Ads 468x60px

.

අද (21) පස්වරු 4.41ට අවසන් වුනු මායාවරුන්ගේ කැලන්ඩරය...

2012 ලෝක විනාශය ගැන පදනම් වන එකම කාරණය වන්නේ මායාවරුන්ගේ කැලැන්ඩරය පමණයි. 

ඒත්, මායාවරුන් සඳහන් කර ඇත්තේ මේ වසරේ දී දුෂ්කර යුගයක් අවසන් වී නව යුගයක් ඇරඹෙන බව විනා ලෝක විනාශයක් ගැන නොවේ.

මායාවරුන්ගේ කැලන්ඩරය වසර 5125.26 කට පසුව අවසන් වීමට තිබුනේ අද ග්‍රිනිජ් වේලාවෙන් 11:11 ටය. 

එනම් ශ්‍රී ලංකාවේ වේලාවෙන් සවස 4.41 ටය. නව කැලන්ඩරයක් ආරම්භ වීම නිමිත්තෙන් එය සමරා මේ වනවිට ගෝතමාලාවේ මායා වරුන් තමන්ගේ සැමරීම් ආරම්භ කර තිබෙනවා.

ඒවායේ ජායාරූප කිහිපයක් පහතින්.
















ලෝක විනාශය අද නොවේ හෙට – නාසා විද්‍යාඥ සරත් ගුණපාල...

අද ලෝක විනාශය සිදු නොවන බව ස්ථීර වුවත් අනාගතයේ කෙදිනක හෝ එැවන්නක් සිදුවිය හැකි බව නාසා හි ජෙට් ප‍්‍රචාලන පර්යේෂණාගාරයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ හා කණ්ඩායම් අධීක්‍ෂක ආචාර්ය සරත් ගුණපාල පවසයි.

‘‘ඇමරිකාවේත් සුළු පිරිසක් 2012 ලෝක විනාශය ගැන විශ්වාස කරනවා. මේ පිළිබඳව රූපවාහිනී වැඩසටහන් පවා ප‍්‍රචාරය වෙනවා. 

එවැනි වැඩසටහන් කිහිපයක් මමත් නැරඹුවා. ඇතැම් මිනිස්සු වසර ගණනාවකට ප‍්‍රමාණවත් කල් තබාගත හැකි ආහාරපාන ආදිය එක් රැස් කර ගනිමින් ඒවා අන් අය පැහැර ගනී කියල ආරක්‍ෂක ක‍්‍රමත් යොදා ගෙන ඇත. ඇතැම් අය පොළොව යට බංකර පවා හදාගෙන ඉන්නවා’’ යැයි හෙතෙම පැවසීය.

ඔහු වැඩි දුරටත් පවසන්නේ මේ ආකාරයෙන් ලෝක විනාශය ගැන විශ්වාස කරන්නේ මිලියන ගණනකට කිහිප දෙනකු වැනි ඉතා සුළු පිරිසක් බව ය.

විද්‍යාත්මකව ගත් කළ මෙම ‘ලෝක විනාශ’ පුවත අලූයම ලූ කෙළ පිඬක් මෙන් ඉවතලිය යුතු බව ආචාර්ය ගුණපාලයන්ගේ අදහස ය.
ලෝකයට විශාල විපතක් සිදුවිය හැකි ආකාර කිහිපයක් ම ඇති බව පවසන ඔහු ඒ කිසිම සිදුවීමක් නිශ්චිත ලෙස සිදුවන දිනයක් හෝ කාලයක් පිළිබඳව පැවැසිය නොහැකි බව ද අවධාරණය කරයි.

