Ads 468x60px

.

2012 නව වසර ඔබට බලපාන හැටි

2012 නව වසරේ ප‍්‍රධාන ග‍්‍රහ මාරු හා වක‍්‍රවීම් අතර විශේෂ ත්වයක් ගත්තේ පසුගිය නොවැම්බර් 15 වැනිදා ස්වකීය උච්ච භවනයට සෙනසුරුගේ පැමිණීමයි. මෙසේ සෙනසුරු බලවත් වූයේ වසර 30කට පසුවය.
මීට කලින් සෙනසුරු තුලා රාශියට ප‍්‍රවිෂ්ට වූයේ 1982 අවසාන භාගයේදීය. එක රාශියක වසර 2 1/2ක් පමණ සෙනසුරු ගමන් කරයි. 

මේ වසරේ පෙබරවාරි 08 වැනිදා සෙනසුරු වක‍්‍රවීමට පටන් ගනී. නැතිනම් ආපසු ගමන් අරඹයි. උච්ඡ ග‍්‍රහයා වක‍්‍රවීම නීච පල ලබාදෙන බව ජ්‍යොතිෂ මතයයි. කාලිදාසයන්ගේ උත්තර කලාමෘත ග‍්‍රන්ථයෙහි එය මෙසේ සඳහන් වෙයි. ”තුංගභෙ වක‍්‍රී නීච බලං” විශේෂයෙන් පාපී ග‍්‍රහයා වක‍්‍ර වීමද සුබ නැත. එය දරුණු තත්ත්වයකි. බාධක ඇති කරන බව පතපොතේ සඳහන්ය. මෙසේ වක‍්‍ර ගමනේ යෙදී සෙනසුරු මැයි 16 වැනිදා උදේ 6.47ට නැවත කන්‍යා රාශියට පිවිසෙයි. සෙනසුරු වක‍්‍රය නවතා නිවෘත වන්නේ ජූනි 26 වැනිදායි. 

කන්‍යා රාශිය තුළ වක‍්‍ර නිවෘත ගමනේ යෙදෙන සෙනසුරු නැවත තුලා රාශියට පැමිණ සිය උච්ඡ බලය ලබන්නේ අගෝස්තු මස 04 වැනිදායි.එතැන් සිට 2012 වසර පුරා සෙනසුරු තුලා රාශියේ බලවත්ව ගමන් කරයි. මන්දගාමී මහලූ සෙනසුරු ග‍්‍රහයා සිකුරුට අයත් තුලාවේ රජ ගමනේ ගත කරන්නේ ඉතා සතුටිනි.
ලංකාදීප ලිපිය 

මේෂ

සමාජයේ උසස් තැනක් ලැබේ

නව වසර උදාවෙද්දී ඔබේ කේන්ද්‍රයේ ග‍්‍රහයින් පස් දෙනෙක්ම බලවත්ව කේන්ද්‍ර ත‍්‍රිකෝණගතව සිටීම යහපත්ය. තමාගේ බලය යොදවා කරන වැඩ කටයුතුවලින් යහපත් ප‍්‍රතිඵල ලැබිය හැකිය. සමාජයේ උසස් තැනක් ලැබේ. නම ප‍්‍රසිද්ධ වෙයි. වෙහෙස ඇති දුර ගමනක් යාමට සිදුවන වසරකි. නිතර ඇසුරු කළ හිතවතෙක් ඈත්වෙයි. ඉක්මන් කෝප ගති ඇති කරයි. පැවති සම්බන්ධකමක් වෙනස් වෙයි. නුසුදුසු අය හා ඇසුරට නොයා යුතු කාලයකි. සතුරන් සමග අවුල් ඇති වීමටද ඉඩ ඇත.
ගෘහජීවිතය - පවුලේ කටයුතුවල අවුල් තත්ත්වයක් පෙන්නුම් කරයි. වැඩ කටයුතුවල වෙනසක් සිදුවෙයි. පිට තැන්වල නැවතීමට සිදුවෙනවා ඇත. පවුලට අලූතින් කෙනෙක් එකතු වීමටද ඉඩ ඇත. පෙබරවාරි මාසය තුළ ආදරවන්තයින් මුණගැසෙයි.
ආර්ථිකය - මුදල් ගනුදෙනුවලදී කල්පනාකාරි විය යුතු වසරකි. පෙබරවාරි මැද සිට මුදල් ලාබවලට හේතුය. මැයි 18 වැනිදා සිට මුදල් මෙන්ම වෙනත් ද්‍රව්‍ය ලාබවලටද වාසනාව ඇත.
අධ්‍යාපනය - වසර ආරම්භයේ ඉගෙනීම ගැන වැඩි සැලිකිල හා අලූත් ඉගෙනීම්වලට යොමු කරයි. මැයි මාසයෙන් පසු අධ්‍යාපන කටයුතු සාර්ථක කරගනී. තරමක් වෙහෙසීමෙන් තරග විභාගවලින් ජය අත්කරගත හැකිය. ගුප්ත විද්‍යා ඉගෙනීමට යහපත් වසරකි.
රැකී රක්ෂා - රැකියා කටයුතුවල විශේෂ දියුණුවක් මෙන්ම උනන්දුවක් ඇතිවෙයි. ප‍්‍රධානීන්ගෙන් ආධාර උපකාර ලැබෙනවා ඇත. පෙබරවාරි මැද සිට ව්‍යාපර දියුණු වෙයි.
සෞඛ්‍යය - වසර මුල ශරීර සනීපය යහපත් නමුත් ලේවල දෝෂ, ඇස්, දත් අමරු මෙන්ම පිත් කෝපවීම් වැනි රෝගවලටද හේතු ඇත. හදිසි අනතුරුවලින්ද ප‍්‍රවේශම් සහිතවිය යුතුය. මැයිවලින් පසු ශරීර සනීපය යහපත් වෙයි.
අය 7 වැය 7, ජය වර්ණය කහ, ජය අංකය 7


වෘෂභ

දේපොළ දියුණුව සැලසේ

ඔබට සුබපල දෙන යෝග කාරක සෙනසුරු හය වැන්නේ උච්ඡ බලයෙන් සිටියදී උදාවන නව වසර ඔබට යහපත්ය. සතුරන් පරාජය කළ හැකිය. දේපොළ දියුණු තත්තවයකට පත්වෙයි. තමාගේ දියුණුවට කටයුතු සැලසෙයි. යම් යම් දේ රැස්කර ගැනීමට හැකිවෙයි. නැතිවී ගිය වස්තු පවා ලැබෙන්නට පුළුවන. සැප පහසුවට අවශ්‍ය දේ මිලයට ගනී.
ගෘහ ජීවිතය - වැඩිමල් දරුවාට භාර්යාවට හෝ ස්වාමියාට තරමක් අපලයි. මහලූ ඥාතියකුටද අසනීප සාදයි. අඹුසැමි භේද හෝ එක් අයෙකුට ස්ථාන මාරුවක් සිදුවිය හැකියි. දේපොළවලට අලාබ පවුලේ අයකුට මුත‍්‍රා දෝෂ ශල්‍යකර්ම ඇතිවීමටද ඉඩ ඇත.
ආර්ථිකය - මුදල් තත්ත්වය යහපත් අතට හැරෙයි. ණය තුරුස්වලින් නිදහස් වෙයි. පෙබරවාරි මාර්තු නිකරුනේ ධන හානියකටද ඉඩ ඇත. නැතිනම් අධික වියදම් යෙදෙයි. ගොවිතැන් වලින් ලාබ නොලැබී යා හැකියි.
අධ්‍යාපනය - වසර මුල් මාස කීපය තුළ අධයාපන කටයුතු සාර්ථක කරගනී. කලා කටයුතුවලින් උසස් ප‍්‍රතිඵල ලැබෙයි. ඒ හා සම්බන්ධ බඩු භාණ්ඩ මිලයට ගනී.
රැකීරක්ෂා - කරගෙන ආ කටයුතු නියමාකාරයෙන් කරගැනීමට නොහැකි තත්ත්වයක් උදාවෙයි. කරදර පාඩු ප‍්‍රධානීන්ගෙන් කරදර ඇතිවීමට ඉඩ ඇත. රැකියා ස්ථාන කරදර මතුවෙයි.
සෞඛ්‍යය - පැවති රෝග ක‍්‍රමයෙන් සුව අතට හැරෙයි. එහෙත් ශරීරය තරමක් කෘශ කරයි. තැන් තැන්වල ලප තුවාල ඇතිවිය හැකියි. ශරිරයට ලොකු වෙහෙස ගතියක් දැනෙවා ඇත. හිසේ තුවාල උණ රෝග සාදයි. සතකු දෂ්ඨ කිරීමකටද ලක්වෙයි.
අය 7 වැය 7, ජය වර්ණය සුදු, ජය අංකය 9


