Ads 468x60px

.

සිරස රූපවාහිනී නාලිකාවේ දිගන්තයෙන් ලෝචනා ඉවතට

සිරස රූපවාහිනී නාලිකාවේ ‘දිගන්තය’ වැඩසටහන මෙහෙයවන ලද ලෝචනා ඉමාෂි ඉන් ඉවත්වී ඇතැයි වාර්තා වේ.තමා මේ තීරණය ගනු ලැබුවේ පෞද්ගලික ජීවිතයේ යහපත උදෙසා බව ඇය පවසන්නීය.එම නාලිකාව ඔස්සේ සතියේ දින පහේ ම උදෑසන 11.00 සිට දහවල් 12.00 දක්වා විකාශයවූ ‘දිගන්තය’ වැඩසටහන ලෝචනා විසින් වසර 4කට ආසන්න කාලයක් මෙහෙයවූවාය.එසේම ඇය විසින් ඉදිරිපත් කළ ‘මැජික් බොක්ස්’ වැඩසටහනපේ‍්‍රක්‍ෂකයන් අතර ජනපි‍්‍රයත්වයට පත්වූ එකකි.
සිරසෙන් ඉවත්වූ ලෝචනා මේ දිනවල වේදිකා නාට්‍ය කිහිපයකට සම්බන්ධවී ඇති බවත් මේ අතර වාර්තා වේ.වජිර ඉන්දිකගේ වේදිකා නට්‍යක් සඳහාත් රවීන්ද්‍ර විජේරත්නගේ පළමු වේදිකා නාට්‍ය වන ‘සංක‍්‍රාන්තිය’ නැමැති වේදිකා නට්‍ය සඳහාත් ඇය එක්ව ඇතැයි පැවසේ.මීට අමතරව ආර්. ආර්. සමරකෝන් මහතාගේ දූවිලි වේදිකා නාට්‍ය සඳහාඇය රංගනයෙන් දායකවී තිබේ.ලෝචනා පසුගිය කාලයේදී රවීන්ද්‍ර විජේරත්නගේ ‘සඳ පිණි බිඳක’ ටෙලි නාට්‍ය සඳහාත් ‘අභිනික්මන’ චිත‍්‍රපටය සඳහාත් රංගනයෙන් දායකවූවාය.

සියලුම ජායාරූප බලන්න මෙතන ක්ලික් කරන්න.
 
Related Posts with Thumbnails