අභ්‍යාවකාශයේ සිට පැමිණෙන විශාල ග‍්‍රහකයක් පොළොවට පතිතවීමෙන්, ඇතැම් බැක්ටීරියා හෝ වෛරස නිසා හටගන්නා හඳුනා නොගත් රෝගයකින්, විශාල භූ කම්පනයක් හෝ සුනාමියක් මඟින්, දැවැන්ත ගිනි කඳු පිපිරීමකින් පිටවන දුමෙන් හිරු එළිය නොලැබී යෑමෙන්, හිරුගේ කොරෝනාවෙන් පිටවන අංශු ප‍්‍රවාහයකින්, මිය යමින් ඇති තරුවකින් පිටවන අධිශක්ති කිරණ ප‍්‍රවාහයකට හසුවීමෙන්, කළුකුහරයක් සමීපවීම නිසා හිරුමඬලේ ඇති විය හැකි ගුරුත්ව අස්ථාවරත්වයකින් පමණක් නොව නොසිතූ විරූ දැවැන්ත ආර්ථික අර්බුදයක් හමුවේ මිනිසුන් සියදිවි හානි කර ගැනීමට පෙළඹීමෙන් පවා ‘ලෝක විනාශයක් ’ සිදු විය හැකි බවත් එහෙත් එවැන්නක් අපේ ජීවිිත කාලය ඇතුළත හෝ නුදුරු අනාගතයේ පවා සිදු විය හැකි යැයි සිතිය නොහැකි බවත් ඔහු පවසයි.

‘‘ස්ථීරව පැවැසිය හැකි එක ම දෙය නම්, මේවායේ ඇති අස්ථීර ස්වභාවය පමණයි’’

2012 ලෝක විනාශය ගැන පදනම් වන එකම කාරණය වන්නේ මායාවරුන්ගේ කැලැන්ඩරය පමණයි. ඒත්, මායාවරුන් සඳහන් කර ඇත්තේ මේ වසරේ දී දුෂ්කර යුගයක් අවසන් වී නව යුගයක් ඇරඹෙන බව විනා ලෝක විනාශයක් ගැන නොවේ යැයි ද හෙතෙම වැඩිදුරටත් පවසයි.


ලෝක විනාශය වෙන්නේ 2052 දෙසැම්බර් 21...

ග‍්‍රහචාර, දේවකෝප හෝ පිටසක්වළ ජීවීන්ගේ බලපෑමක් නිසා ලෝක විනාශයක් සිදු නොවුවද, ලෝක විනාශයකට ආරාධනා කර තිබෙන්නේ අප විසින්ම යැයි බස්නාහිර පළාත් පරිසර අමාත්‍ය උදය ප‍්‍රභාත් ගම්මන්පිල මහතා පැවසීය.
 
දෙසැමිබර් 21 වැනි දිනෙන් මායාවරුන්ගේ දින දර්ශනය අවසන් වුවද ලෝක විනාශයක් ගැන ඔවුන් කිසිවිටෙක සඳහන් කර නොමැත. එවන් වටපිටාවක දී බෝධි පූජා හෝ දේව කන්නලව් කිරීමෙන් ඵලක් නැතැයිද අමාත්‍යවරයා සඳහන් කළේය.

මිනිසා විසින් සිදුකරනු ලබන පරිසර විනාශයත් සමග තවත් වසර පනහක් ගිය තැන මිනිසාට ජීවත්වීමට ලෝකයක් ඉතිරිවේද යන්න සැකසහිත යැයිද අමාත්‍යවරයා පැවසුවේ ජාතික පුස්තකාල හා ප‍්‍රලේඛන සේවා මණ්ඩලයේ පැවති මාධ්‍ය හමුවකදීය.

ගෝලීය උණුසුම් ඉහළ යෑමේ අවධානම පිළිබඳ ලෝකවාසි ජනතාව දැනුවත් කරමින්, පොසිල ඉන්ධන දහනය පාලනය සඳහා ජනතාව පෙළඹවීම අරමුණු කරගනිමින් ‘මිහිකත හෝරාව 2013’ ලබන වසරේ මාර්තු 21 වැනිදා පැවැත්වීම ගැන මාධ්‍ය දැනුම්වත් කිරීමද මෙහිදී සිදුවිය.
‘‘ග‍්‍රහචාර, දේවකෝපය හෝ පිටසක්වල ජීවීන්ගේ බලපෑමක් නිසා ලෝක විනාශයක් සිදුවෙන්නේ නැහැ. 

