Ads 468x60px

.

ජිනාගේ ගණිකාවන් සියල්ල නිදොස්

කොල්ලූපිටියේ සුපිරි ගණිකා නිවාසයක් වටලා ජිනා මැඩම් සහ ඇගේ සහචර ගණිකාවන් පස් දෙනෙකු අල්ලාගනු ලැබුවේ පසුගිය වසරේ දෙසැම්බර් මාසයේය නමුත් ගණිකාවන් ලෙස මඩමක සේවය කිරීම වරදක් ලෙස නොසලකන බැවින් ජිනා මැඩම්ගේ සහායක කාන්තාවන් සියල්ලට අධිකරණයෙන් නිදහස හිමිව තිඛෙනවා.ලංකාවේ පවත්නා නීතිය අනුව ගණිකා නිවාස ආඥා පනතේ 2 (අ) වගන්තිය අනුව ගණිකා නිවාසයක් පවත්වා යාම කළමනාකරණය කිරීම හා ඊට සහයවීම යන චෝදනා යටතේ කෙනෙකු වරදකරුවෙකු බවට පත් කළ හැකි වුවත් පුරුෂයින් හා එක්කිරීමේ අරමුණින් ගණිකා නිවසක රඳවා සිටින
තැනැත්තියන් වරදකරුවන් කළ නොහැකි යයිද එබැවින් කොල්ලූපිටිය ලිබර්ටි ප්ලාසාහි පවත්වාගෙන ගිය ගණිකා නිවාසයේ සිටියදී අල්ලාගත් සියලූම කාන්තාවන් නිදොස් කර නිදහස් කරන බවද කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය නියෝග කරවනු ලැබුවා.


ඒ අනුව මෙම නඩුවේ ප්‍රධාන සැකකාරිය වූ රෝස්මරී ජූඩ් පෙරේරා හෙවත් ජිනා මැඩම් තවදුරටත් සිරගතව සිටියදී ඇය යටතේ ගණිකාවන් ලෙස සේවය කළ සියලුම කාන්තාවන්ට නිදහස ලැබුණා’කොළඹ කොල්ලූපිටියේ ලිබර්ටි ප්ලාසාහි 7-8 තට්ටුවල වසර 20ක පමණ කාලයක සිට ප්‍රසිද්ධ රහසක් ලෙස පවත්වාගෙන ගිය ජිනා මැඩම්ගේ සුපිරි ගණිකා නිවාසය රටේ ප්‍රසිද්ධ නම ගිය පුද්ගලයින්, ව්‍යාපාරිකයින්ගේ ජනප්‍රිය ස්ථානයක් බවට පත්ව තිබුණා’ එක් වරකට කාන්තාවක සඳහා දස දහසේ සිට ඉහළ මිල ගණන් ගෙවා තිබූ අතර මෙම නිවාසයේ සේවය කළ කාන්තාවකගේ දිනක ආදායම රුපියල් 75000 ක්පමණ වූ බවත් ඉන් සියයට 10ක් අයිතිකාරියට ගෙවූ බවත් කියැවුනා’

 එම ගොඩනැගිල්ලේ නිවාස 10ක් ජිනා මැඩම් සතුවූ අතර ඒවාට මසකට ලක්ෂ 30ක කුලී ගෙවා තිබුණා’
මෙම නිවාසයේ නිතර එන අයට ලක්ෂ 5-10-15 වශයෙන් පැකේජයන් සකසා තිබූ බවත් කාන්තාවන් සැපයීමට අමතරව කෑම මත්පැන් නවාතැන් පහසුකම්ද ලබාදුන් බවත් වාර්තා වුණා’මෙම නිවාසය වටලන අවස්ථාවේ පොලිසියට අල්ලාගන්නට හැකිවුනේ උස්ඛෙකිස්ථාන ජාතික කාන්තාවන් දෙදෙනෙකු හා ලංකාවේ කාන්තාවන් තිදෙනෙකුය. ජිනා මැඩම් පසුව පොලිසියට භාරවී තිබුණා’පසුගියදා ලබාදුන් තීන්දුව අනුව ජිනා මැඩම් හැර ගණිකාවන් ලෙස සේවය කළ මෙම කාන්තාවන් පස්දෙනාට නිදහස ලැබුණා’ 
 
Related Posts with Thumbnails