Ads 468x60px

.

අයිසෙක් නිව්ටන්ගේ අනාවැකියට අනුව මීළඟ ලෝක විනාශය 2060 වසරේලු...

එනම් තව වසර හතළිස් අටකින්...

2012දෙසැම්බර් 21දා ලෝක විනාශය සිදුවන බවට පැවසුණු අනාවැකිය පුස්සක් බවට පත් වුණා. එහෙත් එමගින් මෙම ලෝක විනාශ  අනාවැකි මාලාව නතර වී නැත.

ඉදිරියේදී ද ‘මෙබඳුම’ ලෝක විනාශ කිහිපයක් අප අතරේ පෙළ ගැසී තිබෙනවා. නමුත් ඒ අතුරින් විශේෂතම සිදුවීමක් වන්නේ ඊළඟ ලෝක විනාශයට පිළිබඳ දිනයක් ද නියමකොට තිබිමය. 

බ්‍රිතාන්‍යයේ සිටි සුප්‍රකට විද්‍යාඥයකු වූ ශ්‍රීමත් අයිසෙක් නිව්ටන් වසර පනහක් ගතකරමින් පිටු 4,500ක් පුරා ගණනය කරමින් ලෝක විනාශයක් සිදුවිය හැකි දිනයක් පිළිබඳ අනාවැකියක් පළ කරන්නට උත්සාහ කොට ඇත. ඔහුගේ ගණනය කිරීම්වලට අනුව මීළඟ ලෝක විනාශය සිදුවිය හැක්කේ 2060දී ය. එනම් තව වසර හතළිස් අටකිනි.

2012 ලෝකය විනාශ වීමේ අදහසට මූලික හේතුවක් සැපයන්නට හේතු කාරණා බොහොමයක් විය. ඇතැම් ආගම්වලින් ද නිතරම පාහේ ලෝක විනාශයක් පිළිබඳ කතා පැතිරවීම එකකි. එමෙන්ම මෙම කතාවට මූලික නිමිත්ත වනුයේ

ඇමරිකා මහද්වීපයට අයත් අතීතයේ ඉතා සෞභාග්‍යමත්ව පැවතුණු මායාවරුන්ගේ ශිෂ්ටාචාරයට අයත් ගලක කැටයම් කළ දින දර්ශනයකි. 

ඔවුන් මෙසේ ගලක කැටයම් කළ දින දර්ශනය 2012 දෙසැම්බර් 21 අවසන් ව ඇත.. මෙය හදිසියේ මෙන් සොයාගත් ඇමරිකාව ප්‍රමුඛ බටහිර ජාතීන්ට අයත් අනාවැකි පළ කරන්නන් පැවැසුයේ එම දින දර්ශනයට අනුව 2012 දෙසැම්බර් 21 ලෝකය විනාශ වන බවයි. 

මීට අමතරව අතීතයේ සිටි සුප්‍රකට අනාවැකි පළකරන්නකු වූ නොස්ට්‍රඩාමුස් ද මෙම වකවානුවේම සිදුවිය හැකි ලෝක විනාශයක් පිළිබඳ අනාවැකි පළකොට තිබිණි. මොහු මතෛක් පළ කළ සියලුම අනාවැකි පාහේ නිවැරැදි වී තිබිම නිසා මෙය ද නිවැරැදි වනු ඇතැයි බහුතරයක්  සිතූහ.

එමෙන්ම 2012 යනුවෙන් දැනට වසර කිහිපයකට පෙර ජනප්‍රිය වූ සිනමාපටය ද මෙම ලෝක විනාශ බලා‍පොරොත්තුවට ඕනෑවටත් වඩා තල්ලුවක් දුන්නේය. එහි ලෝක විනාශය සිදුවන ආකාරය පිළිබඳ යම් විද්‍යාත්මක අදහසක් ඉදිරිපත් වුවත් විද්වතුන් පවසන්නේ එවැන්නක් සිදුවන්නට තවත් වසර මිලියන ගණනක් ගතවනු ඇති බවයි. මෙම සිනමාපටයෙන් ඉදිරිපත් කෙරුනේ 2012 ලෝක විනාශය සිදුවනු ඇති බවය.