අප විසින්මයි ලෝක විනාශයට ආරාධනා කර තියෙන්නෙ. බෝධි පූජා හෝ දේව කන්නලවි කරලා මේකෙන් බේරෙන්න බැහැ’’ යනුවෙන් අමාත්‍යවරයා ප‍්‍රකාශ කළේ ය.‘‘මායාවරුන්ට තිබුණු තාරකා විද්‍යා දැනුමට නූතන ලෝකයට ළඟාවෙන්න බැරිවෙලා තියෙනවා. 

දෙසැම්බර් 21 වැනිදායින් දින දර්ශනය අවසන් වූවත් ලෝක විනාශයක් සිදුවන බව ඔවුන් කිසිදවසක කියල නෑ. අපේ පරිසරය ආරක්‍ෂා කර ගත්තේ නැතිනම් 2052 දෙසැම්බර් 21 වන විට ජීවත්වන්නට ලෝකයක් ඉතුරුවේවිද කියන්න බැහැ’’ යනුවෙන්ද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.


ජීවයට සුදුසු තවත් ග‍්‍රහලොවක් සොයාගැනේ...

සූර්යයාට ආසන්නවම සමානවන තාරකාවක් වන ටෝ  සෙටි වටා ඇති ග‍්‍රහලෝක 5 න් එකක් ජීවත් විය හැකි කලාපයේ ඇතැයි විද්‍යාඥයන් අනාවරණය කරගෙන ඇත. එය තහවුරු කර ගැනීමට හැකි වුවොත් ජීවත් විය හැකි ආසන්නම ග‍්‍රහලොව එය වනු ඇත.

පෘථිවියට ආලෝක වර්ෂ 12 ක් දුරින් පිහිටි සෙටි අපගේ සූර්යයා අයිති වර්ගයේම තරුවකි. එසේ සමාන තරු ඉතා දුර්ලභ වන අතර එක සමාන ලක්ෂණ ඇත්තේ තරු 25 කින් එකකටය.

මෙම ග‍්‍රහලෝක අනාවරණය කරගෙන ඇත්තේ ඍජු නිරීක්ෂණයෙන් නොව ඒවායේ ගුරුත්වාකර්ෂණ බල උපයෝගී කරගත් ගණනයකිනි. මෙය ඉතා අපහසු කටයුත්තක් වුවත් ඇමරිකාවේ හා බි‍්‍රතාන්‍යයේ විද්‍යාඥයන් සංකීර්ණ මෙවලම් මගින් එය වෙන්කර ගැනීමට සමත් වී ඇත.

HD 10700e ලෙස නම්කර ඇති ග‍්‍රහලෝකයේ උෂ්නත්වය ද්‍රව ජලය තිබිය හැකි මට්ටමක ඇත. පෘථිවිය මෙන් 2-6 ගුණයක් පමණ එය විශාල විය හැකිය. සිය සූර්යයා වට දින 168 කට වරක් පරිභ‍්‍රමණය වේ. මෙය මේ වසර මුලදී සොයාගත් ඇල්ෆා සෙන්චූරි තරුවට වඩා තුන් ගුණයක් දුරින් පිහිටයි.

HD 10700e ජීවයට සුදුසු ග‍්‍රහලොවක් දැයි තහවුරු කර ගැනීමට එය සෑදී ඇත්තේ මොනවායින්ද? එහි වායුගෝලයේ සංයුතිය කුමක්ද ආදිය සොයා ගත යුතුය. මෙම ව්‍යාපෘතියේ තාරකා විද්‍යාඥයන්ට අනුව ඒ සඳහා වසර 10ක් පමණ යනු ඇත.

ටෝ සෙටි පිලිබඳ අධ්‍යයනය කිරීමට කැමති අය සඳහා මෙම විස්තර ප‍්‍රසිද්ධ කර ඇත. චිලී හා හර්ට්ෆෝඞ්ශයර් විශ්වවිද්‍යාල මහාචාර්ය ජේම්ස් ජෙන්කින් ට අනුව මෙම තොරතුරු තහවුරු කිරීම සෙටිගේ දීප්තිමත් බව නිසා පහසු වනු ඇත.
 
Related Posts with Thumbnails