Ads 468x60px

.

29දා භූමිකම්පාවක්....? - තවත් අනාවැකියක් බොරු වෙයි...

2019 වසරේචී පෘථිවියට ගලක් පතිත වන්නේ යයි අනාවැකික්...

ඊයේ දිනයේ (29) ලංකාවේ කුමන හෝ ස්ථානයක භූමි කම්පාවක් වන්නේ යයි පසුගියදා ජාතික මාධ්‍ය ආයතන කිහිපයක් හරහාම සහතික කර කියූ තවත් අනාවැකියක් බොරු වී ගියේය.

ලලිත් විජේවර්ධන නම් අයෙකු විසින් මෙවර අනාවැකිය කිවුවේ ලෝකයේ  ඕනෑම පළාතක කඳුවල පස් පරීක්‍ෂා කිරීමෙන් තමන්ට ඒ බව කීමට හැකි බව කියමිනි.


මෙවර ඔහුගේ අනාවැකිය වැරදුනද මාධ්‍ය වර්තා වල දැක්වුනේ ලලිත් විජේවර්ධන මහතා ලංකාවට පැමිණි සුනාමිය ඇතුළු වෙත් බොහෝ විපත් සම්බන්ධයෙන් කියූ අනාවැකි නිවැරදි වූ බවකි.

2019 වසරේචී පෘථිවියට ගලක් පතිත වන්නේ යයිද ඔහු අනාවැකි පල කර තිබේ.

2012 වසර ගෙවී යාමට ඇත්තේ තවත් පැය කිහිපයකි. මෙම වසර සඳහා අනාවැකි ලෙස පට්ටපල් බොරු කියූ තවත් වසරක් ඉතිහාසයේ නැත

2012 දෙසැම්බර් 21 වනදා මායාවරුන්ගේ කැලැන්ඩරය අවසන් වීම නිසා ඒ මතින් ගොඩ යෑමට අනාවැකිකරුවන් රැසක් පහල විය.

ඒ අතර ලංකාවේ සිටි අනාවැකිකරුවන් හා ජ්‍යේතිෂ්‍යවේදීන් රාශියක් වූ අතර අන්තර්ජාලය ඔස්සේ සොයාගත් විස්තර හා ඔලුවේ මැවුණු මස්ගාත වලින් පට්ටපල් බේගල් රාශියක් ඔවුන් පසුගිය කාලයේ ඇදබා තිබුණි.


කෙබරයක් වූ ආරාණ්‍යවාසී භික්ෂුවගේ අනාවැකිය

2011 වසරේ ජූනි 21 වනදා අප වෙබ් අඩවිය මඟින් ලිපියක් පළ කලේ ආරාණ්‍යවාසී භික්ෂුවක් විසින් පැවසූ අනාවැකියකි. එය අප උපුටාගන්නා ලද්දේ ඉරිදා ලංකාදීප පුවත්පතේ සඳැල්ල අතිරේකයෙනි. එහි සඳහන් වූ කරුණු කිහිපයක් මේසේය.

1) මනුෂ්‍ය පැවැත්ම භයානක ලෙස පිරිහේ. 2012.12.12 වන විට පෘථිවිය කරා පැමිණෙන ග්‍රාහකයක් වෙත මනුෂ්‍යයන් විසින් න්‍යෂ්ටික ප්‍රහාර එල්ල කිරීමෙන් එහි විශාල කොටසක් සියදහස් ගණන් කැබලි වලට කැඩී පෘථිවිය පුරා විසිරී යාමෙන් හා ග්‍රාහකය කඩා වැටීමෙන් කෝටි සංඛ්‍යාත මනුෂ්‍යයන් විනශ වනු ඇත.

2) මෙලෙස දින 14 පුර පවත්නා ලොව ව්‍යසන කාලය තුල පාපී මිනිසුන් ස්වභාව දහමේ අදුරු ආගාධයන් කරා රැගෙන යනු ඇත. මෙම විෂමතාව 2012, 2013, 2014 වර්ෂ අවසානය තෙක් ලොව පවතිනු ඇත. ලොව යුධ සභ්‍යත්වය 100% ක් විනාශ වූ විට ස්වභාව දහමේ පාප හරන ක්‍රියවලිය සංසිදේ.

