Ads 468x60px

.

ෆොන්සේකා නිදහස් කිරීම කල් යන ලකුණු !


බන්ධනාගාරගතව සිටින ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට ජනවාරි 01 වනදා පොදු සමාවක් ලැබෙන බවට පසුගිය දින කිහිපයෙහි මාධ්‍ය වාර්තා කර තිබුණද මේ දක්වා ඒ සම්බන්ධයෙන් නිත්‍යානුකූල කටයුතු කිසිවක් සිදු වී නොමැති බව අධිකරණ
අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු අප කළ විමසීමකදී පැවසීය.

 ජනාධිපති කාර්යාලය විසින් හෝ අධිකරණ අමාත්‍යංශය විසින් මේ දක්වා ජෙනරාල් ෆොන්සේකා නිදහස් කර ගැනීමට අදාළ කිසිදු පියවරක් ගෙන නොමැති බව ඔහු අවධාරණය කර සිටියේය.මේ සම්බන්ධයෙන් බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් පී.බී.ඩබ්. කොඩිප්පිලි මහතා ‘රාවය’ පුවත්පතට ප‍්‍රකාශ කොට ඇත්තේ, මෙතෙක් කිසිම දිනෙක ජනවාරි මාසයේදී සිරකරුවන් නිදහස් කිරීමක් සිදු කර නොමැති බවත්, ජෙනරාල් ෆොන්සේකා නිදහස් කිරීම පිළිබඳව එබඳු තීරණයක් මෙතෙක් ගෙන නොමැති බවත්ය.
සාමාන්‍ය ලෙස පොදු සමාවක් හිමිවීමට නම් දඬුවමින් යම් කොටසක් විඳි හා යහපත් ලෙස හැසිරුනු පුද්ගලයන් අධිකරණ අමාත්‍යංශය විසින් නිර්දේශ කිරීමෙන් අනතුරුව, ජනාධිපතිවරයා විසින් අනුමත කිරීමෙන් පසු සෑම වසරකම පෙබරවාරි 04 නිදහස් දා නිදහස් කරනු ලබන බවද ඔහු පවසා තිබේ. නමුත් පසුගිය වසරේදී පමණක් වෙසක් දිනය, 2600 සම්බද්ධ ජයන්තිය හා සිරකරු සුබසාධන දින තුළ සිරකරුවන් පිරිසකට ජනාධිපති පොදු සමාව හිමි වූ බවත් කොඩිප්පිලි මහතා පවසයි.
එහෙත්, ජනාධිපති බලතල යටතේ ඕනෑම වරදකරුවෙකුට ඕනෑම දිනක ජනාධිපති විශේෂ සාමව යටතේ ජනාධිපති සාමවදීමට ජනාධිපතිවරයාට බලය ඇති බවද කොඩිප්පිලි මහතා සඳහන් කරයි.ජෙනරාල් ෆොන්සේකා නිදහස් කිරීම සම්බන්ධයෙන් මාධ්‍යවල පළ වී ඇති වාර්තා පිළිබඳව අදහස් දක්වමින් අනෝමා ෆොන්සේකා මහත්මිය ‘රාවය’ පුවත්පතට ප‍්‍රකාශ කොට ඇත්තේ, එම කටකතාවල සත්‍යයක් නොමැති බවයි. විවිධ පාර්ශ්ව විවිධ ස්ථානවල සිට තමන් ජනාධිපතිවරයාගෙන් සමාව ඉල්ලිය යුතු බවට ප‍්‍රකාශ කළද, තමන් වෙත ඍජුව එවැනි යෝජනාවක් කිසිවෙකු මෙතෙක් ඉදිරිපත් කර නොමැති බවයි.
එවැනි සමාවක් ඉල්ලීමට ජෙනරාල්වරයා වරදක් සිදු කර නොමැති හෙයින් කිසිවිටෙක එවැනි සමාවක් නොඉල්ලන බවද ඇය අවධාරණය කර තිබේ.කෙසේ වුවද, ජෙනරාල් ෆොන්සේකා මහතාට සහාය දක්වන මාධ්‍ය ආයතනයක ප‍්‍රධානියෙකු අප වෙත පවසා සිටියේ, ජෙනරාල් ෆොන්සේකා නිදහස් කරන දින විකාශය කිරීමට අදාළ වැඩසටහන් පවා මේ වනවිට සකස් කර තිබෙන බවයි.
 
Related Posts with Thumbnails