Ads 468x60px

.

මාතරින් මහුදු ගිය චමින්ද1, අනුර1 සහ අනුර3 යාත්‍රා සුළි කුණාටුවට හසුවෙයි


තානෙයි සුළි කුණාටුවට හසුව ධීවර යාත්‍රා තුනක් ගොඩබිමට ඒමට නොහැකිව සිටින බව ධීවර දෙපාර්තමේන්තුව පවසයි.ධීවර දෙපාර්ත මේන්තුවේ සහකාර අධ්‍යක්ෂ ලාල් ද සිල්වා පැවසුවේ එම යාත්‍රා තුනේ ධිවරයින් 16 දෙනෙකු සිටින බවය.
සුළං හා සැඩ රළ පහර හේතුවෙන් තමන්ට ගොඩබිමට ඒමට නොහැකි සිටින බව එම ධීවරයින් ගුවන් විදුලි පණිවුඩ මගින් ඊයේ පස්වරුවේ ධීවර දෙපාර්තමේන්තුව දැනුවත් කර තිබේ.ඔවුන් බේරා ගැනිමට නාවික හමුදා සහාය ඉල්ලා ඇති බව සහකාර අධ්‍යක්ෂවරයා සදහන් කළේය. ලාල් ද සිල්වා පැවසුවේ එම යාත්‍රා පේදුරු තුඩුවට නැගෙනහිරින් ස්ථානගතව ඇති බවය.තංගල්ලෙන් හා මාතරින් මහුදු ගිය චමින්ද 1, අනුර 1 සහ අනුර 3 යන යාත්‍රාවල ධීවරයින් එලෙස  ගොඩබිමට ඒමට නොහැකිව සිටී.

මේ අතර තානෙයි සුළි කුණාටුව මේ වනවිට දිවයිනට කිලෝමීටර් 400 ක් ඊසාන දෙසින් ස්ථානගත වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.එම දෙපාර්තමේන්තුව දැනුම් දෙ‍න්නේ මේ හේතුවෙන් උතුරු මුහුදේ ධීවර හා නාවුක කටයුතුවලින් වැළකී සිටින ලෙසය.තානෙයි සුළි කුණාටුව අද මධ්‍යම රාත්‍රිය වනවිට ඉන්දියාවේ තමිල්නාඩු වෙරළට ඇතුළුවනු ඇති බවට අපේක්ෂා කෙරේ.

තේන් නමින් හැදින්වෙන මෙම සුළි  කුණාටුවෙන් ශ්‍රි ලංකාවට සෘජු බලපෑමක් නොවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන අතර, මෙම සුළි  කුණාටුව ඉදිරි පැය 48 ඇතුළත ඉන්දියාවට බලපානු ඇතැයිකාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළේය.

මේ හේතුවෙන් තද වැසි අපේක්ෂා කළ හැකි බව ඉන්දිය කාලගුණ බලධාරින් අනතුරු අඟවා තිබේ. ඒ අනුව මන්නාරම, කිලිනොච්චිය, යාපනය, ත්‍රිකුණාමලය, මුලතිව් හා මඩකලපුව දිස්‌ත්‍රික්‌ක ආශ්‍රිත මුහුද රළු වන අතර, ධීවර හා නාවික කටයුතුවලින් තවදුරටත් වැළකී සිටින ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.

මේ අතර ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයෙන් මුහුදු ගිය ධිවර යාත්‍රාවක් අනතුරට ලක්වීමෙන් එක් ධිවරයෙකු මියගොස් තවත් අයෙකු අතුරුදන්ව ඇතැයි ඉන්දිය වාර්තා අනාවරණ ක‍ළේය.එසේ හෙයින් තවදුරටත් කාලගුණ අනාවැකි පිළිබඳව අවධානයෙන් සිටින ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවත්, ආපදා කළමනාකරණ මධ්‍යස්‌ථානයත් ජනතාවගෙන් ඉල්ලා සිටී.

 

 
Related Posts with Thumbnails