Ads 468x60px

.

සමාවක් ලැබුණද? නොලැබුණද? ජෙනරාල් එජාපයට !


ජනාධිපති සමාවක් ලැබුණද? නොලැබුණද? දේශපාලන සිරකරු ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා ලබන වසර මුලදී එක්සත් ජාතික පක්‍ෂයට එක්වීමට බොහෝ දුරට ඉඩ ඇතැයි ඔහුගේ සමීපතම හිතවතෙකු දැඩි විශ්වාසයකින් යුතුව අප වෙත පැවසීය.

මේ රටේ දේශපාලන ප‍්‍රවාහය තුළ කටයුතු කිරීමේදී ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය හා එක්සත් ජාතික පක්‍ෂය යන ප‍්‍රධාන ප‍්‍රවාහ දෙකෙන් පිට ප‍්‍රජාතන්ත‍්‍රවාදී දේශපාලනයක් කිරීම ප‍්‍රායෝගික නොවන බව ජෙනරාල්වරයා මේ වනවිට මැනවින් අවබෝධ කොට ගෙන සිටින බව පැවසූ එම පුද්ගලයා, එක්සත් ජාතික පක්‍ෂයෙන් පැහැදිලි යෝජනාවක් ඉදිරිපත් වන්නේ නම් ඒ සම්බන්ධයෙන් යහපත් ප‍්‍රතිචාරයක් දැක්වීමට ජනරාල්වරයා බොහෝ දුරට කටයුතු කරනු ඇතැයි සඳහන් කළේය.
පසුගියදා එක්සත් ජාතික පක්‍ෂයේ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා ඇතුළු පිරිසක් වැලිකඩ බන්ධනාගාරයට ගොස් ජෙනරාල් ෆොන්සේකා මහතා සමග දිර්ඝ වශයෙන් සාකච්ඡා පවත්වා ඇති අතර, එම සාකච්ඡුා අතිශයින් ඵලදායක බව සිරිකොත එජාප මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු අප වෙත පැවසීය.
තවද, ලබන වසර මුලදී එක්සත් ජාතික පක්‍ෂයේ ව්‍යවස්ථාව යළි සංශෝධනය කිරීමට තිරණය කර ඇති අතර, නායකයා සහ අනෙකුත් ප‍්‍රධාන තනතුරු සම්බන්ධයෙන් එහිදී සංශෝධන කිහිපයක් ගෙන ඒමට තීරණය කර ඇතැයි එජාප මූලස්ථානයේ නිලධාරියා වැඩිදුරටත් පැවසීය.ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා ලබන වසර මුලදී ඔහුගේ දේශපාලන ජීවිතය සම්බන්ධයෙන් අතිශයින් වැදගත් තීරණයක් ගනු ලබන බව අප මීට පෙරද වාර්තා කළෙමු.
 
Related Posts with Thumbnails