Ads 468x60px

.

මහ පාන්දර ප්‍රීටි ඇබැද්දියක...

පාරත් හොඳටම පාළුයි. වෙන කිසිම කෙනෙක් ඒ හරියේ ඉඳලා නැහැ. කාර් එක නවත්වපු තැනටත් දුරයිලු. ප්‍රීටිටත් ප්‍රේම්ටත් හිතුණලු මේ එන්නෙ නම් හොරු කට්ටියක්මයි කියලා...

සුරූපී නිළි ප්‍රීට් සින්ටා මේ දිනවල ඉතා කාර්ය බහුල තත්ත්වයකයි පසුවෙන්නේ. ඇය නිෂ්පාදනය කළ ‘ඉෂ්ක් ඉන් පැරිස්’ චිත්‍රපටයේ වැඩකටයුතුවල නියැළී සිටින නිසයි, ඇයට මේ අවිවේකය. මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ ප්‍රේම් සෝනි. 


ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ ප්‍රීට් සින්ටා, ඉස්බෙලි අඩ්ජානි සහ සල්මන් ඛාන්. ආදර කතාවක් රැගත් ‘ඉෂ්ක් ඉන් පැරිස්’ චිත්‍රපටයේ රූපගත කිරීම් සිදු කර ඇත්තේ ඉන්දියාවේ සහ ප්‍රංශයේයි. චිත්‍රපටය තිරගත වීමට නියමිතව තිබෙන්නේ මේ වසරේ සැප්තැම්බර් 21 දායි.


මීට සතියකට පමණ කලින් ප්‍රීට් ට මුහුණ දෙන්නට සිදුවුණේ තරමක බිය උපදවන අත්දැකීමකටයි. ‘ඉෂ්ක් ඉන් පැරිස්’ චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයාට අවශ්‍ය වුණා මේ චිත්‍රපටය වෙනුවෙන් ගීතමය ජවනිකාවක් රූපගත කරන්න. ඒ සඳහා ඔහු තෝරා ගත්තේ ලොඛන්ද්වාලා නමින් හැඳීන්වෙන විශාල වපසරියකින් යුතු ප්‍රදේශයක්. මෙය නිවාස සංකීර්ණයන් සහ වෙළෙඳ මධ්‍යස්ථානයන් පිහිටුවා ඇති ප්‍රදේශයක්. මුම්බායි නුවර, ඔෂිවාරා නම් වූ ප්‍රදේශය තුළයි ලොඛන්ද්වාලා පිහිටා ඇත්තේ.


ඉතින්, අධ්‍යක්ෂවරයාට ඒ ප්‍රදේශය බලන්න යන්න ඕනෑ වූ නිසා ප්‍රීට්ත් ඒ ගමනට සූදානම් වුණා. නමුත් අධ්‍යක්ෂ ප්‍රේම් පැවසූ වදනකින් ප්‍රීටි ගේ සිත මදක් තිගැස්සුණා. ඔහුට අවශ්‍ය වුණේ මිනිසුන් නොගැවසෙන රාත්‍රී හෝ අලුයම් කාලයකදී ඒ ප්‍රදේශය නරඹන්නටයි. ප්‍රීටි එයට කැමැති වුණේ නැහැ.


නමුත්, අධ්‍යක්ෂවරයාගේ ඉල්ලීම මත ඇය ඒ ගමනට එක් වුණා. ඔවුන් දෙදෙනා ලොඛන්ද්වාලා ප්‍රදේශයට පිටත්ව ගියේ අලුයම 2 ට පමණ!” අධ්‍යක්ෂ ප්‍රේම්ට අවශ්‍ය වුණේ ඒ ප්‍රදේශයේ ඇවිදිමින් ගීතමය ජවනිකාවට ගැලපෙන ලස්සන තැන් කිහිපයක් හොයා ගන්නයි.


ඒ නිසා කාර් එකක ගිය මේ දෙන්නා, කාර් එක එක තැනක නවත්තලා පයින් ඇවිදගෙන ගියා. ටික දුරක් යන කොට ප්‍රීටිට අමුත්තක් දැනුනලු. අධ්‍යක්ෂ ප්‍රේම්ටත් එහෙම හැඟීමක් ඇති වෙලා. දෙන්නම ඇවිත් තියෙන්නෙ නරක වෙලාවක නරක පළාතකටද? කියල හිතුණලු.”


‘ඉෂ්ක් ඉන් පැරිස්’ චිත්‍රපටයේ කාර්මික ශිල්පියෙකු සිද්ධිය විස්තර කරන්න පටන් ගත්තා. අපි ඔහුගෙන් ම ඉතුරු කොටසත් දැනගනිමු...” ප්‍රීටිට තේරුණා කවුරු හරි කට්ටියක් තමන් දෙන්නගෙ පස්සෙන් එනවයි කියලා. ප්‍රීටිට බය හිතිලා පාන්දර ජාමෙක මෙහෙම පස්සෙන් එන්නෙ හොඳකට නම් නෙමෙයි කියලා ප්‍රීටිට හිතුණලු. පාරත් හොඳටම පාළුයි. වෙන කිසිම කෙනෙක් ඒ හරියේ ඉඳලා නැහැ. කාර් එක නවත්වපු තැනටත් දුරයිලු. ප්‍රීටිටත් ප්‍රේම්ටත් හිතුණලු මේ එන්නෙ නම් හොරු කට්ටියක්මයි කියලා. මොනව කරන්නද? දෙන්නම ඉක්මන් ගමනින් ඉස්සරහටම ගියාලු.


පස්සෙන් ආපු කට්ටිය දුවගෙන ඇවිත්. ළඟටම ආපු ඒ කට්ටියේ එක තරුණයෙක් ප්‍රීටිට සමරු පොතක් දීලා අත්සන් කරන්න කිව්වලු. එතකොට තමයි ප්‍රීටිගෙ බය ටිකක් හරි අඩුවෙලා තියෙන්නෙ. ප්‍රීටි හිනාවෙලා සමරු පොත අතට අරගෙන අත්සනක් දැම්මාලු. ඊට පස්සෙ මේ කට්ටිය කිව්වලු ප්‍රීටියි අධ්‍යක්ෂ ප්‍රේම් එක්කයි පින්තූරයක් ගන්න ඕනැයි කියලා. ඒකටත් දෙන්නම කැමතිවෙලා. ඉතින්, ප්‍රීටිටත් ප්‍රේම්ටත් පින්තූර දෙක තුනකටම පෙනී සිටින්න වුණාලු. තරුණ කට්ටිය ඒ ගැන ගොඩක් සතුටු වෙලා දෙන්නටම ස්තුති කරල යන්න ගිහින්.”


පාන්දර 2 ටත් තමන් මුණ ගැහෙන්න රසිකයන් දක්වන උනන්දුව ගැන තමන් බෙහෙවින් සතුටු වන බවයි මේ ගැන පසු දිනයකදී කතා කළ ප්‍රීටි පැවසුවේ.
 
Related Posts with Thumbnails