Ads 468x60px

.

අධිවේගීයේ ජනවාරි පළමුවැනිදා සිට ධාවනය වනවායු සමනය කළ බස්

දක්‍ෂිණ අධිවේගී මාර්ගයේ ජනවාරි පළමුවැනිදා සිට ධාවනය කිරීමට නියමිත සූඛෝපභෝගී බස්රථවල රියැදුරන්ට ප‍්‍රායෝගික පුහුණුවක් ලබාදීම කොට්ටාව පිවිසුම් මාර්ගයේ දී අද පැවැත්විණි.

අනුරාධපුරයේ සහ ගාල්ලේ පෞද්ගලික බස් සමාගම් දෙකක බස් රථ දෙකක් මුලින් ධාවනයට යෙදවීමට නියමිතය. කොට්ටාවේ සිට ගාල්ලට ටිකට් පතක මිල රුපියල් 400කි. වායු සමනය කළ බස්රියේ ආසන 42කි. බසය පැයට කිලෝමීටර් 100ට වැඩි වේගයෙන් ධාවනය කෙරෙන්නේ නම් අනතුරු ඇඟවීමේ සංඥාවක් හැඬවෙන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ආරියසේන කුමාරපේලි පවසයි.




 
Related Posts with Thumbnails