්‌තෝලයකින් බවද හෙළිදරව් වී තිබිණි. මුල්ලේරියාවේ සිද්ධියෙන් පසු තත්පර කට්‌ටා කොළඹ ප්‍රදේශය අතහැර පළාගොස්‌ තිබිණි. ඉන්දියාවට පැනගොස්‌ සිටි දෙමටගොඩ චමින්ද පොලිස්‌ අත්අඩංගුවට පත්වූ අතර සරත් බණ්‌ඩාර නමැති සැකකරු පොලිසිය වෙත භාර විය. තත්පර කට්‌ටාගේ උපන්ගම මින්නේරිය දියබෙදුම නෑහින්න ප්‍රදේශය වන අතර මොහු මුල්ලේරියා සිද්ධියෙන් පසු මින්නේරියට පැනගොස්‌ සැඟවී සිට ඇත. පාතාල ලෝකයේ දරුණු අපරාධ කල්ලියක්‌ වූ ඇට ඉන්දික සහ තොප්පි චමින්ද මෙහෙයවූ කණ්‌ඩායමේ ප්‍රබලයකුව සිටි තත්පර කට්‌ටා පසුව කරාටේ ධම්මිකගේ පාතාල කල්ලියට එක්‌වී තිබේ.

 
Related Posts with Thumbnails