Ads 468x60px

.

ගණිකාවක් වෙන්න බෑ කිව්වයි සැමියා හා නැන්දම්මා දස වද දීලා

දරුණු වධහිංසා වලට ලක් කර පස් මසක් පුරා සිය සැමියාගේ නිවසේ වැසිකිළියක ගැටගසා තිබූ 15 හැවිරිදි යොවුන් මනාලියක් ඇෆ්ගන් පොලිසිය විසින් සොයාගෙන ඇතැයි ඒ.ඇෆ්.පී. පුවත් සේවය වාර්තා කරයි.සහර් ගුල් නැමැති මෙම තරුණියට පහරදී ඇගේ අතක් කඩා, වමතේ නියපොතු පවා ඉවත් කර ඇතැයි පොලිසිය පවසයි.


දැඩි මානසික කම්පනයෙන් පසුවන මෙම තරුණිය වහා රෝහල්ගත කර ඇති බවත්, ඇගේ මුහුණට හා දෙපා වලට හානි සිදුවී ඇතැයි රෝහල් ආරංචිමාර්ග පවසන බවත් ඒ.ඇෆ්.පී. පුවත් සේවය වැඩිදුරටත් කියා සිටියි.ගණිකා වෘත්තියේ යෙදීම ප‍්‍රතික්ෂේප කිරීම හේතුවෙන් ඇයට සිය සැමියා හා ඔහුගේ මව විසින් පහර දී මෙසේ වැසිකිළියක සිරකොට ඇති බව එහි වැඩිදුරටත් සඳහන් වේ.මීට සත් මසකට උඩදී විවාහ වූ සහර් අතුරුදහන් වී ඇතැයි ඇගේ දෙමාපියන් විසින් කරන ලද පැමිණිල්ලකට අනුව පොලිසිය ඇය සෙවීමට උත්සුකව වී ඇත.

මේ සම්බන්ධව සහර් ගේ නැන්දම්මා ඇතුළු කාන්තාවන් තිදෙනෙකු අත් අඩංගුවට ගෙන ඇති අතර, සහර් ගේ සැමියා ප‍්‍රදේශයෙන් පලා ගොස් ඇතැයි ඇෆ්ගන් පොලිසිය පවසයි.ඇෆ්ගන් ස්වාධීන මානව හිමිකම් කොමිසම විසින් 2011 දෙවැනි කාර්තුවේදී කාන්තා හිංසන සම්බන්ධයෙන් කළ පැමිණිලි 1026ක් සටහන් කරගෙන ඇතැයි ඒ.ඇෆ්.පී. පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කරයි.

 
Related Posts with Thumbnails