Ads 468x60px

.

සතුන් සමග අස්වාභාවික ලිංගික කි‍්‍රයාකාරකම් තහනම්.

ගොවිපොලවල් වලින් සතුන් මිසින් වෙලා...
ඇත්තෙන්ම සතුන් අපේ සමීපතමයන්...   

ඔවුන් සමග බලහත්කාරයෙන් කිසිවක් කල නොහැකියි...
කාන්තාවන්ට වඩා පහසුවෙන් සතුන්ව තේරුම්ගන්න පුලවන්...

සතුන් සමග ලිංගික කි‍්‍රයාකාරකම්වල නියැලීම (bestiality) නීතියෙන් තහනම් කිරීමට ජර්මනිය තීරණය කර තිබෙනවා. 

ජර්මන් පාර්ලිමේන්තුවේ කෘෂිකර්ම කමිටුව විසින් සම්පාදනය කරන ලද මෙම යෝජනාව පහල මන්ති‍්‍ර මන්ඩලය වෙත දෙසැම්බර් 14 දින ඉදිරිපත් කිරීමට නියමිත අතර මෙම නීතිය ස්ථාපිත කිරීම මගින් සත්ව හිංසනය මෙන්ම අස්වාභාවික ලිංගික කි‍්‍රයාකාරකම්
වැලැක්වීමද තමන්ගේ මූලික අරමුණු වන බව කෘෂිකර්ම කමිටු ප‍්‍රධානී හාන්ස් මයිකල් ගෝල්ඞ්මන් පවසනවා.

 
ජර්මනිය තුල සතුන් සමග ලිංගික කි‍්‍රයාකරකම් වල නියැලීම 1969 වසරේ සිට නීත්‍යානුකූල කර තිබූ අතර මෑත කාලයේදී සතුන් ලිංගික හිංසනයට පත්වීම් මෙන්ම ගොවිපොලවල් වලින් සතුන් පැහැර ගැනීම්ද විශාල ලෙස වර්ධනය වීම මෙම තහනම බලාත්මක කිරීමට ආසන්න හේතුව වශයෙන් පරිසරවේදීහු පවසනවා.

මේ අතර බලාත්මක කිරීමට නියමිත මෙම තහනමට විරුද්ධව අදහස් පල කරන සතුන් සමග ලිංගික කි‍්‍රයාකාරකම් වලට පක්ෂ සංවිධානයක ප‍්‍රධානියෙකු වන මයිකල් කියෝක් පවසන්නේ තමන් මෙම නව නීතියට එරෙහිව නඩු පවරන බවයි.

ඇත්තෙන්ම සතුන් අපේ සමීපතමයන්. ඔවුන් සමග බලහත්කාරයෙන් කිසිවක් කල නොහැකියි. කාන්තාවන්ට වඩා පහසුවෙන් සතුන්ව තේරුම් ගැනීම පහසුයි. යනුවෙන් මයිකල් කියෝක් වැඩිදුරටත් පවසනවා.

මේ අතර ඉදිරියේදී ජර්මනිය තුලදී මෙම නීතිය කඩන්නන්හට යුරෝ 25000 ක දඩයකට යටත්වීමට සිදුවනු ඇතැයි වාර්තා වෙනවා.

සතුන් සමග ලිංගික කි‍්‍රයාකාරකම් හී නියැලීම නෙදර්ලන්තය, ප‍්‍රංශය සහ ස්විට්සර්ලන්තය වැනි රටවල තහනම් කර ඇති අතර ඩෙන්මාර්කය, ස්වීඩනය සහ බෙලිජියම වැනි යුරෝපා රටවල් වල නීත්‍යානුකූල කි‍්‍රයාවක් ලෙස වර්ග කර තිබෙනවා.
 
Related Posts with Thumbnails