කෙසේවෙතත්, මාර්ග සංවර්ධන අධිකාරියේ දකුණු අධිවේගී මාර්ගය සම්බන්ධයෙන් පත්කර ඇති උසස් නිළධාරියෙකු පැවසුවේ මෙම දින දෙක තුළදී ඇතැම් පුද්ගලයින් මාර්ගය අපවිත්‍ර කරමින් හැසිරී ඇති ආකාරය කණගාටුවට කරුණක් බවයි.
“සමහරුන් අධිවේගී මාර්ගයේ තියාගෙන මත්පැන් බීලා, බෝතල් මාර්ගයේ පොඩි කරදාල තිබෙනවා. ඒ වගේම ප්ලාස්ටික් බෝතල්, කැලි කසල මාර්ගයට දාල ගිහිල්ල තිබෙනවා. මේ නිසා, අපිට සිදුවෙලා තිබෙනවා මෙම අපද්‍රව්‍ය සුද්ධ කරන්න වෙනම මහන්සියක් ගන්න.“යනුවෙන් අදාළ නිළධාරියා සමහරුන්ගේ හැසිරීම පිළිබඳව කලකිරුණු ස්වභාවයකින් අදහස් දැක්වීය.“මේ දින දෙකේ මාර්ගය නැරඹීමට පැමිණි බහුතරයක් පිරිස හොඳින් හැසිරුණා. සුළු පිරිසක් කරපු මේ අකටයුතුකම් නිසා මාර්ගය අපවිත්‍ර වුණා.“දකුණු අධිවේගී මාර්ගය ලබන ඉරිදා (27) ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් විවෘත කිරීමට නියමිතය.