මිථුන

බලාපොරොත්තු ඉටුවන කාලයකි

වසර ආරම්භයත් සමගම ධනස්ථානාධිපති සඳු ධනකාරක ගුරු සමග අය ස්ථානයේදී යෝගවීම ලැබීමට යහපත්ය. බ‍්‍රහස්පතිට ලැබෙන සෙනසුරුගේ සප්තම දෘෂ්ටිය නිසා වැඩිමල් සහෝදරයෙකුට අපල පෙන්වයි. පෙබරවාරි ආරම්භයේදීම සිකුරු කේන්ද්‍රස්ථානයක උච්ඡුවීම රන් රිදී මුතු මැණික් ලාබ ගෙනදෙන පිහිටීමකි. සමාජයෙහි ප‍්‍රසිද්ධිය දියුණුව ඇති කරයි. එමෙන්ම ස්ත‍්‍රීන් නිසා පැටලිලි මතුවීමටද පුළුවන. අලූත් මිතුරන් ඇසුරට ලැබෙයි. තත්ත්වය උසස් වෙයි. සතුරන්ගෙන් ජය ලැබේ. බලාපොරොත්තු ඉටුවෙයි. වැඩ කටයුතු අධික වෙයි. මිත‍්‍රයින්ගේ උපකාර ලැබේ.
ගෘහජීවිතය - දේපොළ ඉඩකඩම් පිළිබඳ ගැටලූ මතුවුවද ඒවායින් ආදායම් ලැබෙයි. ගෙදර සැනසිලිදායක තත්ත්වයක් ඇතිවේ. පවුලේ ප‍්‍රීතිමත් කාලයකි. දරුලාබ හෝ දරුවන් විවාහ උත්සව හෝ යෙදීමටද හේතු ඇත. නැතිනම් දරුවන්ගේ තත්ත්වය උසස්වේ. වසර මැදදී පවුලේ කෙනෙකුට අසනීපයක් සෑදීමට ඉඩ ඇත.
ආර්ථිකය - මුදල් තත්ත්වය ක‍්‍රමයෙන් යහපත් අතට හැරෙයි. වසර මැදදී ප‍්‍රයෝගයකට ඇසුවීමට ඉඩ ඇත. අගෝස්තු, සැප්තැම්බර් ධන ලාබ හිමිවෙයි. එහෙත් නිශ්ඵල දෙයකට වියදම් කරයි. දරුවන්ගේ දියුණුව වෙනුවෙන් ද වියමක් දැරීමට සිදුවනවා ඇත.
අධ්‍යාපනය - අලූත්දේ ඉගෙනීමට ලැබෙයි. ජූනි ජූලි මාස අධ්‍යාපනයට බාධා ඇතිවිය හැකියි. තරග විභාගවලදී බොහෝ වෙහෙසිය යුතුය. ඒවායින් ජයග‍්‍රහණ ලැබෙයි.
රැකී රක්ෂා - රැකියා ව්‍යාපාර දියුණුවක් ඇති කරයි. ගොවිතැනින් ලාබ ලබයි. අලූත් රැකියා ලැබීම්වලට හේතු ඇත. අතරමග නවතා තිබු වැඩවලින් ලාබ ලබයි.
සෞඛ්‍ය - වසර මැද දක්වා හොඳ සෞඛ්‍ය තත්ත්වයක් පවත්වාගනී. අගෝස්තු වන විට උදරාබාධ හදිසි අනතුරු තුවාල ආදියට හේතු ඇත. වසංගත රෝග අර්ෂස් වැනි රෝගවලට හේතු ඇතත් පවතින රෝග ඉක්මනින් සුව අතට හැරෙයි.
අය 5 වැය 7, ජය වර්ණය රතු, ජය අංකය 02


කටක

මංගල යෝග උදාවේ

සෙනසුරු සිව්වැන්නේ පංච මහා පුරුෂ යෝගයක් වූ සස යෝගය උදාකර තිබියදී උදාවන නව වසර ඔබට සුබපල දායකය. යහපත් කටයුතුවලින් ලාබ ප‍්‍රයෝජන ලැබෙයි. සුදුසු වයසේ අයට මංගල යෝග උදාවෙයි. දේපොලවලින් ලාබ ප‍්‍රයෝජන ලැබීම අඩුවෙයි. ගමන් බිමන් වලින්ද ප‍්‍රයෝජන ලැබෙන්නේ කලාතුරකිනි. ඥාතියෙක් හෝ මිත‍්‍රයෙක් අහිමි වෙයි. ආරාවුල්වලට මැදිහත් වීමට සුළු ඉඩකඩ ඇති බැවින් කල්පනාකාරී වීම හොඳයි. අවාසනාවන්ත ස්ථාන වෙනස්වීමකට ද හේතු ඇත.
ගෘහ ජීවිතය - ගෙදර දොර වාසනාව සැප පහසුව ලැබෙයි. දරු ලාබ හෝ ඔවුන්ගේ දියුණුව සැලසෙයි. පෙබරවාරි, මාර්තු පවුලේ ළඟම ඥාතියෙකුට අපලයි. මැයි තෙක් කාලය තුළ ස්ථාන වෙනස්වීම්වලට ඉඩ ඇත. දරුවන්ගේ අසනීප නිසා වෙහෙසෙයි.
ආර්ථිකය - පෙබරවාරි, මාර්තු අතර විශාල මුදලක් නැතිවෙයි. ජූනි අග දක්වාම වියදම් අධිකයි. ලෝහ භාණ්ඩ වාහනවල අලූත්වැඩියා කිරීම්වලට මුදල් වියදම් කරයි. වරින්වර ලාබ ලැබිය හැකියි. ඔක්තෝබර්, නොවැම්බර් කාලය තුළ රැවටිලිවලට අසුවිය හැකියි.
රැකී රක්ෂා - මැයි තෙක් අලූත් රැකියා ලැබීම් අඩුයි. ගොවිතැනින් ලාබ ලැබිය හැකියි. ආදායම් සරු වෙයි. මැයි 16 තෙක් වෙහෙස වී කරන වැඩකටයුතුවලින් ලාබ ප‍්‍රයෝජන ලැබෙනවා ඇත. රැකියා කටයුතුවල දියුණුවක් ඇති කරයි. සේවයෙන් විශ‍්‍රාමයාමට සිත් යෙදෙයි. උසස් වීම්වලට බාධා ඇත.
සෞඛ්‍යය - ජූනි අග දක්වා අත්වල හෝ බෙල්ලේ අමාරු සාදයි. පිත් කෝප වාත කෝප ගිනි බියටද ඉඩ ඇත. හිරිවාත සාදයි. උදරාබාධ වලටද හේතු ඇත. ඔක්තෝබර්, නොවැම්බර් බෝවෙන රෝගවලින් ප‍්‍රවේශම් විය යුතුය. මැයිවලින් පසු අසනීප බොහෝදුරට සුව අතට හැරෙයි.
අය 7 වැය 6, ජය වර්ණය කහ, ජය අංකය 01




සිංහ


ආදායම් තත්ත්වය සරු වේ


පස්වැන්නාධිපති භාග්‍යස්ථානයේ සිට ලග්නය දැකීම පසුබැසීමකින් තොරව ජීවිතය සකස් කර ගැනීමට හැකි බලයකි. සෙනසුරුගේ තෙවැන්නේ ගමනද ඔබට සුබයි. සෙනසුරු එහි උච්ඡ බලයෙන් ගමන් කරන මැයි 16 තෙක් හා නැවත අගෝස්තු 04 වැනිදා සිටද දියුණුවට කරුණු යෙදෙයි. ධන ලාබ මෙන්ම තත්ත්වය උසස්වීමද පෙන්නුම් කරයි. අමුතුවෙන් ආරම්භ කරන වැඩවල මෙන්ම පවත්වාගෙන යන වැඩවලද දියුණුවක් ඇතිවෙයි.

ගෘහ ජීවිතය - මැයි 18 තෙක් සිතේ සතුට සැනසීමට කරුණු යෙදෙයි. ගෙදර දොර වාසනාවන්ත කාලයකි. දූ දරුවන්ගේ දියුණුවක් ඇතිවෙයි. මංගල යෝග උදාවීමට ද හේතු ඇත. පවුලේ කෙනෙකුට දරු ලාබයක්ද පෙන්නුම් කරයි. රාහු සිව්වැන්නේ ගමන් කරන බැවින් ස්වාමි භාර්යා අතර මතබේද මතුවීමට ඉඩ ඇත. ඥාති මිත‍්‍රාදීන්ගෙන් ඈත්ව වාසය කිරීම හොඳයි.

ආර්ථිකය - පෙබරවාරි ආදායම් තත්ත්වය සරුවෙයි. ණය ගනුදෙනුවලින්ද ඉඩකඩම් ගේ දොරවලින්ද පතල් කර්මාන්ත කරුවන්ටද ලාබ අත්වෙයි. මැයි සිට අගෝස්තු අතර මුදල් අතේ රැඳීම අඩුවෙයි. නිශ්ඵල වියදම් යෙදෙයි. වංචාවකට අසුවීමට ද ඉඩ ඇත.

අධ්‍යාපනය - ඥානය වැඩිදියුණු කර ගැනීමට සරිලන සැලසුම් සකස් වෙයි. මැයි 18 තෙක් අලූත් උසස් ඉගෙනීම්වලට බැඳෙයි. විභාගවලින් ජය ලැබේ. උසස් ධර්ම ශාස්ත‍්‍ර හෝ අන්‍ය භාෂා උගනී. මැයිවලින් පසු විභාගවලට ඉදිරිපත් වන්නේ නම් බොහෝ උත්සාහ ගත යුතුය.

රැකීරක්ෂා - තිරිසන් සතුන් ඇති කරන අයට වැඩි ලාබ ලැබිය හැකියි. අලූතින් ගොවිපල වැඩිදියුණු කරගත හැකි කාලයකි. ලොකු ලාබ ලැබෙයි. භූමියෙන් ලැබෙන දෙයට යහපත්ය. මැයි 18 තෙක් රජයෙන්ද උසස් අයගෙන්ද සැලකිලි ලැබෙයි.

සෞඛ්‍යය - පැවති අසනීපවලින් සුවය ලැබෙයි. මාර්තු මැද සිට රුධිර පීඩන රෝග, පපුවේ ලේ උෂ්ණවීම්, හදිසි අනතුරු ඇතිවිය හැකියි. මැයි සිට අගෝස්තු දක්වා කාලය තුළ ශරීරය දුර්වල වෙයි. දත් රෝග මුහුණේ ලප ඇතිවෙයි. නිදන්ගත රෝගවලට ප‍්‍රතිකාර ගැනීමට මේ කාලය යහපත්ය.

අය 7 වැය 6, ජය වර්ණය අළුපාට, ජය අංකය 3







කන්‍යා


හිතවතුන්ගෙන් උදව් උපකාර ලැබේ


නව වසර උදාවෙද්දී පවතින ග‍්‍රහ තත්ත්වය යහපත්ය. සිතට ප‍්‍රීතිය සැනසීම ළඟා කරයි. වාසනාවන්ත හිතවත්කම් පැවැත්වීමට අවස්ථා උදාවෙයි. සෙනසුරු ධනස්ථානයේ ගමන් කිරීම යහපත් නැති නමුත් උච්ඡ බලයෙන් සිටීම නිසා තද බල අපලයක් ගෙන නොදෙයි. මැයි 16 වැනිදා නැවත සෙනසුරු ලග්න ගතවීම සුබ නැත. ඇතැම්විට පවුලේ වැඩහිටි අයකු සමග ඇසුර අඩුවෙයි. මාර්තු වනවිට හිතවතකුගෙන් උදව් උපකාර ලාබ ප‍්‍රයෝජන ලැබෙනවා ඇත. කරදරයකින් නිදහස් වෙයි.

