Ads 468x60px

.

ව්‍යාපාරික ක්‍ෂේත්‍රයේ දැවැන්ත ව්‍යාපාරිකයකු වූ ඊබට්‌ සිල්වා මියයයි

මියයන විට වයස අසූවයි...

සීමාසහිත ඊබට්‌ සිල්වා බස්‌ සමාගමේ අධිපති හා කීර්තිමත් ව්‍යාපාරික ඊබට්‌ ද සිල්වා මහතා පෙරේදා (28 වැනිදා) අභාවප්‍රාප්ත විය.

මියයන විට අසූ වැනි වියෙහි පසු වූ ඒ මහතා දෙදරු පියෙකි. වයස අවුරුදු 19 දී බස්‌ ප්‍රවාහන ව්‍යාපාරයට පිවිසි සිල්වා මහතා, පසුව එම ක්‍ෂේත්‍රයේ දැවැන්ත ව්‍යාපාරිකයකු බවට පත්විය. ඊබට්‌ සිල්වා ප්‍රවාහන ව්‍යාපාරය සතු බස්‌, ලොරි සහ වෑන් ඇතුළු වාහන සංඛ්‍යාව දෙසීයයකට අධිකය.



ප්‍රවාහන ව්‍යාපාරයට අමතරව තවත් ව්‍යාපාර කිහිපයක ද හිමිකරුවකු වූ ඒ මහතා, ඔහුගේ ව්‍යාපාර වෙනුවෙන් ජනාධිපති සම්මානයෙන්ද පිදුම් ලැබීය.

ඊබට්‌ සිල්වා මහතාගේ දේහය දෙහිවල, සර් බාරොන් ජයතිලක මාවතේ අංක 25 දරණ ස්‌ථානයේ තැන්පත් කර තිබෙන අතර, දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට (31 වැනිදා) සවස 5.00 ට ගල්කිස්‌ස පොදු සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතය.
 
Related Posts with Thumbnails