Ads 468x60px

.

ප්‍රාදේශීය සභා මන්ත්‍රී මැරුවද ? මැරුණද ?


මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී ඉන්දික දිනේෂ් චන්ද්‍රසිරි මහතාගේ සිරුර ඊයේ රාත්‍රීයේ සොයා ගෙන තිබේ.පොලීසිය පැවසුවේ, මෙය හදිසි අනතුරකින් සිදු වු මරණයක් සේ දක්නට ඇතත් ඒ පිළිබඳව සැක මතුවන බවයි.
මිනුවන්ගොඩ මඩවල පදිංචි 28 හැවිරිදි දෙදරු පියෙකු වු ඔහු ඊයේ පෙරවරුවේ සිය යතුරු පැදියෙන් නිවසින් පිටව ගොස් තිබේ.පසුව ඔහු‍ගේ සිරුර කොටදෙණියාව මා උස්සාය පාලම යට තිබියදී සොයා ගැනිණ.

සන්ධාන මන්ත්‍රී ඉන්දික චන්ද්‍රසිරි මහතා සන්නද්ධ පිරිසක්‌ විසින් පැහැරගෙන ගොස්‌ කෲර වධ හිංසා පමුණුවා අබිරහස්‌ අන්දමින් ඝාතනය කර සිරුර කොටදෙණියාව මාවුස්‌සා බෝක්‌කුව යට දමා තිබියදී පොලිසිය මගින් පෙරේදා (28 වැනිදා) රාත්‍රි සොයාගෙන ඇත.

මන්ත්‍රීවරයා වෙනත් ස්‌ථානයකදී ඝාතනය කර පසුව ඔහුගේ සිරුර සහ ගමන්ගත් යතුරුපැදිය මාවුස්‌සා බෝක්‌කුව යටට ගෙනැවිත් දමන්නට ඇති බවට පොලිසිය සැකකරයි. මන්ත්‍රීවරයාගේ හිසට සහ පාද ප්‍රදේශයට මොට ආයුධවලින් දරුණු ලෙස පහරදී ඇති බවද මූලික පොලිස්‌ පරීක්‍ෂණවලදී අනාවරණය වී තිබේ. තිස්‌ හැවිරිදි වියේ පසු වූ මන්ත්‍රීවරයා මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචි දෙදරු පියෙකි.





මන්ත්‍රීවරයා පෙරේදා (28 දා) පෙරවරු 10.00 ට පමණ නිවසින් පිටව ගොස්‌ ඇත්තේ මිනුවන්ගොඩ නාලන්දා විදුහලට යන බව සිය බිරිඳට පවසමින් ය. එතැන් සිට මන්ත්‍රීවරයා පිළිබඳ කිසිදු තොරතුරක්‌ නිවැසියන්ට ලැබී නොතිබිණි. කොටදෙණියාව මාවුස්‌සා බෝක්‌කුව යට නාඳුනන පුද්ගලයකුගේ මළසිරුරක්‌ සහ ඔහු පැමිණි බවට සැකකරන යතුරුපැදිය වැටී තිබෙන බව ප්‍රදේශවාසියකු විසින් කොටදෙණියාව පොලිසියට දැනුම් දී ඇත්තේ පෙරේදා (28 දා) රාත්‍රි 7.30 ට පමණය.

පසුව එහි ගිය කොටදෙනියාව පොලිසියේ නිලධාරීන් ඝාතනයට ලක්‌ වූ මන්ත්‍රීවරයාගේ සිරුර සොයාගෙන තිබිණි. මෙම ඝාතනය කුමන හේතුවක්‌ නිසා කවුරුන් විසින් සිදු කළේද යන්න මෙතෙක්‌ අනාවරණය වී නැත. ඝාතනයට ලක්‌වූ ඉන්දික චන්ද්‍රසිරි මහතා කලක්‌ එක්‌සත් ජාතික පක්‍ෂයේ දේශපාලනඥයකු ලෙස කටයුතු කරමින් සිටියේය. පසුගිය මැතිවරණ සමයේ පක්‍ෂ මාරු කළ ඒ මහතා එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයෙන් මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභාවට තරග කර ඉන් ජය ගත්තේය.