ගෘහ ජීවිතය - පෙබරවාරි මැද සිට ඥාති මිත‍්‍රාදීන් මුණ ගැසෙයි. ප‍්‍රීතී උත්සව පැවැත්වීමට ද ඉඩ ඇත. මැයි 18 තෙක් කාලය තුළ දරුවෙකුගේ ඇත්වීමක් පෙන්නුම් කරයි. චෝදනා අපවාද අසන්ට ඉඩ තිබෙන බැවින් තම තත්ත්වයට නොගැළපෙන වැඩවලින් දුරස්වීම හොඳයි.

ආර්ථිකය - පෙබරවාරි, මාර්තු වස්තු ලාබ මෙන්ම ආදායම් තත්ත්වය ද උසස් වෙයි. හවුලේ කරන වැඩවලදී පාඩු සිදුවීමට ඉඩ ඇත. ලොතරැයි දිනුම් ආදියට මාර්තු මාසය හොඳයි. බලාපොරොත්තු නොවූ මාර්ගවලින් ලාබ ලැබෙයි. මැයි 18න් පසු පිට පළාත්වලදී කරන කටයුතුවලින් හෝ පිට පළාත්වාසීන් සමග කරන ගනුදෙනුවලින් ලාබ ලැබේ.

අධ්‍යාපනය - වසර මුලදී තරග විභාගවලින් උසස් ප‍්‍රතිඵල ලැබීමට බාධා පැමිණෙයි. මැයි 18න් පසු අලූතින් උසස් ඉගෙනීම්වලට බැඳෙන්නට සිදුවේ. විභාගවලින් ජයග‍්‍රහණ ලැබීමට ද හැකියි.

රැකී රක්ෂා - ගොවිතැන් වැඩට යම් යම් බාධා පැන නැගීම නිසා ආදායම් තත්ත්වය අඩුවිය හැකියි. රැකියා බලාපාරොත්තුවෙන් සිටින අයට පෙබරවාරි, මාර්තු මාස තුළ අදහස් සඵල කරගැනීමට හැකිවෙයි. තත්ත්වය උසස් වෙයි රැකියා ස්ථානවල ගෞරව සැලකිලි වැටුප් වැඩිවීම් ආදියට හේතු ඇත.

සෞඛ්‍ය - උෂ්ණාධික රෝග වසර මුලදී ඇති වුවද පෙබරවාරි මැද සිට ශරීර සනීපය යහපත් වෙයි. මැයි 18 තෙක් අර්ශස් රෝග ශරීර ශක්තිය අඩුවීම වැනි රෝග සාදයි. හදිසි අනතුරු ද ඇතිවිය හැකියි. ආහාර පැවතුම් කෙරෙහි වැඩි සැලකිල්ලක් දැක්විය යුතු කාලයකි. මැයි මැද සිට ශරීර සනීපය බොහෝදුරට යහපත් වෙයි.

අය 7 වැය 5, ජය වර්ණය ලා රෝස, ජය අංකය 5







තුලා


දරුවන්ගේ දියුණුවක් ඇති කරයි


උච්ඡ බලයෙන් සෙනසුරු සස යෝගය උදා කරමින් ලග්නගතව සිටියදී ගුරු සිකුරු දෙදෙනාද කේන්ද්‍රගතව උදාවන නව වසර ඔබට යහපත්ය. පෙබරවාරි මැද සිට මාර්තු මැදතෙක් කාලය තුළ ගරු නම්බු ලැබෙයි. තමාගෙන් වැඩිදෙනෙකුට පල ප‍්‍රයෝජන ලැබෙයි. රාහු දෙවැන්නේ නීච බැවින් දුරදිග නොබලා කරන කතාබහ නිසා ආරවුල් මතුවෙයි. සමගියෙන් සිටි කෙනෙක් අමනාප වෙයි. ඉක්මන් කෝපගති ඇතිවෙයි. නිතර ශරීරයට වෙහෙස ඇති ගමන් යෙදෙයි.

ගෘහජීවිතය - ජනවාරි මුලදී දරුවන් සම්බන්ධ සතුටුදායක ආරංචි අසන්නට ලැබේ. බලාපොරොත්තු ඉටුවෙයි. පෙබරවාරි මාර්තු දරුවන්ගේ දියණුව ඇතිවෙයි. විවාහ වූ අයට නම් මැයි මැදතෙක් භාර්යාවට හෝ ස්වාමියාට අසනීප සාදයි. මාර්තු සිට ප‍්‍රීති උත්සවවලට සුදුසු කාලයයි. ස්ත‍්‍රීන් සමග අසමගිකම් ඇතිවිය හැකියි. මැයි අසනීප පවුලේ සමගියට බාධා ඇතිවිය හැකියි.

ආර්ථිකය - ජනවාරි සිට මාර්තු දක්වා ආර්ථික තත්ත්වය යහපත්ය. මැයි මැද දී වංචාවකට අසුවීමට ඉඩ ඇත. මුදල් ලාබයකට ද හේතුය. අගෝස්තු සැප්තැම්බර් වාහන සඳහා වියදම් යෙදෙයි. වසර පුරාම රාහු ධන ස්ථානයන් බල රහිතව ගමන් කරන බැවින් මුදල් කරදර ඇතිවෙයි. නිකරුණේ මුදල් වැය වීමකට ද හේතු ඇත. අනුනට දුන් මුදල් ආපසු ගැනීම දුෂ්කර වෙයි. අනුන්ගෙන් ලැබෙන ධනය වහා නැතිවෙයි.

අධ්‍යාපනය - ඉගෙනීම් වැඩට විශාල ආත්ම ශක්තියක් ලැබේ. උනන්දුවෙන් අධ්‍යාපනික කටයුතු සාර්ථක කරගනී. තරග විභාගවලට යහපත්ය. විශේෂයෙන් අගෝස්තුවලින් පසු ඉගෙනීමට ඉතා හොඳයි.

රැකී රක්ෂා - මාර්තු මැද සිට තත්ත්වය උසස්වේ. වැඩකටයුතු දියුණු වෙයි. තනතුරු රැකි රක්ෂා බලාපොරොත්තුවෙන් සිටින අයට එම අදහස් ඉෂ්ටවෙන කාලයකි.

සෞඛ්‍ය - වසර මුලදී ශරීර සනීපය යහපත් වෙයි. මාර්තු වඩාත් හොඳයි. අසනීප සුවවෙයි. අප‍්‍රියෙල් මැද සිට සෙම් රෝග මතුවෙයි. එසේම උදාරාබාධ උණ අක්මාවේ දෝෂ අර්ශස් වැනි රෝගවලට ද හේතු ඇත. මාර්තු අප‍්‍රියෙල් ඇස්වහ කටවහ දෝෂවලට ලක්වෙයි.

අය 5 වැය 7, ජය වර්ණය සුදු පාට, ජය අංකය 04







වෘශ්චික


සතුරන් පරාජයට පත්වේ


වාහන ගමන් යෙදෙයි. දියුණුව සමාජයෙහි පිළිගැනීමද ඇතිවෙයි. අමුතු වැඩ කටයුතුවලට බැසීමට ද අමුතු ගමන් යාමට ද ඉතා සුබ කාලයකි. ගුණ ගරුක වැඩවලට අත ගසයි. බලාපොරොත්තුවක් ඉටුවෙයි. සතුරන් පරාජයට පත්වෙයි. ඥාති මිත‍්‍රාදීන්ගෙන් උපකාර ලැබෙනවා ඇත. සිතට ප‍්‍රීතිමත් කාලයකි. ශරීර සැප පහසුවද ඇතිවෙයි.

ගෘහජීවිතය - පවුලේ දියුණුවට කටයුතු යෙදෙයි. පෙබරවාරි මුලදී දූ දරුවන්ගේ කටයුතු දියුණුවට හැරෙයි. අලූත් හිතමිතුරන් ඇසුරට ලැබේ. විවාහක අයට නම් සහකාරයාට අප‍්‍රියෙල් මාසය තරමක් අපලයි. ආදර බන්ධන පළුදු වීමට ඉඩ ඇත. පවුලේ අය අතර සමාදානය අඩුවෙයි. ස්ථාන කරදර පෙන්වයි.

ආර්ථිකය - වසර මුල ආර්ථික තත්ත්වය යහපත්ය. ගොවිතැන්වලින් ලාබ ලබයි. දේපොළ දියුණු කරගනී. හස්ත කර්මාන්තවලට යහපත්ය. පෙබරවාරි මුලදී ලොතරැයි දිණුම්වලට වාසනාව ඇත. මැයි මාසයේ විනෝදය සඳහා මුදල් වැය වෙයි. අගෝස්තු සිට නිකරුනේ මුදල් වැයවෙයි.

අධ්‍යාපනය - අලූත් දේ ඉගෙනීමට අවස්ථා උදාවෙයි. කර්මාන්ත පිළිබඳ දැනීමක් ලබයි. ඉගෙනගත් දෙයින් ප‍්‍රයෝජන ලැබීමට හැකියි.

රැකී රක්ෂා - උසස්වීම්වලට හේතු ඇත. වෙළෙඳ ව්‍යාපාරවලින් විශේෂ දියුණුවක් ලබයි. රජයේ උසස් නිලධාරීන්ගෙන් සැලකිලි ලැබේ. නොතේරුණ කමින් කර ගන්නා වැඩවලින් පාඩු විඳීමට සිදුවෙයි. අප‍්‍රියෙල් මැයි තත්ත්වය උසස් වේ. අලූත් රැකියාවලට ද හේතු ඇත. මැයි වලින් පසු හවුල් ව්‍යාපාර ආරම්භයට සුදුසු කාලයයි.

සෞඛ්‍යය - වසර මුල ශරීර සනීපය යහපත් වෙයි. පෙබරවාරි මාර්තු නහර අමාරු තුවාල ඇතිවිය හැකිය. පපුවේ වේදනා උණ, කැස්ස වැනි රෝග සාදයි. අප‍්‍රියෙල් අධික උෂ්ණත්වය නිසා හටගන්නා රෝගවලට හේතු ඇත. මැයි වනවිට ශරීර සෞඛ්‍යය යහපත් වෙයි.