3) 2012.11.18 හිරුගේ අධි ක්‍රියාකාරිත්වය හේතුවෙන් හිරුගේ කොටසක් කැඩී හිරු මඩලින් වෙන් වෙන අතර එය සිකුරු ග්‍රහ ලෝකයේ ගැටී ඉන් කොටසක් සමග පෘථිවියට ලගා වේ.

පසුව ජනතාව තවත් දැනුවත් කිරීම සඳහා 2011 වෙසක් පොහෝ දින එම ආරාණ්‍යවාසී භික්ෂුව විසින් තම අනාවැකිය ඇතුළත්කොට වෙබ් අඩවියක්ද දියත් කරන ලදී.

නමුත් ඒවා කිසිවක් සිදුවූයේ නැත. ඒවා පට්ටපල් කෙබර බවට දැන් හෙළිවී හමාරය. 



සම්‍යක් දෘෂ්ටික දෙවිවරු මාර්ගයෙන් ලැබුණැයි කියූ ගල් පැලෙන කෙප්පය
මේ අතර එක්තරා වෙබ් අඩවියක් මඟින් පළකර තිබුනේ නාථ දෙවියන් විසින් හීනෙන් ආසනික් ගැන කියූ කාන්තාවක් විසින් එම වෙබ් අඩවියට පැවසූ ගල් පැලෙන කෙප්පයකි.

සම්‍යක් දෘෂ්ටික දෙවිවරු මාර්ගයෙන් ලැබුණු දැනුම ශ්‍රී ලාංකික ජනතාවගේ අවධානය පිණිස ඉදිරිපත් කරන බවත් 2011 සැප්තැම්බර් අන්තිම සතියේ සිට 2012 සැප්තැම්බර් අන්තිම සතිය අතරතුර ලංකාවේ විනාසය සිදුවන බවත් එමඟින් කියවුණි.

උදේ-දවල්-රෑ විදේශ කුමන්ත්‍රණ ගැන පූචානම් දොඩවන මංත්‍රීවරයෙයෙකුට එම වෙබ් අඩවිය අයත් නිසාදෝ එම අනාවැකියේ "ලංකාව විදේශ රටවල ආක්‍රමණයට යටත් වන බවත්, ලංකාව විශාලා මහනුවරක් වන බවත්" සඳහන් විය.

"ලියලා තියාගන්න, අපේ රටට එක මිසයිලයක් හරි පාත් වෙනවා. ආර්ථික සම්බාධක පැනවෙනවා"
යනුවෙන්ද පවසා තිබුනද ලංකාවට එල්ලවූ මිසයිලයක් නැත. සම්බාධක වැටුනේද නැත. එවැනි පූචානම් කතා දෙඩුවේ විමල් වීරවංශ අමාත්‍යවරයා බැවින් ඔහුගේ බලපෑමකට භාවනායෝගියා එවැන්නක් කියූවාදැයි සැකය.


එම වෙබ් අඩවියේ අවුරුද්දක් පරණ පුවතක් අහම්බෙන් හෝ එක් වරක් refresh කල විට එම පුවත බැලූ ගණන 1-20 අතර අහඹු සංඛ්‍යාවකින් වැඩිවන ලෙස එකල සකසා තිබූ නිසා එම ලිපිය ලංකාවේ වැඩිම පිරිසක් නැරඹූ බවත් ඔවුන් පවසා තිබුණි.

දෙවියන් විසින් ආසනික් රජරට ජලයේ සහ පස් වල අඩංගු බව පවසූ ඇය කැලණිය විශ්ව විද්‍යාලයේ ආචාර්වරයෙකුගේ බිරිඳ වන ප්‍රියන්තා සේනානායක නම් කෙනෙකි. මහාචාර්ය නලින් ද සිල්වා ප්‍රකාශ කරන පරිදි මෙම කාන්තාවට විපස්සක සහ ගැමුණු (දුටු ගැමුණු රජතුමා) දෙවි වරුන්ට කතා කල හැක.


