Ads 468x60px

.

විභාග දෙපාර්තමේන්තු ප්‍රධානියකු ගැන හෙළිදරව්වක්


උසස් පෙළ විභාගයේ ගැටලු පිටුපස කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක බව ජාතික නිදහස් පෙරමුණ පවස අතර එහි දේශපාලන මණ්ඩල සභික පියසිරි විජේනායක මහතා ‍ඒ පිළිබඳ මෙසේ අදහස් පළ කළේය."මෙතන තියෙනවා බලවත් කුමන්ත්‍රණයක් මොකක් ද ඒ කුමන්ත්‍රණය දැන් මේ පෞද්ගලික විශ්වවිද්‍යාල ‍රටට ගෙන ඒමේ කුමන්ත්‍රණයක් තියෙනවා. ඒ වාගේම පෞද්ගලික අධ්‍යාපනය ගේන්න උවමනාව තියෙනවා. මම දන්නවා විභාග දෙපාර්තමේන්තුවේ ලොක්කෙක් එළියට බහිනවා.


හෙට අනිද්දා විශ්‍රාම යනවා. එයා එතකොට පෞද්ගලික විශ්වවිද්‍යාලයක් පටන් ගන්නවා. සමහර මේකේ මන්ත්‍රී කෙනෙක් ඉන්නවා නියෝජ්‍ය ඇමති කෙනෙක් ඉන්නවා. මේ විශ්වවිද්‍යාලයක් පටන් ගන්න සුදානම් වෙලා ඉන්නවා එත‍කොට පෞද්ගලික විශ්විද්‍යාල පෞද්ගලික පාසල් පටන් ගන්න අයට පහසුකම් සලසන අධ්‍යාපන ක්‍රමවේදයකට ගෙනියන්න විභාග ගැන තියෙන විශ්වාසය ජාතියට නැති කරනවා. මේ කුමන්ත්‍රණය යට කවුරු හෝ ඉන්නවා"


ඉමක් කොනක් නැති විශ්මිත ප්‍රතිඵල තවදුරටත්


පසුගියදා නිකුත් වු උසස් පෙළ ප්‍රතිඵල සම්බන්ධයෙන් බොහෝ සිසු සිසුවියෝ තවදුරටත් දැඩි කණස්සල්ලෙන් සහ මවිතයෙන් පසුවෙති.එක් සිසුවකු අප වෙත එවන ලද ප්‍රතිඵල ලේඛනයකට අනුව ඔහු විෂයන් තුනට සී සාමාර්ථ 2ක් සහ බී සාමාර්ථයක් ලබා සිටී.එහෙත් ඔහුට හිමි දිස්ත්‍රික් කුසලතාවය සහ ජාතික කුසලතාවය අතර ඇත්තේ විශ්මය දනවන ආකාරයේ පරතරයකි.

සී සාමාර්ථ 2ක් සහ බී සාමාර්ථයක් ලබා සිටින එම සිසුවා දිස්ත්‍රික්කයේ තෙවැනියා වන අතර දිවයිනේම සිව් වැනියාය.තවත් සිසුවෙක් ගණිතය, භූ ගෝල විද්‍යාව සහ සිංහල යන විෂයන් සඳහා ප්‍රතිඵල ලබා තිබේ.
ඒ අනුව දැක්වෙන ප්‍රතිඵලය වන්නේ, සිංහල සඳහා ඒ භූ ගෝල විද්‍යාව සඳහා ඒ සහ ගණිතය සඳහා එෆ් හෙවත් අසමත් යන්නයි.එහෙත් එම ප්‍රතිඵල ලේඛනයේ ඉසෙඩ්ස්කෝර් අගය 1.5483ක් ලෙස දැක්වේ.

එහෙත් දිස්ත්‍රික් සහ සමස්ත කුසලතාව එහි දැක්වෙන්නේ, බින්දුව ලෙසයි. මෙවැනි අවුල් පිළිබඳව සිසුන්ගෙන් නැගෙන වි‍රෝධය තවමත් යටපත් වී නොමැත. රුහුණු සිසු එකමුතුව තංගල්ල නගරයට රැස් වී නිසි විසදුමක් දෙන්නැයි, බල කර සිටියේය.

 
Related Posts with Thumbnails