අය 7 වැය 6, ජය වර්ණය රතු, ජය අංකය 01





ධනු


සහෝදරයන්ගේ උදව් උපකාර ලැබේ


නව වසර උදාවෙද්දී ධනස්ථානාධිපති අය ස්ථානයේ බලවත්ව සිටීමත් ලග්නයට බ‍්‍රහස්පතීගේ සුබ දෘෂ්ටි ලැබීමත් ඉතා යහපත්ය. ප‍්‍රීතිමත් හිතවතකු ඇසුරට ලැබෙයි. පෙබරවාරි මැද සිට සහෝදර සහෝදරියන් තමා සොයා පැමිණෙයි. හිතවත් අයගෙන් උපකාර ලැබෙයි. නිතර ප‍්‍රීතිමත් ගමන් යෙදෙයි. අසල්වැසියන්ගේ හොඳ හිත ලැබෙයි. තම තත්ත්වය තිබුණාට වඩා උසස් වෙයි. සතුරන්ගෙන් ජය ලැබේ. බලාපොරොත්තු ඉටුවෙයි. මාර්තු හා අප‍්‍රියෙල් මුලතෙක් ගමන් බිමන්වලදී කරදර ඇතිවිය හැකියි. නීතියෙන් පිහිට පැතීමට සිදුවෙයි. අලූතින් ආරම්භ කරන වැඩ කටයුතු දියුණු වෙයි. අලූත් ස්ථානවලට යාමට හැකිවෙයි.

ගෘහජීවිතය - පවුලේ අයකුට අසනීප සාදයි. නැතිනම් ආරාවුල් හටගනී. පෙබරවාරි මැද සිට සහෝදරයින්ගෙන් උපකාර ලැබෙයි. මාර්තු අප‍්‍රියෙල් ස්ථාන ගැටලූ මතුවෙයි. මව්පියන්ට අපලයි. පවුලේ ප‍්‍රීති උත්සවයක් පවත්වයි. පවුලට වාසනාවන්ත දූ දරුවන් එක්වෙයි. නැතිනම් දරුවන්ගේ උසස්වීම් ඇතිවෙයි.

ආර්ථිකය - ජනවාරි මුලදී මුදල් අවහිරතාවක් ඇතිවෙයි. එහෙත් පෙබරවාරි මැද සිට මැයිතෙක් මුදල් ලාබ පෙන්වයි. මාර්තු, අප‍්‍රියෙල් ආදායම් තරමක් පහළ බසී. නුවුවමනා දෙයට මුදල් වැය කරයි. එහෙත් දේපොළවලින් හෝ ගොවිතැන්වලින් ලාබ ලැබිය හැකියි. ජුනිවලින් පසුව ණයතුරුස් පියවා ගනී.

අධ්‍යාපනය - ඉගෙනීම් කටයුතුවලට වැඩි උනන්දුවක් ඇතිවේ. ලිය කියවිලි වැඩ සම්බන්ධයෙන් අලූත් අදහස් පහළ වෙයි. පෙබරවාරි මැද සිට අලූත් දේ ඉගෙනීමට ලැබෙයි.

රැකී රක්ෂා - රැකියා කටයුතුවල විශේෂ දියුණුවක් ඇතිවන වසරකි. අලූත් රැකියා ලැබීම්වලට ද හොඳයි. මෙතෙක් කළ රැකියාවලින් ප‍්‍රතිඵල ලැබෙයි.

සෞඛ්‍යය - මෙම වසර සෞඛ්‍ය තත්ත්වය සමබරව පවත්වාගෙන යාමට හැකිවෙයි. ශරීරය පුෂ්ටිමත්වෙයි. කේතු හයවැන්නේ බැවින් ශරීර සෞඛ්‍යය පහත වැටෙන්නේ නැත. මුහුණේ හෝ හිසේ උෂ්ණ රෝග ඇස්වල පීඩා තුවාල සෑදීමට සුළු ඉඩකඩ ඇත.

අය 7 වැය 5, ජය වර්ණය කහ, ජය අංකය 5







මකර


පවුලේ දියුණුව ඇතිවේ


වසර උදාවේදී ලග්නාධිපති උච්ඡව සස නම් පංච මහා පුරුෂ යෝගයක් උදාකර ඇත. ලග්නගත සිකුරු ජනවාරි 10 වැනිදා ධනස්ථාන ගතවෙයි. සතුටට කරුණු යෙදෙයි. දියුණුව හා ලාබ ප‍්‍රයෝජන ලැබීමට හේතු ඇත. තමා කැමැති අය ඇසුරට ලැබෙයි. සමාජයේ උසස් තැනක් ලැබේ. නිතර ප‍්‍රීතිමත් ගමන් යෙදෙයි. දේපොළ දියුණු කර ගනී. සමහර විට ස්ථානවල හෝ කරගෙන ආ කටයුතුවල වෙනසකට ද හේතු ඇත. නොතේරුම් කමින් වැරදි සිදුවේ. රැවටීමකට අසුවීමට ඉඩ ඇත. ගොඩනැගිලි වැඩ ආරම්භයට යහපත් කාලයකි. වාහන ලාබ ලැබීමට ද මේ කාලය යහපත්ය.

ගෘහ ජීවිතය - ආදර බැඳීම්වලට හේතු ඇත. ශරීරාලංකාරයට අවශ්‍ය දේ මිලයට ගනී. දූ දරු ප‍්‍රීතිය ඇතිවේ. පවුලේ දියුණුවට යහපත්ය. අසල්වැසියන්ගෙන් උපකාර ලැබෙයි. දරු ලාබ හෝ ඔවුන්ගේ දියණුව ඇතිවේ. ස්ථාන වෙනස්වීමකට සිතයි.

ආර්ථිකය - මේ වසර තුළ බලාපොරොත්තු රහිත හදිසි මුදල් ලාබයකට හේතු ඇත. ගොවිතැන්වලින්ද දේපොළවලින්ද ලාබ ලැබෙන කාලයකි. විකිණීම සඳහා මිලයට ගන්නා ඕනෑම දෙයකින් වැඩි ලාබ ලැබිය හැකියි. ඉඩකඩම් දේපොළ පිළිබඳ විශේෂවාසි සැලසෙයි.

අධ්‍යාපනය - ජනවාරි මුලදී විභාග ජයග‍්‍රහණ හිමිවෙයි. මාර්තු වනවිට අලූත් දේ ඉගෙනීමට අවස්ථා සැලසෙයි. තරග වාද විවාදවලට යහපත් වසරක් නොවෙයි. වසර මුලදී හා නැවත අගෝස්තුවලින් පසු ඉගනීමේ කටයුතු අතපසු වෙයි. නැතහොත් කැඞී වෙනසක් සිදුවෙයි. යකඩ යන්ත‍්‍ර සූත‍්‍ර වාහන ආදියෙහි හෝ කර්මාන්ත වැඩ ඉගෙනීමට අවස්ථා උදාවෙයි.

රැකී රක්ෂා - වෙළෙඳ ව්‍යාපාරවලින් දියුණුව ලැබෙයි. විශේෂයෙන් මාර්තු අප‍්‍රියෙල් කාලය වැඩි ලාබ මෙන්ම අලූත් තනතුරු ලැබීමට පවා වාසනාව ඇත. උසස් අයගෙන් උපකාර ලැබෙයි. රන් රිදී මුතු මැණික් වෙළඳාම් මෙන්ම කරගෙන ආ කටයුතු වලින්ද දියුණුව සැලසෙයි.

සෞඛ්‍ය - උණ හිසේ කැක්කුම පපුුවේ හා දණහිස් අමාරු ආදියට හේතු ඇත. ගර්භනීන් ඉතාමත් ප‍්‍රවේශම් සහිත විය යුතු වසරකි. මාර්තු, අප‍්‍රියෙල්, ජූනි, ජුලි, නොවැම්බර්, දෙසැම්බර් කාලය සෞඛ්‍ය තත්ත්වය හොඳින් තබා ගත හැකිය.

අය 8 වැය 7, ජය වර්ණය අළුපාට, ජය අංකය 01







කුම්භ


පදිංචිය පිළිබඳ වෙනසක්


නව වසර උදාවෙද්දී ලග්නාධිපති සෙනසුරු භාග්‍යස්ථානගතව සිටියදී ධර්මකර්මාධිපති රාජ යෝගය ජනවාරි 10 වැනිදා උදාවීම ඔබට යහපත්ය. සැපයට අව්‍ය දේ පහසුවෙන් ලැබේ. සුදුසු වයසේ අයට මංගල යෝග උදාවෙයි. මැයි 17 තෙක් කාලය තුළදී හිතවතකුගේ ඈත්වීමක්ද පෙන්නුම් කරයි. බලාපොරොත්තු රහිත ගැටලූවක් මතුවෙයි. නිතර නිශ්ඵල ගමන් යෙදෙයි. සහෝදරයකුගේ හෝ ළඟම ඥාතියකුගේ හෝ විවාහයක් සිදුවීමට ඉඩ ඇත. මේ වසරේ නොතේරුම්කමින් ඇසුරු කරන අය හා වියවුල් ඇතිවීමට ඉඩ ඇති බැවින් කල්පනාකාරීවීම හොඳයි.

ගෘහ ජීවිතය - හිතවත් ඥාති මිත‍්‍ර සමාගම් ඇති කරයි. අඹුසැමි සබඳතා වැඩිදියුණු වෙයි. කැඞී බිඳී ගිය සබඳතා නැවත ගොඩනැගෙයි. ගේ දොර අලංකාර කර ගැනීමට හැකිවෙයි. පැවති ආරාවුල් සමථයකට පත්වෙයි. දරු ලාබවලට ද වාසනාව ඇත. දරුවන්ගේ මංගල කටයුතු සාර්ථක වීමට ද හේතුය. දියුණුවට කරුණූ යෙදෙයි. ජුනි වලින් පසු ස්ථාන හෝ පදිංචිය පිළිබඳ වෙනස්වීමක් ඇතිවිය හැකියි.