ඔවුන්ද මෙම දින වකවානු සඳහා මූලාශ්‍රය කොට ගන්නට ඇත්තේ මායාවරුන්ගේ දින දර්ශනයයි. ඇමරිකාව යනු සියවස් තුනකට මෙපිට ගණනක ශිෂ්ටාචාරයක් ඇති රටකි. 


ඒ නිසා මායාවරුන්ගේ පිහිටෙන් ඔවුන් ලෝකයේ අනෙකුත් සුප්‍රකට
ශිෂ්ටාචාර ඇති රටවල්වල ගොන්නට වැටෙන්නට මෙවැනි අදහසක් ලොව පුරා ප්‍රචාරය කරන්නට ඇති බව ඇමරිකන් විරෝධීහු කියති.  ඉන්දු, නිම්න, මොහෙන්ජෝදාරෝ හරප්පා, යුප්‍රටීස්, ටයිග්‍රීස්, ඊජිප්තු, හොවැංහෝ ආදිය ලොව පැරණිතම ශිෂ්ටාචාර ගණයට අයත්වේ.


කොටින්ම අප රටෙහි ශිෂ්ටාචාරය ගෙන බැලුවද ඇමරිකාවට ඒ අහලකට හෝ පැමිණෙන්ට නොහැකිය. ඔවුන් මේ සා ධනවත් වූයේ ලෝකයේ විවිධ සෞභාග්‍යමත් ජාතීන් කොල්ලකෑමට ලක්කළ නිසාය. 


අද සිදුවන්නේද එයමය. එබැවින් ඔවුන් දැන් ඇමරිකාව යැයි කියනු ලබන භූමියේ අතීතයේ පැවැති මායාවරුන්ගේ අති විශිෂ්ට ශිෂ්ටාචාරය තුළ තමන්ගේ නමද රඳවා ගන්නට මෙවැනි අපූරු පුවතක් නිර්මාණය කරන්නට ඇති බවට පළ වන  මතයෙහිද යම් සත්‍යයක් තිබිය හැකිය.


මෙවර ලෝක විනාශය සිදුවිය හැකි ආකාරය පිළිබඳ පැතිරී ගිය ජනප්‍රියතම අදහස වූයේ සුවිසල් අභ්‍යවකාශ වස්තුවක් පෘථිවිය හා ගැටීමයි. එසේ ගැටීමෙන් ලෝකයම ඝන අඳුරක ගිලී සියලු ජීවීන් විනාශවී යනු ඇති බව පැවැසිණි. 


දැනට වසර මිලියන  ගණනකට පෙර ලෝකයේ සිටි දැවැන්තයන් වූ ඩයිනෝසෝරයන් වඳ වී ගියේද මෙවැනි දෙයක් නිසා බැව් පැවැසේ. එහිදී යෝධ ග්‍රහවස්තුවක් පෘථිවිය හා ගැටී පෘථිවිය දීර්ඝ කාලයක් දුහුවිල්ලෙන් වැසී ගියේය. හිරු එළිය ‍පොළොවට පතිත වූයේ නැත. 

එහි ප්‍රතිඵලයක් ලෙස සියලු ප්‍රාණීන් විනාශයට පත්විය. පෘථිවිතලයට මෙවැනි යෝධ අභ්‍යවකාශ වස්තූන් පතිත වූ ස්ථානවල ලකුණු අදටත් ඉතිරිව තිබේ. එවැන්නක් සිදු වූයේ නම් නිසැකවම ලෝකය විනාශ වී යනු ඇත. 

