Ads 468x60px

.

බ්‍රිට්නි ගුගුල් ප්ලස් ආක්‍රමණය කරයි

Google+ සමාජ ජාලය තුල ජනප්‍රියතම චරිත අතරට අලුතින්ම එක්වූ සුප්‍රසිද්ධ ගායිකාව යි Britney Spears. Google+ තුල මිලියනයකට අධික රසික පිරිසකට හිමිකම් කීමත් සමඟ දැනට වැඩිම රසික පිරිසක් සිටින Google+ ගිණුම ලෙස Britney Spears ගේ Google+ ගිණුම හැඳින්වෙන්නේ ගූගල් නිර්මාතෘ Larry Page හා සුප්‍රසිද්ධ රැප් ගායක Snoop Dogg ද පසුකරමිනි.


Google+ අරඹා මාස 6 වැනි ඉතාමත් කෙටි කාලයකින් මෙවැනි අති විශාල රසික පිරිසක් එක්කාසු කරගැනීමට සමත් වීම අනෙකුත් සමාජ වෙබ් අඩවි හා සසඳන කල සීග්‍ර වර්ධනයකි. කෙසේ වෙතත් ඇයගේ ෆේස්බුක් පිටුව සඳහා මිලියන 15.7 පමණ රසික පිරිසක් සිටින අතර ට්විටර් ගිණුම සඳහා ද මිලියන 11.9කට අධික පිරිසක් සිටී. ඇය ට්විටර් හි රසික සංඛ්‍යාව මිලියන 10 අතික්‍රමණය කලේ පසුගිය ඔක්තෝබරයේ වුවත් පසුගිය මාස 2 තුල මිලියන 2ක රසික සංඛ්‍යාවක් එක්කාසු කර ගැනීමට ඇය
සමත් විය.
 
Related Posts with Thumbnails