Ads 468x60px

.

රාජ්‍ය රූපවාහිනි සම්මාන උළෙලට බාල්දියක්


රූපවාහිනී ෙක‍ෂ්ත්‍රයේ කලාකරුවන් උදෙසා ලක්බිම පුවත්පතේ අනුග්‍රහයෙන් වාර්ෂිකව සංවිධානය කෙරෙන 'සුමති ටෙලි සම්මාන' උළෙලට අභියෝගාත්මක ලෙස රජයේ අනුග්‍රහයෙන් මෙවැනි සම්මාන උළෙලක් වාර්ෂිකව පවත්වන ලෙස සංස්කෘතික ඇමැති ටී.බී. ඒකනායක මහතාට උපදෙස් දී ඇත්තේ
ජනාධිපතිවරයාය.

ඒ අනුව එම අමාත්‍යාංශය විසින් විශාල වියදමක් හා ශ්‍රම සම්පත් යොදා ගනිමින් එම සම්මාන උළෙල හෙට පස්වරුවේ නෙළුම් පොකුණ රංග ශාලාව තුළ පැවැත්වීමට අනුමැතිය ගෙන ඒ සඳහා අදාළ සියලූ කටයුතු සංවිධානය කර තිබිණ.එහෙත්, නෙළුම් පොකුණ රංග ශාලාව සම්මාන උළෙලවල් සඳහා ලබා දිය නොහැකි බව නෙළුම් පොකුණ රංග ශාලාව භාර ආරක්ෂක ලේකම්වරයා විසින් සංස්කෘතික අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත ඊයේ දැනුම් දී තිබේ.
ව්‍යාපාරික මහා කලාකරු ජැක්සන් ඇන්තනී මහතාගේ බලපෑම මත ආරක්ෂක ලේකම්වරයා මෙම තීරණය ගෙන ඇති බව සංස්කෘතික අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු අප වෙත පැවසීය.මෙම සංස්කෘතික උළෙල අග්‍රමාත්‍ය දී.මූ . ජයරත්්න මහතාගේ ප්‍රධානත්වයෙන් අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට සියලූ කටයුතු යොදු තිිබූ බවත් කලාකරුවන් සහ විශේෂිත ආරාධිතයින් 1300කට ආසන්න පිරිසකට ආරාධනා පත් යවා තිබූ බවත් එම නිලධාරියා සඳහන් කළේය.
කෙසේ වුවත් හෙට දිනය තුළ මෙම උත්සවය වෙනත් ස්ථානයක පැවැත්වීම කඩිමුඩියේ කළ නොහැක්කක් බැවින් මෙම සම්මාන උළෙල දින නියමක් නොමැතිව කල් දැමීමට ඇමතිවරයා තීරණය කළ බවත් එම නිලධාරියා වැඩිදුරටත් පැවසීය.
 
Related Posts with Thumbnails