අදාළ ටෙලි නාට්‍යය සඳහා මේනකව හා නෙහාරාව ඇමරිකාවට ගෙන්නා ගනු ලබන්නේ එහි නිෂ්පාදකවරයා වන ශී‍්‍ර ලාංකික ජාතික නීතීඳයෙක් වන අතර, ඔහු නෙහාරාගේ මාමා කෙනෙකි. මෙම සම්පූර්ණ සැලසුම මාමාගෙන් වසන් කිරීමට දෙදෙනාම දැඩි ලෙස ගිවිස ගෙන සිටී. මොවුන් දෙදෙනාගේම පළමු වෙනි විවාහයන් මේ වනවිට අවසාන අදියරේ පවතින තත්ත්වයක් යටතේ අලූත් පරිසරයක අලූත් ජීවිතයක් ඇරඹීම දෙදෙනාගේම එකම අපේක්‍ෂාව වන අතර, ටෙලි නාට්‍යය රූගත කිරීමෙන් අනතුරුව නැවතත් ලංකාවට පැමිණ මාස කිහිපයක් තුළ සියලූම ගිවිසුම් අවසන් කර දමා (ටෙලි නාට්‍ය සහ විවාහයන්) ඇමරිකාවේ ස්ථීර පදිංචියට යෑම ඔවුන්ගේ අරමුණයි.
