Ads 468x60px

.

අයාලේ යන SMS නිසා අමාරුවේ වැටුන ජාතික රුපවාහිනීය

ජාතික රුපවාහිනිය මගින් සිසිර සේනාරත්න මහතා මියගිය බව ප්රකාශ කරමින් පලකල අසත් ප්රවෘත්තිය හේතු කොට ගෙන ආයතනය තුල විශාල කලබගැනියක් ඇතිවුනි



මෙම ප්රවෘත්තිය කෙරේ විශ්වාසය තැබූ විවිධ පෞද්ගලික සහ රජයේ ගුවන් විදුලි නාලිකාද මෙම ප්රවෘත්තිය එලෙසම ප්රකාශ කොට තිබුණි.මෙම ප්රවෘත්තිය නිවැරදි කිරීමට රුපවාහිනියට පැය කීපයක් ගතවුවද එය ජනතාව අතරට නොගිය තරම්ය.රුපවාහිනී අභ්යන්තර තොරතුරුවලට අනුව පැවසෙන්නේ මෙම පුවත කවුරුන් හෝ හිතාමතා හෝ විනෝදයට පතුරුවා හරින ලද තොරතුරක් බවත් වැඩි දුර නොසොයා එය පලකොට ඇති බවත්ය.එමෙන්ම අද පුවත්පත්වලට ජාතික රුපවාහිනීයේ සභාපති මොහාන් සමරසිංහ මහතා ප්රකාශ කොට තිබුනේ මේ සම්බන්ධව ආයතනික පරීක්ෂණයක් පවත්වන බවයි


කෙසේ වුවද ජාතික රුපවාහිනියේ 8 ප්රවෘත්ති ප්රකාශයේදී මේ සම්බන්ධ විස්තරයේදී සේනාරත්න යුවල ලබන මස පවත්වන්නට යන සංගීත ප්රසංගය ගැන පවසා අවසානයේ "ප්රවීණ ගායක සිසිර සේනාරත්න සම්බන්ධයෙන් අසත් ආරංචියක් පැතිර ගියේය.ජාතික රුපවාහිනිය එය නිවැරදි කිරීමට පියවර ගත්තේය" ලෙස ඇගට පතට නොදැනී යනසේ ප්රකාශ කෙරුණි..අනතුරුව මෙය මාධ් වලින් නොව එස්.එම්.එස්. මගින් සිදුවූ වරදක් බවට ප්රවීණ ගායක යුවලෙන්ද ප්රකාශ ගෙන අවසන් කොට තිබුණි.

එම වීඩියෝව පහතින්.
 
Related Posts with Thumbnails