Ads 468x60px

.

සෝමාවතීයෙන් තවත් ප්‍රාතිහාරයක් - නෙලුම් මලක හැඩයෙන් යුත් වර්ණවත් මලක් විහිදෙයි


සුදු සහ වර්ණවත් 
නෙලුම් මලක් 
චෛත්‍ය ලඟට 
ඇවිත්

සාදු හඩින් චෛත්‍ය 
ගිගුම් දෙයි 

බුදුරජාණන් වහන්සේගේ දක්ෂිණ දන්ත ධාතුන් වහන්සේ වැඩසිටින ඓතිහාසික සෝමාවතී චෛත්‍යරාජයාණන් අබියස නිරන්තර සිදුවන ආශ්චර්යමය සිද්ධි නිසා එම පුදබිමට මුරුතැන් පූජා පවත්වන්නට, කප්රුක් පූජා පවත්වන්නට බැතිමත්හු විශාල පිරිසක් ඇදී එනවා. 

එවැනි බොහෝ අවස්ථාවල දක්ෂිණ දන්තධාතුන් වහන්සේ වැඩහිඳින චෛත්‍යරාජයා අබියසින් සිදුවන ආශ්චර්යජනක ප්‍රාතිහාරයන් කැමරා වලට හසුවූ අවස්ථා එමටයි. එවන් අවස්ථා කිහිපයක් අප මීට පෙර ඔබ වෙත ගෙන ආ අතර එම අවස්ථා බොහෝ බැතිමතුන් අතරට පැතිර ගියා.

එවැනි අන්දමේ ආශ්චර්ය සිද්ධියක් පසුගිය දිනෙකද සිදුවුණා. ඒ රද්‍ෙදාළු ගම සුනිල් වැලිවිට මහතාගේ දායකත්වයෙන් එම චෛත්‍යරාජයාණන් අබියස කප්රුක් පූජාවක් සහ මුරුතැන් පූජා පැවැත්වූ අවස්ථාවේ බැති මතුන් විස්මයට පත්කරමින් ක්‍ෂණිකව සුදු සහ වර්ණවත් එළියක්

විහිදුවමින් චෛත්‍ය කරා සමීප වූ නෙලුම් මලක හැඩයෙන් යුත් වර්ණවත් මලක් චෛත්‍යය වටා පලඳවා තිබූ කප්රුක අතරේ විනාඩි 10ක් පමණ රැඳී රශ්මි විහිදුවන්නට වූ බව එම පින්කමට සහභාගි වූ දෙහිවල රොෂාණා තකර් මහත්මිය පැවසුවා.

එදින දහවල් දළදා සමිඳුන්ට මුරුතැන් පූජාව අවසන් කර සවස 1.30ට පමණ මේ ආශ්චර්යවත් දේ සිදුවෙද්දී එතැන සිටි බැතිමතුන්ගෙන් නැඟුණු සාදුකාර හඩින් චෛත්‍ය අවට ගිගුම් දී ගිය බවද ඇය පැවැසුවා.


සෝමාවතියේ හාස්කම් සුලභයි - ඒවා සියසින් දැකගැනීමට හැකි වෙන්නේ කලාතුරකින්
බැතිමතුන්ගේ සාධුකාර මධ්‍යයේ සෝමාවතිය ඉහළ අහසේ රැස් විහිදෙයි
 
Related Posts with Thumbnails