පියුමි - අමිල ප‍්‍රදීපාගාරයක තනිවෙලා

ජනපි‍්‍රය නිළි පියුමි බොතේජු හා ජනපි‍්‍රය නළු අමිල අබේසේකර පසුගිය දිනක මාතර දෙවුන්දර පිහිටි ප‍්‍රදීපාගාරයේ තනිවී සිටි බව වාර්තා වේ.
මොවුන් මෙලෙස තනිවී ඇත්තේ හර්බට් රංජිත් පීරිස් විසින් අධ්‍යක්‍ෂණය කරන ලද ‘එක්ටම් ගේ’ සිංහල චිත‍්‍රපටය ටෙලිනාට්‍යකට නැගීමේ රූගත කිරීමක් සඳහා බව පැවසේ.ඉරේෂ් ලොකුබණ්ඩාර ‘එක්ටැම් ගේ’ටෙලියේ අධ්‍යක්‍ෂවරයා ලෙස කටයුතු කරන අතර පසුගියදා එහි අඩංගු ගීතයක රූගත කිරීම් දෙවුන්දර ප‍්‍රදීපාගාරයේදී සිදු විය.
හර්බට්ගේ සිනමා පටයේ රගපෑ ප‍්‍රවීන රංගධරයන් වන ජෝ අබේවික‍්‍රමගේ චරිතයට රොජර් සෙනවිරත්න ද, රවින්‍ද‍්‍ර රන්දෙණියගේ චරිතයට අමිල අබේසේකරමාලිනී ෆොන්සේකාගේ චරිතයට පියුමි බොතේජු ද මෙම ටෙලි නාට්‍යයේදී පණ පෙවීමට නියමිතය.මෙම ටෙලියේ නිෂ්පාදකයා ලෙස සෙනුර හෝල්ඩිංග්ස් පෞද්ගලික සමාගමේ අධිපති ජයලත් පීරිස් ඉදිරිපත්වී සිටී.සහය අධ්‍යක්‍ෂ ලෙස නියුටන් ගුණරත්න හා කැමරාකරණයෙන් ගාමිණී සුසන්ත ‘එක්ටැම් ගේ’ ටෙලියට දායක වෙති.