Ads 468x60px

.

වික්ටෝරියා ඇලේක්සැන්ඩර් වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹට

තංගල්ල, මැඩිල්ලේ  පිහිටි සංචාරක හෝටලයක්‌ තුළදී ඇතිවූ ගැටුමකදී තුවාල ලබා ගාල්ල කරාපිටිය ශික්‌ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි රුසියානු ජාතික වික්ටෝරියා ඇලේක්සැන්ඩර් (23) තරුණිය ඊයේ  කොළඹ පෞද්ගලික රෝහලකට රැගෙන ගිය බව එම රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ වෛද්‍ය ජයම්පති සේනානායක මහතා පවසයි.


වික්ටෝරියා ඇලේක්සැන්ඩර් තරුණියගේ හා සංචාරක මණ්‌ඩලය විසින් කරනු ලැබූ ඉල්ලීමකට අනුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ලංකා හොස්‌පිට්‌ල් පෞද්ගලික රෝහල වෙත ඇය රැගෙන ගිය බවනියෝජ්‍ය අධ්‍යක්‍ෂ වෛද්‍ය ජයම්පති සේනානායක සඳහන් කළේය.කරාපිටිය ශික්‌ෂණ රෝහලේදී ඇය සුළු ශල්‍යකර්මයකට භාජන කළ බවත්, ඇගේ සෞඛ්‍ය තතත්ත්වය බරපතළ නොවන බවත් නියෝජ්‍ය අධ්‍යක්‍ෂ වෛද්‍ය ජයම්පති සේනානායක මහතා පවසයි.

  

රෝගී තරුණියට රෝහල් සේවකයෙක් අතවර කරලා

දඹුල්ල මූලික රෝහලේ විදුලි සෝපානයක් තුළදී රෝගී තරුණියක් ලිංගික අපයෝජනයකට ලක්කිරීමට උත්සාහ දැරූ එම රෝහල් සුළු සේවකයකු (27) ඊයේ පස්වරුවේ දඹුල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.මෙසේ අතවර කිරීමට උත්සාහ කර ඇත්තේ සැත්කමකට ලක් කිරීමට සිටි 19 හැවිරිදි තරුණියකි.තම අතේ වූ ආබාධයකට සුළු සැත්කමක් සඳහා තරුණිය රෝහල් ගතවී ඇති අතර සැත්කමට සූදානම් කළ තරුණිය රෝහල් සුළු සේවකයකු සමඟින් ශල්‍යාගාරය වෙත පිටත්කර හැරීමට වෛද්‍යවරුන් පියවර ගෙන තිබේ.

තරුණිය හා සුළු සේවකයා පමණක් විදුලි සෝපානය තුළ ගමන් ගනිද්දී තරුණිය මෙම සිද්ධියට මුහුණ පා ඇතැයි පැවසේ.සිද්ධියෙන් බියට පත් දැරිය සේවකයාගෙන් බේරී අදාළ වාට්ටුව බාර හෙදියට දැනුම්දීමෙන් පසු රෝහල් පොලිසිය පැමිණ තරුණියගෙන් ප‍්‍රකාශ සටහන් කර ගැනීමෙන් පසු සේවකයා අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු දඹුල්ල මහෙස්ත‍්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.සිද්ධිය සම්බන්ධයෙන් දඹුල්ල පොලිසිය පරීක්ෂණ සිදු කරයි.මේ අතර, වයස අවුරුදු 22ක යුවතියක් පැහැරගෙන යාම සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයින් හයදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා පැවසීය.

ඊයේ (27) පෙරවරුවේ අංකුඹුර කැප්පෙටිගල මාර්ගයේ මානවිල විහාරස්ථානය අසලදී මෙම පැහැර ගැනීම සිදුව තිබේ.වෑන් රථයකින් පැමිණි පිරිසක් පැහැර ගැනීම සිදු කළ බවට පොලීසියට කළ පැමිණිල්ලක් මත සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.වෑන් රථය හා පැහැර ගත් බව කියන යුවතියද සොයාගත් බවද පැවසේ.



දැරියගේ මල්වර දාම ඥාති සොයුරා අතවර කරලා

වැඩිවියට පත් 12 හැවිරිදි දැරියගේ මල්වර උත්සව දිනයේ රාති‍්‍රයේදී ඇයට බරපතල ලිංගික අපයෝජනයක් කළ බවට සැකපිට අත්අඩංගුවට ගෙන සිටි ඥාති සොයුරා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ලබන ජනවාරි 05 වැනිදා දක්වා රිමාන්ඞ් භාරයේ තබන ලෙස රම්බඩගල්ල අතිරේක මහේස්ත‍්‍රාත් ගුනේන්‍ද්‍ර කුමාර සිල්වා මහතා නියෝග කළේය.මෙලෙස රිමාන්ඩ් භාරයට පත්වූයේ 19 හැවිරිදි තරුණයෙකි.සැකකරු ගොකරැල්ල් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.

අතවරයට පත් දැරිය වෛද්‍ය පරීක්‍ෂණයක් සඳහා කුරුණෑගල රෝහලට ඇතුළත්කර ඇතැයිමෙහිදී ගොකරැල්ල පොලිස් නිලධාරීන් අධිකරණයට දැන්වීය. මෙලෙස අතවරයට පත්ව ඇත්තේ ගොකරැල්ල, මැලිසිරිපුර, ඉදිකඩ පැලැස්ස ප‍්‍රදේශයේ පදිංචිව සිටි දැරියකි.උත්සවයට පැමිණි ඥාති හිතමිත‍්‍රාදීන් විනෝද වෙමින් සිටියදී සැකකාර තරුණයා විසින් මෙම දැරිය එම නිවසේම කාමරයකට ඇදගෙන ගොස් ඇයට මෙම බලහත්කාර කම සිදුකර තිබේ.
 
Related Posts with Thumbnails