ආර්ථිකය - වසර මුලදී ආර්ථික තත්්ත්වය යහපත්ය. ආදායම් හොඳින් ලැබේ. අනුන්ගෙන්ද ලාබ ලැබෙයි. ලාබ බලාපොරොත්තුවෙන් කරන කටයුතුවලට යහපත් කාලයකි. ආදායම් වැඩිකර ගත හැකි මාර්ග සොයයි.

අධ්‍යාපනය - ඉගෙනීම් කටයුතු දියුණු කර ගනී. කලා කටයුතු සංගීත චිත‍්‍ර කර්ම ඉගෙනීමට පටන් ගනී. ලියකියවිලි වැඩට කාලය යොදවයි. තරග විභාගවලින් උසස් ප‍්‍රතිඵල ලැබීම අසීරු වෙයි. ඉගෙනීම් කටයුතුවලට බොහෝ බාධා පැමිණිය හැකි වසරකි. අප‍්‍රියෙල්, මැයි අලූත්දේ ඉගෙනීමට ලැබෙයි.

රැකි රක්ෂා - වෙළෙඳ ව්‍යාපාරවලින් ලාබ ලැබෙයි. උසස් අයගෙන්ද රජයෙන්ද සහාය ලැබෙයි. ධාන්‍ය මල් සුවඳ විලවුන් රන් රිදී මුතු මැණික් වැනි ව්‍යාපාර කරන්නන්ට සුබයි. රැකියාවල ඉහළ තනතුරුවලට පත්වීම්වලට බාධා ඇතිවෙයි.

සෞඛ්‍යය - ශරීර සනීපය ඇති කරයි. පැවැති ලෙඩදුක් සුව අතට හැරෙයි. ජූනි අගතෙක් ශරීරයට වෙහෙස ගති ඇති කරයි. ආහාර නොදිරවීමේ රෝග හටගනී. ලේ දෝෂවලට ද හේතු ඇත. හදිසි අනතුරු ඇස් රෝග කුෂ්ට රෝග උෂ්ණ රෝග හටගනී. ජූනිවලින් පසු ලේ දෝෂ ශරීරයට අනතුරු සීරීම් තුවාල උගුරේ ආබාධ අර්ශස් රෝග ආදියට හේතු ඇත. ශරීර දුර්වලතා පපුවේ වේදනා හටගනී.

අය 7 වැය 7, ජය වර්ණය රතු, ජය අංකය 2







මීන


තරග විභාගවලින් ජය


වසර උදාවෙද්දී ධනස්ථානයේ බ‍්‍රහස්පතීගේ ගමනත් සිකුරු දොළොස්වැන්නේ ගමනත් නිසා ලග්නය සුබ වීම ඔබට යහපත්ය. වාසනාව උදාකරන වසරකි. ශුද්ධ භූමිවලට යාමට ඉඩ ලැබේ. සතුරන්ගෙන් ජය ලැබේ. වටිනා දේ මිලයට ගනී. සුදුසු වයසේ අයට මංගලයෝග උදාවෙයි. ආරම්භ කරන අලූත් කටයුතුවලින් ලාබ ලැබිය හැකියි. නිතර ප‍්‍රිය සමාගම් ඇතිවේ.

ගෘහ ජීවිතය - උත්සව පවත්වන්නට සිදුවේ. ඥාති මිත‍්‍රාදීන්ගෙන් උපකාර ලැබේ. පවුලේ පිරිස වැඩිවේ. පෙබරවාරි, මාර්තු ප‍්‍රිය සමාගම් ඇතිවෙයි. මැයිවලින් පසු පදිංචි ස්ථානයේ වෙනසක් ඇතිවිය හැකියි. ඥාතියෙකුගේ වියෝවකටද හේතු ඇත.

ආර්ථිකය - පෙබරවාරි, මාර්තු කාලය තුළ බලාපොරොත්තු නොවූ ලාබයකට හේතු ඇත. එහෙත් නොතේරුම් කමින් කරන වැඩ කටයුතු හෝ ගනුදෙනු ආදියෙන් පාඩු කරදර ඇතිවේ. මැයි සිට අගෝස්තු තෙක් කාලය තුළ ගොවිතැන්වලින් අලාබ හානි සිදුවිය හැකියි.

අධ්‍යාපනය - පෙබරවාරි, මාර්තු ඉගෙනීම් කටයුතුවලට ඉතා යහපත්ය. මැයි මැදතෙක් විභාගවලින් ජයග‍්‍රහණ ලැබේ. මැයි මැද සිට අගෝස්තු දක්වා කාලය තුළ ඉගෙනීම්වලට බාධා ඇතිවිය හැකියි. ජුලි සිට තරග විභාග ආදියට ඉදිරිපත් වීමෙන් ප‍්‍රතිඵල ලැබීම අසීරුයි.

රැකීරක්ෂා - රැකීරක්ෂාවල උසස්වීම් බලාපොරොත්තු විය හැකියි. වෙළහෙළඳාම්වලින් ජය ලැබේ. අලූත් රැකියා ලැබීම්වලට ද හේතු ඇත. වෙහෙස වීමෙන් කරන වැඩවලින් ලාබ ලැබේ.

සෞඛ්‍යය - ශරීර සනීපය යහපත් වෙයි. විශේෂයෙන් පෙබරවාරි, මාර්තු පවතින රෝග සුව අතට හැරෙයි. එහෙත් ගමන් බිමන්වලදී හදිසි අනතුරු ආදිය ඇතිවීමට හේතු ඇත. කැපුමකින් ශරීරයේ තුවාලයක් සෑදීමට ඉඩ ඇත. ජුලි මාසයේ සිට ශරීරයට වෙහෙස ගති ඇති කරයි.

අය 5 වැය 7, ජය අංකය 02, ජය වර්ණය-ලා රෝස

ජ්‍යොතිෂවේදිනී ගීතා ජයසූරිය


@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@

දිවයින ලිපිය 

2012 රටට ඔබට

මේෂ

ලග්නාධිපති පස්‌වැන්නේ ගමන් ගන්නා අතර දහය අධිපති ශනි 7 වැන්නේ ගමන් ගනී. ගුරු ලග්නයේ සිටී. ශනි දකී. ශුභපල බහුල වසරකි. අතරමඟ ඇනහිටි අධ්‍යාපන කටයුතුවලට යළි අත ගසන්න හැකි වේ. සම්මුඛ පරීක්‌ෂණ, විභාගවලදී උසස්‌ ප්‍රතිඵල බලාපොරොත්තු විය හැක. අමතර භාෂා දැනුම ලබාගන්න මඟ පෑදෙයි. විදේශ අධ්‍යාපනයට අවකාශ පවතී.

නව රැකියා බලාපොරොත්තු පහසුවෙන් සපල වෙයි. නොලැබුණ උසස්‌වීම් ලැබෙන ලකුණු පහළ වේ. විදේශ රැකියා අවස්‌ථා යෙදිය හැක. දුර බැහැර අයට ළඟට එන්න මඟපෑදෙයි. රැකියා අංශ ප්‍රධානීන්ගේ ප්‍රසාදයට පත්වේවි. ආදායම් මාර්ග සරුවෙයි. මැයිවලට පසු හදිසි ධනලාභ ඇති වෙයි. ගුරු දෙකේ යන නිසා මැයිවලට පසු හිඟ මුදල්, විශ්‍රාම, අර්ථසාධක පහසුවෙන් ලැබෙයි. සුළු මුදලක්‌ යොදා විශාල ලාභ ලැබිය හැකි කාලයකි. මුත්‍රා රෝග, ලේ විෂවීම් නිසා පීඩා පවතී. විෂබීජ මුල්වූ අසනීප බහුල කාලයකි. බෝවන රෝග වැළඳුනහොත් කරදර ඇති වේ. සැත්කම්වලට ඉඩ ඇත. බඩවැල ආශ්‍රිත රෝග තත්ත්ව ගැන සැලකිලිමත් වන්න. මංගල යෝජනා සපල වෙයි. අඹුසැමි ප්‍රශ්න විසඳේ. රාහු අටේ නිසා නොසිතූ ප්‍රශ්න ඇති වේ. අසල්වැසියන් සමග ප්‍රශ්න ඇති කර ගනී.

උපතේ සඳු දෙපස හෝ සඳුගෙන් අටේ ශනි යයි නම් කේන්ද්‍රය පරීක්‌ෂා කර ප්‍රතිකර්ම යොදා ගන්න. ශුභ පල හීනවන බැවිනි.

ශුභ දිනය - බ්‍රහස්‌පතින්දා ශුභ අංක - 2, 5, 9 ශුභ වර්ණය - රතු ශුභ මැණික්‌ - රතු මැණික්‌

වෘෂභ

ලග්නාධිපති සිකුරු නව වැන්නේ ගමන් ගන්නා අතර 9 වැන්න අධිපති ශනි යෝග කාරකයාද වෙමින් හයවැන්නේ ගමන් ගනී. ශුභපල දෙන කදිම පිහිටීමකි.

අධ්‍යාපන කටයුතුවල සාර්ථක බවක්‌ පෙන්නුම් කරයි. වෙනදා නැති උනන්දුවක්‌ පවතී. විදේශ අධ්‍යාපනයට මඟ පාදයි. බලවත් අයගේ සහාය ඒ සඳහා යොමුවේ. අමතර පුහුණු කටයුතුවලට යොමු වේ. උසස්‌ අධ්‍යාපන කටයුතුවලට හොඳයි.

රැකියාවේ දියුණුවක්‌ ප්‍රගතියක්‌ ඇති වෙයි. පැවැති පීඩාකර ගති මඟහැරෙයි. පමාවූ උසස්‌වීම් හිමිවිය හැක. අලුත් රැකියා අවස්‌ථා උදාවෙයි. දුර බැහැර යැමට සිදු වේ. විදේශ රැකියා බලාපොරොත්තු විය හැක. රැකියා අංශ ප්‍රධානීන්ට ඔබ නැතිවම බැරිවෙයි. මුදල් ලැබීම යහපත් වුවත් වියදම් බහුල විය හැකිය. ඉතිරි කිරීම අසීරු වේ. අලුත් වැඩට අතගසා හොඳ ප්‍රතිඵල ලැබිය හැක. මැයිවලට පසු ආර්ථිකයේ පෙරළියක්‌ ඇති වේ. අතමිට සරුවේවි. හවුල් වැඩට යන්න අවස්‌ථා උදාවේ.

