Ads 468x60px

.

ජැක්සන්ගේ හා ශි‍්‍රයන්තගේ බිරින්දෑවරුන් සාරි වලට පැටලෙයි

ප‍්‍රවීන නළුවන් දොපොළක් වන ජැක්සන් ඇන්තනි හා ශි‍්‍රයන්ත මෙන්ඩිස් ගේ බිරින්දෑවරුන් වන කුමාරි මුණසිංහ හා කුසුම් රේණු මේ දිනවල සාරි යුද්ධයක පැටලී ඇතැයි වාර්තාවේ.මේ අපූරු සාරි යුද්ධය ඇත්තේ චන්දන එදිරිසිංහ විසින් පුංචි තිරයට නිර්මාණය කරන උත්පලා ටෙලි නාට්‍යයේ බව පැවසේ.

මොවුන් දෙදෙනා එකිනෙකාට නොදෙවෙනි වන්නට සාරි පටලාවගෙන මේ ටෙලියේ චරිත මවති.කුසුම් හා කුමාරි සාරි ඇඳීමට ඇති උනන්දුව කොතෙක්ද යත් ඇතැම් දර්ශන තල සඳහා ඔවුන්ගේ වියදමින්ම සාරි රැගෙනවිත් අඳින බවද පැවසේ.එසේම එක් සාරියකින් එක් නිළියක් හැඩ ගැවීමට සෑහෙන කාලයක් වේෂ නිරූපන ශිල්පින්ට කැප කිරීමට සිදුව අති බවද වාර්තා වේ.අදාල තත්ත්වය සලකා බලා කුමාරි හා කුසුම් එකම දර්ශන තලයක රගපාන අවස්ථාවලදී වේෂ නිරූපණය සඳහා වේෂ නිරූපණ ශිල්පීන් කිහිපදෙනෙකුගේ සහය ලබා ගන්නා බවද පැවසේ.
 
Related Posts with Thumbnails