දීපාලි විජේසුන්දර මහත්මියගේ දූගේ මංගල උත්සවය


ජනාධිපතිවරයා සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් තමා බොහෝ කලක සිට සමීපව ඇසුරු කරන බව එහිදී ප‍්‍රකාශ කොට ඇති දීපාලි විජේසුන්දර විනිසුරුවරිය, ජනාධිපතිවරයා තම දියණියගේ මංගල උත්සවයට පැමිණීම සමහර වෙබ් අඩවි විකෘති කොට පළ කර ඇතැයිද චෝදනා කර ඇත.දීපාලි විජේසුන්දර විනිසුරුවරියගේ දියණියගේ විවාහ මංගලයේදී මනාලියගේ පාර්ශ්වය වෙනුවෙන් අත්සන් කිරීමට නියමිතව ඇත්තේ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතායි.
එසේම, එම විවාහ මංගල්‍යයේදී දීපාලි විජේසුන්දර මහත්මියගේ දියණියට ජනාධිපතිවරයා දෑවැදි තිළිණයක් වශයෙන් වටිනා මෝටර් රථයක්ද ලබාදුන් බව වාර්තා විය.දීපාලි විජේසුන්දර මහත්මියගේ දියණියගේ විවාහ මංගල්‍යය මේ දිනවල දේශපාලන ක්‍ෂෙත‍්‍රයේ මාතෘකාවක් වී ඇති බැවින්,එම මංගල උත්සවයට අදාළව අප විසින් පළ කළ ඡායාරූප කිහිපයක්.