පෙම් සබඳතාවලට බාධා ඇතිවෙයි. මංගල යෝජනා ගැන උනන්දුව අඩුවෙයි. අඹුසැමි අවුල් මතුවිය හැක. යුග දිවියේ ප්‍රශ්නවලදී ප්‍රවේශමෙන් දුර දිග බලා කටයුතු කළ යුතුය. පොදු කටයුතුවලට මුල්වී කටයුතු කරයි.

සුළු අසනීප දුරදිග යැමට පිළිවන. අර්ශස්‌ රෝග උග්‍රවිය හැක. ගෑස්‌ටික්‌ රෝග, හන්දි ආශ්‍රිත රෝග පීඩා කරයි. ශරීර සනීපය ගැන සැලකිලිමත් වන්න. සඳු මුල්වූ ඒරාෂ්ඨක ඇත්නම් සැලකිලිමත් විය යුතුය.

ශුභ දිනය - සිකුරාදා ශුභ අංක - 2, 5, 7 ශුභ වර්ණය - රෝස

ශුභ මැණික්‌ - දියමන්ති

මිථුන

ලග්නාධිපති හයවැන්නේ ගමන් ගනී. ශනි පස්‌වැන්නේ උච්ච බලයෙන් ගමන් ගනී. ගුරු අයස්‌ථානගතව සිටී. ශුභපල බහුල වසරකි.

භාග්‍ය යෝගයක්‌ සහිතව ශනි පස්‌වැන්නේ බැවින් උසස්‌ අධ්‍යාපන කටයුතුවලට වඩා යහපත්. තරග විභාගවලින් ජය ලබාවි. අරමුණ කරා යන්නට අවස්‌ථාව උදාවේ. මතක ශක්‌තිය බලවත් වන වසරකි. පසු නොබලා කටයුතු කරයි. සතුරු කරදර පැවතියත් වෘත්තීය කටයුතුවල ප්‍රගතියක්‌ ඇති වේ. උදාසීන ගති මඟහැරෙයි. මාධ්‍යයට සම්බන්ධ අයට විශේෂ පහසුකම් ලැබේ. පොත්පත් මුද්‍රණයට මඟපෑදෙයි. බලවත් අයගේ ආධාර උපකාර හිමිවේ. උගතුන් ඇසුරට පත්වෙයි. රැකියාවට උසස්‌වීම් නිසැකව ලැබේ. ආදායම් තත්ත්වය යහපත් අතට පත්වෙයි. ලොතරැයි වාසනා පෑදිය හැක. අයිති හිමිකම් ලබාගත හැක. අන් සතු දේ හිමිවන වසරකි. නව තාක්‌ෂණ අංශවලට යොමුවේ. විශේෂ දියුණුවක්‌ එමගින් ඇති වේ. මුදලක්‌ ඉතිරි කරන්නට කලකට පසු ලැබෙන කාලයකි.

විවාහ පමාවූ අයට සතුටුවිය හැකි වසරකි. මංගල යෝජනා සපල වේ. වෙන්ව සිටි අය යළි එක්‌වෙයි. වසර මැදට පසු ළඟ ඥතීන් සමග ප්‍රශ්න ඇති වේ. සතුරුකම් කළ මිතුරන් ලෙස සිටි අයත් හඳුනාගන්න ලැබේවි. අලුත් ඉඩම් නිවාස මිලට ගන්න ත්‍යාග ලෙස ලැබෙන්න පිළිවන. සුළු අසනීප පැවතිය හැක. විහින් ඇති කරගන්නා අසනීප කරදර බලපායි. යටපත් රෝග සුව අතට පත්වේවි. සඳුගෙන් අටේ, සඳු දෙපස ශනි යයි නම් කේන්ද්‍ර පරීක්‌ෂාව අවශ්‍ය කාලයකි.

ශුභ දිනය - බදාදා ශුභ අංක - 5, 3 ශුභ වර්ණය - කොළ

ශුභ මැණික්‌ - පච්ච

කටක
ලග්නාධිපති සඳු නව වැන්නේ ගමන් ගනී. යෝග කාරක කුජ ධන භාවයේ තැන්පත්ව සිටී. ලග්නයෙන් සිව්වැන්නේ ශනි උච්චව සිටී. ගුරු දස වැන්නේ සිටී. ශනිට සම සප්තව සිටී. විශාල ජයග්‍රහණ රැසක්‌ ඇතිවන වසරකි. අඩපණ වූ අධ්‍යාපන කටයුතු යළි යථා තත්ත්වයට පත්වෙයි. අමතක වීම වැනි දේ මේ වසර තුළ මඟහැරෙයි. උසස්‌ අධ්‍යාපනයට විදේශ ගමන් යෙදෙයි. තරග විභාගවලදී නොසිතූ ප්‍රතිඵල පෙන්වයි. මැයිවලට පසු බොහෝ අධ්‍යාපන කටයුතුවලට අදාළ ගැටලු විසඳේවි.

රැකියාවට අදාළ කටයුතු නොසිතූ පරිදි කාර්යක්‍ෂම වේවි. උසස්‌වීම් සමග උසස්‌ තනතුරු ලැබේවි. රැකියාවට තිබුණු විලංගු බාධක මඟහැරෙයි. නව රැකියා සඳහා අවස්‌ථා උදාවේ. විදේශ රැකියා අපේක්‍ෂා කරන අයට සතුටු විය හැකි වසරකි. ව්‍යාපාර කටයුතු දියුණුවට පත්වේ.

ආදායම් තත්ත්වය නොසිතූ පරිදි ඉහළ යන කාලයකි. අමතර ආදායම් මාර්ග නොසිතූ අය නිසා පෑදෙයි. හැකියා දක්‌ෂතා නිසා උසස්‌ ජීවන රටාවක්‌ ඇති වෙයි. විදේශ රැකියා සඳහා යන්න ලැබේවි. අලුත් යමක්‌ කිරීමට කලක්‌ තිස්‌සේ පැවති ආශාව සපල වේවි. ව්‍යාපාර කර්මාන්තවලට නව පනක්‌ ලබාදේවි.

ඉඩමක්‌, නිවසක්‌ මිලට ගැනීමේ ආශාව සපල වේවි. යුග දිවියේ ප්‍රශ්න නිමාවට පත්වන අතර පෙම් සබඳතාවලට පැවැති බාධකත් තුරන් වේවි. දරු ඵල අපේක්‌ෂා සඵල වේවි. උගතුන් බලවතුන් ඇසුරට පත්වේවි. වාහන ලාබත් බලාපොරොත්තු විය හැක.

ලේ ගමනේ ප්‍රශ්න නහර සම්බන්ධව අසනීප පහසුවෙන් වැළඳිය හැකි වසරකි. ගෑස්‌ටික්‌ ගැන හොඳ අවධානයෙන් සිටිය යුතුය. සඳුගෙන් හා දෙපැත්තේ ශනි යයි නම් ඒරාෂ්ටක බව සිහියට ගත යුතුය.

ශුභ දිනය - සඳුදා, බ්‍රහස්‌පතින්දා ශුභ අංක - 2, 7 ශුභ වර්ණය - කහ, සුදු ශුභ මැණික්‌ - මුතු

සිංහ
ලග්නාධිපති රවි පස්‌වැන්නේ සිට ලග්නය දකී. යෝග කාරකයා ලග්නගතව සිටී. බොහෝ කලකට පසු ශුභ පලදෙන ග්‍රහයෝ ශුභ දැකුම් හෙළා සිටී. නිසැකවම ශුභ පල බහුල වසරකි.

සම්මුඛ පරීක්‌ෂණවලදී පහසු ජයක්‌ අත්වේ. අධ්‍යාපන කටයුතුවල විශේෂ වෙනසක්‌ දියුණුවක්‌ ඇති වෙයි. තරග විභාගවලින් පැරදුන විශේෂ ජයග්‍රහණ ලබන වසරේÊහිමිවෙයි. වෙනදාට වඩා ඉදිරිපත් වීම විශේෂ කරුණක්‌ වේවි.

දෙක එකොළහ අධිපති බුධ සිව්වැන්නේ රාහු සමග ගමනකි. සුළු මුදලක්‌ යොදා විශාල ධනලාභ ලැබිය හැකි කාලයකි. වෘත්තීය ගෞරවය රැකේවි. අපේක්‍ෂා කළ රැකියාවම ලැබෙන කාලයකි. විශේෂ ආයෝජනවලට,

ව්‍යාපාරවලට සම්බන්ධ වෙයි. දේපළ අලෙවිය, වැලි, ගඩොල්, ගොඩනැඟිලි උපකරණ ව්‍යාපාර දියුණු වෙයි. උපදේශාත්මක රැකියාවල නිරත අයට ඉතා හොඳ කාලයකි.

පමාවූ විවාහ ඉක්‌මන් වෙයි. අවුලට පත් විවාහ ජීවිතයට හොඳ කලදවසක්‌ උදාවේවි. දරුඵල නොමැතිව ලතවුණ අයට සතුටු විය හැකි වසරකි. නීති මගින් අයිති හිමිකම් ලබා ගන්නත් මඟ පෑදෙයි. අතරමඟ නතර කළ ඉදිකිරීම් කටයුතුවලට නව පනක්‌ ලබාදෙයි. වාහන ගන්න ලැබුණොත් පුදුම විය යුතු නැත. නොසිතූ අය ළඟ ඇසුරට පත්ව අනාගත යහපත සැලසේ. කලක්‌ පැවති අසනීප සුව අතට පත්වෙයි. හන්දි අමාරු, මුත්‍රා රෝග, සීනි ප්‍රශ්නය සැනසිලිදායක තත්ත්වයට පත්වේ. සුළුÊඅසනීපවලදී සැලකිලිමත්ව සහනය උදාකරගත හැක.

සඳුගෙන් අටේ ශනි නම් ප්‍රවේශම් විය යුතු කාලයකි.