ඉන්දික චන්ද්‍රසිරි 2004 වර්ෂයේ සිදු වූ මිනීමැරුමක ප්‍රධාන සැකකරුවකු වන බව පොලිසිය පවසයි. 2004 වර්ෂයේ මිනුවන්ගොඩ ප්‍රදේශයේදී දම්මවතී පෙරේරා නමැති කාන්තාවක්‌ ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මොහුට එරෙහිව චෝදනා එල්ල වී තිබිණි. එම සිද්ධිය සම්බන්ධයෙන් ඉන්දික චන්ද්‍රසිරි ඇතුළු 5 දෙනකු එවකට අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කර තිබිණි. පසුව මොහු ඇප මත මුදා හරිනු ලැබ අතර මීගමුව අධිකරණයේ එම නඩුව විභාග වෙමින් තිබිණි.

දම්මවතී පෙරේරාගේ පුත්‍රයා සමඟ පැවැති ආරවුලක්‌ මත ඇය ඝාතනය කළ බවට ඉන්දික චන්ද්‍රසිරි වෙත චෝදනා එල්ල විය. මේ අතර මිනුවන්ගොඩ ප්‍රදේශයේ ක්‍රියාත්මක වූ පාතාල කල්ලියක්‌ සමග ද මන්ත්‍රීවරයා ආරවුලක්‌ ඇති කර ගෙන සිටි බව පරීක්‍ෂණවලින් හෙළි වී තිබේ. කෙසේ වෙතත් මෙම අබිරහස්‌ ඝාතනය සම්බන්ධයෙන් වහාම පරීක්‍ෂණයක්‌ පවත්වන ලෙස පොලිස්‌පති එන්. කේ. ඉලංගකෝන් මහතා නියෝජ්‍ය පොලිස්‌පති අනුර සේනානායක මහතාට නියෝග කර තිබිණි.

ඒ අනුව කොළඹ අපරාධ කොට්‌ඨාසයේ අධ්‍යක්‍ෂ පොලිස්‌ අධිකාරී ආර්. එල්. රණවීර, සහකාර පොලිස්‌ අධිකාරී නුවන් වෙදිසිංහ යන මහත්වරුන් ඇතුළු නිලධාරීන් පිරිසක්‌ කොටදෙණියාව ප්‍රදේශයට ගොස්‌ මේ පිළිබඳ පරීක්‍ෂණ ආරම්භ කරන ලදී. සිද්ධිය සම්බන්ධයෙන් ඊයේ (29 දා) සවස්‌ වනවිට පුද්ගලයන් කීපදෙනකුගෙන්ම ප්‍රකාශ සටහන් කරගෙන තිබිණි. කොටදෙණියාව පොලිස්‌ ස්‌ථානාධිපති ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක ඒ. ගම්මන්පිට මහතාගේ ප්‍රධානත්වයෙන් මේ පිළිබඳ මූලික පරීක්‍ෂණ පවත්වනු ලැබීය. ඝාතනයට ලක්‌වූ මන්ත්‍රීවරයාගේ හදිසි මරණ පරීක්‍ෂණය ඊයේ සවස දඹදෙණිය රෝහලේදී පැවැත්වීමට නියමිතව තිබිණි.
 






මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභා මන්ත්‍රී සිරුර ඕලුස්සා පාලම යට

BREAKING NEWS




හීනටියන මඩවල ඉන්දික දිනේෂ් චන්ද්‍රසිරි සිල්වා මහතාගේ (28) සිරුර කොටදෙනියාව දියගම්පොළ ඕලුස්සා පාලම (මෝහිණීගේ පාලම) යට තිබී සොයාගත් බව කොටදෙනියාව පොලිසිය කියයි.මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභාවේ සන්ධාන මන්ත්‍රී ඔහුගේ සිරුර ළඟ යතුරු පැදියක් ද පෙරැලී තිබූ බවත් යතුරු පැදිය පණ ගැන්වී තිබූ බවත් පොලිසිය කියයි. හිසට හා සිරුරේ තුවාල සිදුව තිබිණි. මෙය අනතුරක් ද යන්න ගැන පොලිසිය පරීක්ෂණ පවත්වයි.
 
Related Posts with Thumbnails