Ads 468x60px

.

කලනිගේ සහ තිලිනිගේ ප්‍රශ්න පත්‍ර කුණු කුඩයට ගියේ කෙසේද...?

විදේශ සංචාරයට එක් වූ අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා නැවත දිවයිනට පැමිණියේ ඊයේ දිනයේය.උසස්පෙළ ප්‍රතිපලහි දිස්ත්‍රික් කුසලතාව සංශෝධනය කර නැවත නිකුත් කලද විවිධ පාර්ශව විභාග ප්‍රතිඵලය දෝෂ සහගතයයි තවමත් චෝදනා කරනවා.විභාග කොමසාරිස් වරයා හා විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයා කැඳවා විශේෂ සාකච්චාවක් පවත්වන බවද අමාත්‍යවරයා විසින් ප්‍රකාශකොට ඇත.ඊයේ දිනයේ පැමිණි අමාත්‍යයවරයා කියා සිටියේ ප්‍රතිපල නිවැරදි බවත් ඉසෙඩ් ස්කෝර් අගය අනුව ලබාදුන් ශ්‍රේනිගතකිරීම් වල වරදක් ඇති බවයි.

මෙවර විභාග ප්‍රතිඵලයේ දෝෂ සහිත අවස්ථා මේවන විටත් වාර්තා වෙමින් පවතී.අම්පාර ඩී. එස්. සේනානායක ජාතික පාසලේ කලනි උත්තරා සහ තිලිනි දිලානි සමරකෝන් සිසුවියන් දෙදෙනාට ඔවුන්ගේ ප්‍රතිඵල පිරික්සීමේදී දක්නට ලැබී ඇත්තේ සිංහල විෂයේ ප්‍රතිඵල තවම නොලැබී ඇති බවයි.



පසුව කල සොයාබැලීමකදී හෙලිවී ඇත්තේ එම සිසුවියන්ගේ ප්‍රශ්න පත්‍ර එම ශාලාවේ කුනුකුඩයක තිබී ඇති බවයි.විභාගය අවසන් වූ අවස්ථාවේ එය දුටු ශාලාධිපති විසින් එම ප්‍රශ්නපත්‍ර විභාග කොමසාරිස් වරයා වෙත ගෙනගොස් දුන්නද එම ප්‍රශ්න පත්‍ර භාරගැනීම ප්‍රතික්ෂේප වී ඇත්තේ අනුමත නීතියට යටත්වය.
ඒ අනුව එම සිසුන් දෙදෙනාගේ ප්‍රශ්න පත්‍ර කුණු කුඩයට ගියේ කෙසේදැයි යන්න තවමත් ගැටලුවකි.

මේ අතර දිල්කා ශ්‍රීමාලි නම් සිසුවියක් අප වෙත කරුණු දක්වමින් ලිපියක් මගින් කියා ඇත්තේ ඇය පෙනී සිටි දේශපාලන විද්‍යා විෂය ධාරාව වෙනුවෙන් ඇයට ප්‍රතිඵල ලැබී නොමැති බවයි.
කිසිදු විභාග අක්‍රමිකතාවයකින් තොරව විභාගයට මුහුණ දුන් මෙම සිසුවිය අදාළ විෂයේ නිවැරදිව විභාග අංකය ලියු බවට ශාලාධිපති විසින්ද සහතික කොට තිබේ.නමුත් ඇගේ ප්‍රතිඵල ලේඛනයේ සඳහන් වන්නේ ඇය එම විෂයට පෙනී නොසිටි බවකි.

මේ පිළිබඳව විභාග දෙපාර්තමේන්තුව ප්‍රකාශකොට ඇත්තේ මේ බ
ලිඛිතව දැනුම්දෙන ලෙසයි.පසුගියදා එස්. බි දිසානායක අමාත්‍යවරයා නම් ප්‍රකාශ කලේ ගැටළුවක් ඇතොත් පිළිතුරු පත්‍රය වුවත් පෙන්වීමට ඔවුන් සුදානම් බවයි.එම සිසුවියගේ ලිපිය බලන්න පහතින් 


 
Related Posts with Thumbnails