ශුභ දිනය - ඉරිදා ශුභ අංක - 1, 4 ශුභ වර්ණය - තැඹිලි ශුභ මැණික්‌ - පද්මරාග

කන්‍යා

ලග්නාධිපති බුධ වික්‍රමස්‌ථානයේ ගමන් ගනී, ගුරු 9 වැන්නේ සිට ලග්නය දකී. ශනි දෙවැන්නේය. සමපලදායක වසරකි. විදේශ පුහුණුවලට මඟපාදයි. අතරමඟ ඇනහිටි අධ්‍යාපන කටයුතුවලට යළිත් අතගසයි. විශ්වවිද්‍යාලයට දින ගනිමින් සිටි අයට සතුටු විය හැකි පුවත් අසන්න ලැබෙයි. මැයි මැද සිට මතක ශක්‌තිය වර්ධනය වේ. උගතුන් ඇසුරට පත්වෙයි. දෙවන භාෂා දැනුම පුළුල් වේ.

ප්‍රසිද්ධියට පත්වන කරුණු රැකියාව නිසාම ඇති වේ. හැකියාවෙන් හොඳ ප්‍රයෝජන ලැබිය හැකියි. විදේශ

රැකියාවලටත් නොසිතූ මාර්ග පෑදෙයි. කලා අංශයට යොමුවූ අයට උසස්‌ තත්ත්වයක්‌ හිමිවේ. ගරු සම්මාන ලබයි. ආනයනය අපනයනයට සම්බන්ධ නම් නොසිතූ ප්‍රගතියක්‌ ඇති වේ.

ලැබීම අතින් විශේෂ වසරක්‌ වේවි. ලොතරැයි වාසනාවලට ඉඩකඩ පවතී. අපතේ ගිය දෙයක්‌ නොසිතූ පරිදි ආදායම් මඟක්‌ බවට පත්වේ. පොලියට මුදල් දෙන අයටත් පැවති ගැටලු

රැසක්‌ විසඳෙයි. ධන භාවය තුළ ශනි උච්චවීම විශාල වාසනාවක්‌ වේවි.

යම් යම් අයගේ බලපෑම් නිසා ඉදිරි ගමනට අවහිර පවතී. දේශපාලනයට සම්බන්ධ අයට නොසිතූ ගැටලු ඇති වේ. ගුරු අටෙන් යන තුරු මාරක බාධක කාලයකි. පොළවෙන් වස්‌තු ලැබිය හැක. හවුල් වැඩවලදී ප්‍රසාදයක්‌ ඇති වේ.

උදරාබාධ විශේෂ කාලයකි. සැත්කම්වලට ඉඩ ඇත. කොඳු ඇට සම්බන්ධ අසනීප ප්‍රශ්න ඇති කරයි. සැත්කම්වලට බරයි. මුත්‍රා පෙරීමේ ගැටලු බලපායි. සඳුගෙන් අටේ හා සඳු දෙපස ශනි යයි නම් ප්‍රවේශම් විය යුතු වසරකි.

ශුභ දිනය - බදාදා ශුභ අංක - 7, 10 ශුභ වර්ණය - කොළ

ශුභ මැණික්‌ - පච්ච

තුලා

ලග්නාධිපති සිකුරු සිව්වැන්නේ දිග් බලයෙන් සිටී. සිව්වැන්න අධිපති ශනි ලග්නයේ "සේනක" යෝගයෙන් අති ප්‍රබලව ගමන් ගනී. ශුභපල දායක වසරකි.

ඈලි මෑලි ගතියෙන් අධ්‍යාපන කටයුතුවල නිරත වුණු අයට අමුතු ශක්‌තියක්‌ ඇති වේ. මතකය අලුත් වන කාලයක්‌ බැවින් තරග විභාගවලදී පහසු ජයක්‌ හිමිවේ. ශිෂ්‍යත්වලදී පහසු ජයක්‌ හිමිවේ. ශිෂ්‍යත්ව වලදී උසස්‌ ප්‍රතිඵල පෙන්වයි. විශ්වවිද්‍යාලයට යන මඟක්‌ හෙළි පෙහෙළි වෙයි.

නව ව්‍යාපාර ආරම්භයට ඉතා හොඳ වසරකි. සතුරු බාධක නොතකා ඇරැඹූ කටයුතු කරගෙන යාවි. අදාළ

රැකියා ස්‌ථානය තුළ කැපී පෙනන අයෙකු බවට පත්වෙයි. දේශපාලනයට සම්බන්ධ අයට අන් අයගේ පිහිටෙන් ඉදිරියට යන ශක්‌තිය ලැබේවි. අත ගසන කටයුතු සපල වන බලයකි.

2 අධිපති 11 වැන්නේ ගමන නිසා වසර මුලම විශාල ධන ලාබ ඇති කරයි. ආර්ථිකයේ පැහැදිලි වෙනසක්‌ දියුණුවක්‌ ඇති කරයි. සාධාරණ මාර්ගවලින් ධනය ඉපයීමට උනන්දුවක්‌ දක්‌වයි. උපායශීලීව කටයුතු කර විශේෂ දියුණුවක්‌ 2012 තුළ ලබාවි.

වාහන හෝ ඉඩම් ලැබෙන පින මතුවේ. මංගල යෝජනා සඵල වී සිතට සතුටක්‌ පවතී. දරුපල අපේක්‌ෂා සඵල වේවි. පවුලේ අයෙකුට හදිසි පීඩා පැමිණෙයි. අනවශ්‍ය දෙයට කාලය ධනය වැයවෙයි. නීති ප්‍රශ්න පැටලිය හැක.

මුත්‍රා සම්බන්ධ අසනීප, මස්‌පිඬු වේදනා, ස්‌නායු දුර්වලතා, ලේ ගමනේ ප්‍රශ්න වරින් වර මතු කරයි. සඳුගෙන් අටේ ශනි නම් සැනසීම අඩු කරයි.

ශුභ දිනය - සිකුරාදා ශුභ අංක - 2, 9 ශුභ වර්ණය - රෝස

ශුභ මැණික්‌ - දියමන්ති

වෘශ්චික

ලග්නාධිපති කුජ දස වැන්නේ ගමන් ගනී. ශනි 12 වැන්නේ ගමන නිසා ලග්න ඒරාෂ්ඨක තත්ත්වයක්‌ පවතී. ශුභඵල හානි කර පිහිටීමකි. උපතේ ශනි බලවත් නම් වදින පහරට බෝලය උඩ යන්නාක්‌ මෙන් ඔබ ඔසවා තැබීමට හේතු වේවි.

ගුරු 6 වැන්නේ ගමන අධ්‍යාපන කටයුතුවලට යම් යම් බාධා ඇති කරයි. මතකය අඩුවීමට කරුණු යෙදෙයි. පෙම් සබඳතාවලට පැටලීම ඉදිරි අධ්‍යාපන කටයුතුවලට බාධක වෙයි. උපතේ ගුරු බලවත් අයට ප්‍රශ්න තිබුණත් ජයක්‌ අත්වේ.

රැකියාව ගැන වෙනදා නැති උනන්දුවක්‌ පවතී. උසස්‌ වීමට පැවති බාධාත් මඟහැරෙයි. නව රැකියා සඳහා උනන්දුව තව තවත් වැඩිවෙයි. රැකියා ස්‌ථාන මාරුව යහපතට හිටී. රාහු කේතු ගමන ඇතැම් විටෙක ව්‍යාපාර කටයුතුවලට බාධා ඇති කරයි. රට ගමන් යෙදෙයි.

විනාශය විනාශ කරමින් ශනි 12 වැන්නට පැමිණීම යමක්‌ ඉතිරි කරන්න තරම් හේතු ඇති කරයි. බ්‍රොaකර් වැඩවලින් හොඳ ප්‍රතිඵල අත්වේ. දුරදිග බලා ගන්නා තීන්දු තීරණ නිසා නොසිතූ වාසිත් සැලසේ. උපතේ රාහු ලග්නයේ නම් ප්‍රවේශමෙන් කටයුතු කළ යුතුය.

ගෙදරදොර කටයුතුවල ආකූල ව්‍යාකූල තත්ත්ව ඇති කරයි. පෙම් සබඳතාවලට විවිධ බාධා ඇති වේ. යුග දිවියේ ප්‍රශ්න ඇති කරයි. වාහන මිලට ගැනීම්වලදී ප්‍රවේශම් සහිත වන්න. ඇපවීම් නිසා කරදර පැමිණේ.

ගමන් බිමන්වලදී අනතුරු පවතී. ලේ විෂවීම්, සමපිට රෝග, ලේ ගමනේ ප්‍රශ්න බලාපොරොත්තු විය යුතුය. සඳුගෙන් අටේ ශනි යනවා නම් වඩා ප්‍රවේශම් විය යුතුය.

ශුභ දිනය - අඟහරුවාදා ශුභ අංක - 5, 9 ශුභ වර්ණය - රතු

ශුභ මැණික්‌ - රතු කොරල්

ධනු

ලග්නාධිපති පස්‌වැන්නේ ගමන් ගනී. 2 - 3 අධිපති ශනි 11 වැන්නේ උච්ච බලයෙන් ගමන් ගනී. කලකට පසු ශුභ ග්‍රහයෝග රැසක්‌ පවතී. ශුභ ඵල බහුල වශයෙන් ගෙන දේවි.

