Ads 468x60px

.

ප්‍රසිද්ධ තරුවක් හෙරොයින් සමග මාට්ටු

මහරගම පැරකුම් මාවතේ පිහිටි මත්කුඩු අලෙවි මධ්‍යස්ථානයකින් හෙරොයින් මිල දී ගෙන පානය කිරීම සඳහා යමින් සිටියදී ප්‍රසිද්ධ ගායකයෙකු සහ ඔහු සමග සිටි ජනප්‍රිය වාද්‍යය ශිල්පියෙකු පොලිස් අත්අඩංගුවට පත්ව ඇත.මොවුන් දිගු කලක් ඔස්සේ මෙම ස්ථානයට එන බවට ලැබුන තොරතුරක් මත මෙම වැටලීම සිදුකොට ඇත.ඔවුන් දෙදෙනා අත්අඩංගුවට පත් වුවත් හෙරොයින් බෙදාහැරි මධ්‍යස්ථානයේ කාන්තාව එම ප්‍රදේශයෙන් පලාගොස් ඇත.
අත්අඩංගුවට පත් ගායකයා නිශ්චිතවම අප වෙත වාර්තා වී නොමැති හෙයින් ඔහුගේ නම මෙම ලිපියේ හෙළි නොකරන අතර ඔහු නැසීගිය ජනප්‍රිය ගායකයෙකුගේ පුතෙකු වන අතර පියාගේ ගීත ගැයීම සම්බන්ධයෙන් ජනප්‍රියත්වයට පත්ව සිටියේය.ඔහුගේ සහෝදරයාද ගායකයෙකි. 


 Updated
පසුගිය දවස්වල වෙබ් අඩවි පුරා නැසීගිය ප්‍රවීණ ගායකයෙකුගේ පුතෙකු වන ගායකයෙකු හෙරොයින් සමග මහරගම ප්‍රදේශයේදී අත්අඩංගුවට පත්වූ බව ප්‍රකාශ විනි.මොහු කව්රුන්ද?සැමගේ ප්‍රශ්නය වුයේ එයයි.වාර්තා වන පරිදි ඔහු ප්‍රවීණ ගායකයෙකු වන මර්වින් පෙරේරාගේ පුත් සොහාන් පෙරේරායි.ඔහු වර්තමානයේ ප්‍රසිද්දව සිටින ගායකයෙකු වන අමල් පෙරේරාගේ සහෝදරයෙකි.මහරගම ප්‍රදේශයේ පිහිට තිබෙන මත් කුඩු අලෙවි කරන ස්ථානයකින් මත් කුඩු මිලට ගෙන නැවත මිතුරෙකු සමග පැමිණෙමින් සිටියදී මෙලෙස අත්අඩංගුවට පත් වූ බව පැවසේ.මෙම ස්ථානය කාන්තාවක් විසින් පවත්වාගෙන ගිය එකක් බවත් මෙම වැටලීම කනට වැටුණු මෙම කාන්තාව එම ප්‍රදේශයෙන් පලා ගොස් ඇති බවත් වාර්තා වේ.එමෙන්ම ඔහු කාලයක් තිස්සේ මතට ඇබ්බැහිව සිටි අයෙක් බවද වාර්තා වේ.තවදුරටත් මේ බව පරීක්ෂණ කටයුතු මෙහෙයවන බව සැලයි.
 
Related Posts with Thumbnails