Ads 468x60px

.

සිසුවියක දියේ ගිල්වා සිහිසුන් කර දූෂණය කරයි

බාලවයස්කාර පාසල් සිසුවියක දියේ ගිල්වා සිහිසුන්කර දූෂණය කළ බවට චෝදනා ලැබ සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ සැකකරුවෙකු දෙසැම්බර් මස (12) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අනුරාධපුර අතිරේක මහේස්ත්‍රාත් චන්දිම එදිරිමාන්න මහතා නියෝග කළේයරක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ දහයේ ඇළ හිදෝගම ලිපිනයේ තාවකාලිකව පදිංචි ස්ථිර ලිපිනයක් නොමැති අනුරාධපුර නගරයේ ව්‍යාපාරික ස්ථානයක බර උසුලන්නෙකු වන (නාට්ටාමි) ප්‍රසන්න සම්පත් උදයකුමාර (24) යන අයයි.
සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු ඉදිරිපත් කළ සැරයන් ප්‍රීතිරත්න මහතා කියා සිටියේ හිදෝගම පොලිස් වසමේ පාසලක ඉගෙනුම ලබන දැරිය පාසල් ඇරී නිවසට පැමිණෙමින් සිටියදී ඇය ගමන් ගත් පාපැදිය අනතුරට ලක් කළ සැකකරු ඇයව උස්සාගෙන මහ නෙළුබෑව වැවට රැගෙන ගොස් දෙවරක් දියේ ගිල්වා පසුව ඇය සිහිසුන් වූ අවස්ථාවේ අසල වූ පන් ගාලක් තුළට රැගෙන විත් මෙම අපරාධය සිදුකර දැරියගේ පාසල් පොත් බෑගය හා ඇගේ පාපැදිය වැවට විසිකර දමා දැරිය මිය යන්නට ඇති බව සිතා පලාගොස් ඇති බවයි.

දූෂණයට ලක්වූ දැරිය සිහිය පැමිණීමෙන් අනතුරුව පා ගමනින් වැනි වැනී නිවසට යද්දී රාජකාරි කටයුත්තකට යමින් සිටි හිදෝගම පොලිසියේ රථවාහන අංශයේ පොලිස් කොස්තාපල් (33894) අසංක මහතා දැරිය මාර්ගයේ ගමන් කරන ආකාරය දැක සැක සිතී රථය නවතා දැරියගෙන් විමසීමක් කළ අවස්ථාවේ මෙම සිද්ධිය පවසා ඇති අතර පාසල් නිල ඇඳුමේ ලේ තැවරී තිබෙන අයුරු ද දැක වහාම දරුවා පොලිසියට රැගෙන විත් උසස් නිලධාරීන්ගේ උපදෙස් මත දරුවාගේ දෙමාපියන්ට දැන්වූ බවත් පොලිසිය අධිකරණයට දැන්වීය.

පසුව ප්‍රදේශයේ ගමන් ගත් අයගෙන් ලබාගත් තොරතුරුවලට අනුව සැකකරුගේ තාවකාලික නිවසට ගොස් පරීක්ෂා කිරීමේදී ඔහුගේ ඇඳුම් පැළඳුම්වලින් ඔහු අපරාධයට සම්බන්ධ බවට අනාවරණය කරගත් බවත් පලාගොස් සිටි සැකකරු අනුරාධපුර නගරයේ සැරිසරමින් සිටියදී අත්අඩංගුවට ගත් බවත් පොලිසිය අධිකරණයට දන්වා සිටි අතර කොස්තාපල් අසංක මහතාගේ විමසිලිමත්කම හේතුවෙන් අහිංසක දැරියකගේ ජීවිතය බේරාගැනීමට හැකිවූ බවත් දන්වා සිටියේය. මේ වන විට දස හැවිරිදි දැරිය අනුරාධපුර ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන අතර කිසිදු ප්‍රකාශයක් ලබාගැනීමට නොහැකි වූ බවත් අධිකරණයට වැඩිදුරටත් දන්වා සිටියේය.

සැකකරුට එරෙහිව පැහැරගෙන යාම, මිනී මැරීමට තැත්කිරීම හා ස්ත්‍රී දූෂණයක් සිදුකිරීම සම්බන්ධයෙන් චෝදනා ගොනු කර තිබුණි. අනුරාධපුර වැඩබලන පොලිස් අධිකාරී රාජා වික්‍රමනායක මහතාගේ උපදෙස් මත හිදෝගම පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නිලංග ප්‍රනාන්දු මහතාගේ මෙහෙයවීම මත සැරයන් වරුන් වන ප්‍රීතිරත්න මහතා හා ජයරත්න මහතා සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් කරුණු කීය.  
 
Related Posts with Thumbnails