උසස්‌ අධ්‍යාපන කටයුතුවලින් ඉහළම සාමාර්ථ ලැබිය හැකි වේවි. වැඩ බැරි වුණත් පාස්‌ වන්න වාසනාව ඇති කරයි. ආත්ම ශක්‌තිය හා උනන්දුව තරග විභාගවලට බලපායි. අමතර පුහුණු කටයුතුවලට අවස්‌ථාව උදා වේ. බලවත් අයගේ සහයෙන් නව රැකියා අවස්‌ථා උදා කර ගනී. ඊට අදාළ පුහුණු අවස්‌ථාවක්‌ යෙදෙයි. වැඩ තහනමට ලක්‌වූ අයට හිඟ වැටුප් සමඟ රැකියා ලැබේවි. උපදේශාත්මක රැකියා කරන අයට හොඳ කාලයකි. විදේශ රැකියා සඳහා ගත් උත්සාහයන් ඵල දරයි. ව්‍යාපාර කටයුතු සඵල වෙයි. මැණික්‌ ගැරීම් වලින් නොසිතූ වාසි අත් වෙයි. නිධන් පහළ විය හැකි කාලයකි. හිඟ මුදල් ණය මුදල් ලැබේවි. පෙර පින් මතුවන බලයක්‌ පවතී. ඉඩමක්‌ නිවසක්‌ මිලට ගන්න අවස්‌ථා උදා වේ. නඩු හබ වලින් ජය අත්වේවි. නොසිතූ අයගේ සහාය ලැබේවි. ගේ දොර අලංකාරයට පියවර ගනී. වාහන මිලට ගැනීමට ලැබේවි. දරුවන්ගේ ජයග්‍රහණ දැක සතුටු විය හැක. දේපොළ ප්‍රශ්න නිරවුල් වේවි. එකට සිටින අයම සතුරන් විය හැකි වසරකි.

ශරීර සනීපය ගැන සැලකිලිමත් වන්න. ගමන් බිමන් වලදී අනතුරු. සීනි ප්‍රශ්න බලපායි. කොඳු ඇට ආශ්‍රිත වේදනා පවතී. සඳුගෙන් අටේ ශනි යයි නම් ශුභ ඵල හීන කරයි.

ශුභ දිනය බ්‍රහස්‌පතින්දා

ශුභ මැණික්‌ - පුෂ්පරාග ජය අංකය 3 - 5 - 6

ශුභ වර්ණය කහ

මකර
ලග්නාධිපති ශනි දසවැන්නේ බලවත්ව ගමන් ගනී. සේනක යෝගය ප්‍රබලව යෙදී පවතී. රාහු 11 වැන්නේ ගමන් ගනී. බෙහෙවින් බලවත් වසරකි.

වසර මුල සිටම ඉගෙනීමේ වැඩ කටයුතුවලට උනන්දුවක්‌ ඇති වේ. උසස්‌ අධ්‍යාපන කටයුතුවලට යහපත් වේවි. දෙවන භාෂාවන් ඉගෙනීමට විශේෂ ඕනෑකමක්‌ ඇතිවෙයි. විදේශ අධ්‍යාපනයටත් නොසිතූ මඟක්‌ පෑදිය හැක.

රැකියාවට පැවැති සියලු බාධක මඟහැරෙයි. නතරව තිබූ උසස්‌වීම් හා පඩි වැඩිවීම් වසර මුලම ලැබේවි. බලවත් අයගේ බලපෑම් නිසා ස්‌ථාන මාරුවීම්වලටත් ලක්‌වෙයි. නව රැකියා අවස්‌ථා පහසුවෙන් හිමි වේ.

රැකියාවේ වෙනසකට සූදානම් අයට ඉතා යහපත් කාලයකි. රැකියාවට අදාළ ශිෂ්‍යත්වලට ඉඩ කඩ වැඩිය. ව්‍යාපාර අංශවල නිරත අයට ඉතා පැහැදිලි ඉදිරි ගමනකි.

රාහු 11 වැන්නේ ගමන ලොතරැයි වාසනා ගෙන දීමට කරුණක්‌ වේවි. සුළු මුදල් යොදා විශාල ලාබ ලැබිය හැකි කාලයකි. බ්‍රොaකර් වැඩවලින් වාසි අත්වෙයි. නොසිතූ මාර්ගවලින් මුදල් ලැබේවි. මැණික්‌ ගරන අයට හොඳ කලදවසක්‌ උදා වේ.

දේපළ මිලට ගැනීමට අවස්‌ථා උදා වෙයි. මංගල යෝජනාත් සඵල වේ. පවුලට අලුත් සාමාජිකයන් එක්‌වේවි. නීති ප්‍රශ්න වලින් ජය අත්වේ. ණය මුදලක්‌ ගෙවීමට හෝ උගසට තැබූ දෙයක්‌ බේරාගන්න සමත් වේ. බලවත් අයගේ සහාය ලැබේ.

යටපත් රෝග මතුවීමට පිළිවන. හන්දි අමාරු සුළු වශයෙන් හෝ බලපායි. විෂ දෙයින් පීඩා පැමිණේ. සඳුගෙන් අටේ ශනි නම් ප්‍රවේශම් විය යුතුය.

ශුභ දිනය අඟහරුවාදා ශුභ මැණික්‌ - නිල්

ශුභ අංකය 2 - 7 - 9 ශුභ වර්ණය නිල්

කුම්භ
ලග්නාධිපති ශනි ලග්නයෙන් නව වැන්නේ ගමන් ගනී. ගුරු තුන්වැන්නේ ගමනක යෙදෙයි. බොහෝ කලකට පසු වාසනාව පෑදුන කාලයකි.

බුධ දස වැන්නේ සිටියදී වසර ඇරඹෙයි. විදේශ අධ්‍යාපනයකට මඟ පාදයි. අතරමඟ නතර කළ අධ්‍යාපන කටයුතු යළි ඇරඹීමට හැකි වේ. ජ්‍යෙdතිෂය වැනි දේ ඉගෙනීමට පහසුකම් ලැබේ. විශ්වවිද්‍යාල අධ්‍යාපනයට පාර කැපෙයි.

රැකියාවට හදිසි උසස්‌වීම් හිමිවේ. දුර බැහැර අයට පහසු ස්‌ථාන මාරු ලැබිය හැක. විදේශ රැකියාවලට යන්න අවස්‌ථා සැලසේ. ආනයන අපනයන කටයුතුවලට සම්බන්ධ නම් විශාල දියුණුවක්‌ පවතී. රජයේ

රැකියා බලාපොරොත්තු අයට සතුටු විය හැකි වසරකි. පැරැණි රැකියා ස්‌ථානවලින් යළි කැඳවිය හැක. ස්‌වයං රැකියාවල යම් දියුණුවක්‌ පවතී. රැකියා අංශ ප්‍රධානීන් සමඟ ගැටලු නිරාකරණය වේ. ධනය ලැබීම අතින් යහපත් කාලයක්‌ උදා වෙයි. ලොතරැයි වාසනා උරගා බැලීමට යහපත් කාලයකි. අන්සතු ධනයට වාසනා බලය පවතී. අහිමිවන තත්ත්වයක පැවැති මුදලක්‌ නොසිතූ පරිදි හිමි වේ. ඉඩම් නිවාස අලෙවි වලින් නොසිතූ ඵල ප්‍රයෝජන හිමි වේ. විශාල වශයෙන් අත මිට මුදල් ගැවසේවි.

දේපළ ගැටලු විසඳෙයි. අඹු - සැමි ප්‍රශ්න නීති මගින් නිරාකරණය වේ. රට යන අදහසට බාධා පවතී. අත්හදා බැලීම් සාර්ථක වේ. අලුත් ඉදිකිරීම් කටයුතුවලට අතගසයි.

වාත වේදනා වරින්වර මතු වේ. නොසැලකිල්ල නිසා අනතුරු ඇති වේ. රාත්‍රි ගමන් අත්හරින තරමට හොඳයි. සුළු තුවාල දුරදිග යන කාලයකි.

ශුභ දිනය සෙනසුරාදා ශුභ අංක 6 - 8 ශුභ වර්ණය - නිල්

ශුභ මැණික්‌ - නිල් මැණික්‌

මීන
ගුරු දෙවැනනේ ගමන් ගනී. ශනි අට වැන්නේ බලවත් ගමනක යෙදෙයි. ලග්න අෂ්ඨම එdරාෂ්ඨක තත්ත්වයකි. ගැටලු පැවැතියත් අධ්‍යාපන කටයුතුවලට විශේෂ උනන්දුවක්‌ ඇතිවෙයි. උත්සාහයෙන් අරමුණු සඵල කර ගනී. විදේශ අධ්‍යාපනයකට වාසනාව පවතී. විශ්වවිද්‍යාල ගමනට පැවැති බාධා බොහෝ දුරට සමනය වෙයි. 2012 අධ්‍යාපනයට හොඳයි.

අපහසුවකින් තොරව නව රැකියා අවස්‌ථා උදාකර ගනී. දුර බැහැර සිටි අය පදිංචි ප්‍රදේශවලට මාරු ලබා ගනී. රැකියාවේ හදිසි වෙනස්‌කම් පවතී. දුරදිග බලාගත් තීරණ නිසා උසස්‌වීම්වලටත් මඟ පෑදෙයි. අනපේක්‍ෂිත මුදල් ලාබ බලාපොරොත්තු විය හැක. තරගකාරී සූදුවලින් වාසි සැලසෙයි. හිඟ මුදල් අර්ථ සාධක ගන්නට නොහැකි අයට සතුටු විය හැකි කාලයකි. ලොතරැයි වාසනාවලට මඟ පාදයි. අවදානම් වැඩට යෙදූ මුදලුත් ගන්නට හැකි වේ. අඩු මිලට ගත් දේවල් විශාල මිලකට අලෙවි ලාබ සහගත තත්ත්ව පවත.S

හවුලේ වැඩවලට හොඳ කාලයක්‌ නොවේ. ඇපවීම්වලට යන්න එපා. අඹු - සැමි ප්‍රශ්න දුරදිග යන්න පිළිවන. රටගිය අයටත් ගම රට බලා පැමිණීමට නොසිතූ හේතු යෙදෙයි.

සුළු දෙයටත් කෝපව නීති ප්‍රශ්න ඇතිකර ගනී. දුර දිග යන ප්‍රශ්නවල පැටලිය හැක.

ශරීර සනීපය යහපත් නොවේ. හදිසි සැත්කම්වලට මඟ පාදයි. ලේ සම්බන්ධ රෝග හෝ ගැස්‌ටික්‌ වැනි රෝග පවතී.

ශුභ දිනය - බ්‍රහස්‌පතින්දා ශුභ වර්ණය - කහ

ශුභ අංක 3 - 9 ශුභ මැණික්‌ පුෂ්පරාග

සැමට ශුභ අලුත් අවුරුද්දක්‌ වේවා·

ප්‍රවීණ ජ්‍යෙතිෂවේදී නාත්තන්ඩියේ පී. ඩී. පෙරේරා






 
Related Posts with Thumbnails