නමුත් ලෝකයේ අභ්‍යවකාශ පර්යේෂණවල ඉදිරියෙන්ම සිටින ඇමරිකාවේ සුප්‍රකට නාසා ආයතනයේ අති ප්‍රබල දුරේක්ෂවලට හෝ පෘථිවිය දෙසට වේගයෙන් ඇදී එන ආගන්තුක අභ්‍යවකාශ වස්තුවක් හසුවූයේ නැත.  අතීතයේද මෙවැනි ලෝක විනාශ සිදුවීම් ලැයිස්තුවක්ම තිබේ. 

ඒ කිසිදු අවස්ථාවක තදබල සුළඟක් හෝ හැමුවේ නැත. නමුත් මෙවර නම් අප රටට අධික වර්ෂාපතනය, නාය යාම්, පස්කඳු කඩා වැටීම්, ගංවතුර ආදිය පැමිණි නිසා ඇතැමුන් පවසන්නට වූයේ ඒවා ලෝක විනාශයේ පෙරනිමිති බවය. නමුත් සිදු වූ දෙයක් නැත.

මෙවැනි සිදුවීම් කිතු උපතට පෙර සිටම මානව ශිෂ්ටාචාරය මුළුල්‍ලේ වාර්තා වී තිබේ. ක්‍රි.ව. 53,500,1000,1033 ආදී වශයෙන් මෙම  ලෝක විනාශ ලැයිස්තු දුරාතීයට දිවේ. මේ සියලු අවස්ථාවකදීම පැවැසුණේ ලෝකයේ අති විශාල විපර්යාසයක් සිදුවනු ඇති බවකි.


සෑම වසර 179කටම වරක් අප සෞරග්‍රහ මණ්ඩලයේ සාමාජිකයන් එක පෙළට ස්ථානගත වන අවස්ථාවක් 1081 දෙසැම්බර් 31 වැනිදා උදාවිය. මෙම දිනය ද එකල ප්‍රසිද්ධියට පත් වූයේ ලෝක විනාශ දිනයක් ලෙසිනි. නමුත් සිදු වූ දෙයක් නැත.


1991 දී ඇති වූ ගල්ෆ් යුද්ධය ලෝක විනාශයේ ආරම්භය බවට එවකට සිටි ඉස්ලාමීය නායකයකු වූ ලුවී ෆරක්කාන් පවසා සිටියේය. නමුත් ඒ යුද්ධය ගල්ෆ් කලාපයෙන් ඔබ්බට පැතිර ගියේ නැත.


ලෝක විනාශ සිදුවිය හැකි යැයි අනාවැකි පළකළ වර්ෂ අතර 1988 තවත් සුවිශේෂී තැනකට පත්ව තිබේ. එය අංක විද්‍යාත්මක පදනමකින් පැවැසූවකි. 666 යන්නෙහි තුන් ගුණය 1988 වීම නිසා එය ලෝක විනාශය සිදුවිය හැකි වසරක් බවට ප්‍රචලිත විය. 


තවත් අංක විද්‍යාත්මක පදනමකින් ලෝක විනාශයක් පිළිබඳ අනාවැකි පළකිරීමක් සිදු වූවේ වසර 2000 දීය. 2000 තුනෙන් බෙදූ විට ලැබෙන පිළිතුර වූයේ 666.66666666666667. එමෙන්ම ජේසු උපත සිදු වී වසර 2000ක් ඉක්ම ගොස් ඇති බැවින් ජේසුස් වහන්සේ එම වසරේදී ආගමනය කළ හැකි බවටද කිතුනු ලෝකය පුරා මතයක් පැතිර තිබිණි. 

නමුත් මනුෂ්‍ය පුත්‍රයා පැමිණියේ නැත. අනාවැකි පළකළ අන්දමින් ලෝක විනාශයක් සිදු වූයේ ද නැත. ඒ කෙසේ හෝ 2060 සිදුවීමට නියමිත මීළඟ ලෝක විනාශය දැක බලා ගැනීමටත් ඉන්පසුව ඒ පිළිබඳව කතාබස් කිරීමටත් ඇතැම් ළමාවියේ සහ තරුණ අවධීන්හි පසුවන්නවුන්ට හැකිවනු ඇත.
 
Related Posts with Thumbnails