Ads 468x60px

.

තරුණියව දූෂණය කිරීමට එරෙහිවීම නිසා සුද්දාව මැරුවද..?

පසුගියදා තංගල්ලේදී ඇතිවූ සිද්ධියේදී සුදු ජාතිකයා සමග ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා ඇතිකරගත් ආරවුල විවිධ ආකාරයෙන් විස්තර වුණා.මුලින් වාර්තා වූයේ බීමතින් සිටි මන්ත්‍රීවරයා ඇතුළු පිරිස අතර වූ ආරවුලක් මැදට සුදු ජාතිකයා පැමිණීම නිසා ඔහුට වෙඩි තබා මේ මරණය සිදුවූ බවකි’


පසුව වාර්තා වූයේ 32 හැවිරිදි සුදු ජාතිකයාගේ 23 හැවිරිදි රූමත් රුසියානු පෙම්වතියටඋසුළු විසිළු කරද්දී එයට කෝපවූ සුදු ජාතිකයා ඔවුන් සමග දබර කරගත් බවත් ඒ නිසා මේ ගැටුම නිර්මාණයවී ඔහුට වෙඩි තබා මරු දැමුණු බවත්ය.
රාත්‍රී 3ට පමණ තංගල්ල නේචර් රිසෝට් හෝටලයේදී ඇතිවූ මෙම සිද්ධිය නිසා බරපතල තුවාල ලැබූ රුසියානු ජාතික කාන්තාව මොළයටද බලපාන තුවාල සහිතව දැඩි අසාධ්‍ය තත්වයේ සිටියදී ලබාදුන් කට උත්තර මේ සිද්ධිය සම්බන්ධව ඇත්ත තත්වය දැනගන්නට ප්‍රමාණවත් නොවුනේ ඇයට බොහෝදේ අමතකව තිබීම නිසාය’

රුසියානු තරුණිය කොළඹ ලංකා හොස්පිටල්ස් රෝහලේ තවමත් ප්‍රතිකාර ලබන අතර මේ පිළිබඳ පොලිස් පරීක්ෂණ වලදී සොයාගෙන තිඛෙන පරිදි සිද්ධිය වූ අවස්ථාවේ බීමත්ව සිටි පිරිස පැමිණ රුසියානු තරුණියව දූෂණය කර තිඛෙන බවත් මේ ක්‍රියාකලාපයට එරෙහිව එතැන කලබල කරන්නට වූ ඇගේ පෙම්වතාව මරාදමන්නට අදාළ ප්‍රාදේශීය සභා සභාපතිවරයා කටයුතු කර ඇති බවය’

රුසියානු තරුණිය දූෂණයවී ඇති බවට පොලිසිය සැක කරන අතර එසේ වී ඇත්දැයි විමසා බලන්නට මතකය ව්‍යාකූලවූ ඇයගෙන් නොහැකි නිසා අධිකරණ වෛද්‍ය පරීක්ෂාවක් කරන්නට නියමිතය’ මෙහි ප්‍රතිඵල අනුව අවශ්‍ය වුවහොත් අදාළ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයාගේ හා පිරිසගේ ඩී එන් ඒ පරීක්ෂණද සිදු කරන්නට බලාපොරොත්තු වන බව පොලිසිය පවසනවා’
 
Related Posts with Thumbnails