හෝමාගම ඇල්බට් සුදසිංහගේ ගජබින්නය

මේ අතර මෑතකදී ඉස්මතුවූයේ ප්‍රකට ජ්‍යේතිර්වේදියකු වන හෝමාගම ඇල්බට් සුදසිංහ විසින් දෙසාබාල ලද ගජබින්නයකි.

2004 සුනාමිය දා තිබු ග්‍රහචාරයම 2012 දෙසැම්බර් 28 වනදා උදේ 6.30 ට උදා වන බව ඔහු පවසා තිබුනේ එදිනටද සුනාමියක් ආවොත් ඔන්න මම කල්තියාම කිව්වා යනුවෙන් පැවසීමටය.

ග්‍රහචාරය අනුව "21 වැනිදා සිට 28 වැනිදා දක්වා කාලය තුළ රටටත් ලෝකයටත් බලපාන ස්වාභාවික ව්‍යසනකාරී තත්ත්වයක් නිර්මාණය වීට ඉඩ නැතුවා නොවේ." යනුවෙන් ඔහු පැවසුවද කිසිවක් සිදුවූයේ නැත. ඒ අනුව ඔහුගේ අනාවැකියද බොරුවක් විය.

ලංකාවේ පුද්ගලයෙකු කළ බවට ප්‍රචාරය වූ සුරංගනා කතාව

මේ අතර ලංකාවේ පුද්ගලයෙකුද අනාවැකියක් පළ කලේ ලෝක විනාශය ගැනය.


"නුදුරු අනාගතයේදී මුළු ලෝකයටම විශාල හානියක් සිදු වේ. එයින් ලෝක ජනගහනයෙන් තුනෙන් එකකට වැඩි පිරිසක් මිය යයි. විශාල දේපල හානියක් සිදුවේ. මහ පොලවේ තැනින් තැන මුහුදු බත් වේ. සමහර රටවල් කැබලි වලට කැඩී යන අතර ඇතැම් කොටස් සොයාගැනීමට පවා නොහැකි වේ.

මෙය හේතුව හිරුගෙන් කොටසක් කැඩී හිරු මඩලෙන් පිටට පැන වෙන් වී තවත් ග්‍රහලෝකයක ගැටී එයින් කොටසක් සමග පෘතුවිය කරා ඇදී ඒමයි. එම කැබලි පෘථිවියට ලංවන විට තව තවත් කැබලි වලට කැඩී පෘථිවිය මත පතිත වේ.

විශාල කොටසක් පතිත වන්නේ අරාබි කරයේ කාන්තාරයකටය. තාප බලපෑම් නිසා එසේ සිදුවේ.තවත් කොටසක් පතිත වන්නේ ඉන්දියාව සතු බිමකටය. ඇමරිකාව ඇතුළු යුරෝපයේ රටවල් කිහිපයකටම මෙම කැබලි පතිත වේ. හිම මිදෙන ප්‍රදේශයකට වැටෙන කැබලි නිසා හිම කඳු දිය වී විශාල රල පහරවල් අඩි 20,30 උසට රටවල් තුලට කා වදී.

ඔස්ට්‍රේලියාවට වැටෙන කැබලි විශාල හෙයින් රල පහරවල බලපෑමෙන් එරටට විශාල හානියක් සිදු වේ. මේ උල්කාපාත වැටීමෙන් ජනිතවන කම්පනයෙන් ශරීර අවයව පුපුරා මිනිසුන් හා ජීවීහු කෝටි ගණනක් මියදෙති." යනුවෙනි.

එම ලිපිය අනුසාරයෙන් පසුගිය ඔක්තෙබර් 31 වනදා "අද" පුවත්පතේ ලිපියක්ද පලවිය. කලින් කියවූ ගජබින්නය මඳක් සංස්කරණය කර තිබූ එමඟින් කියවුනේ පෘතුවිය දින 3ක් අඳුරේ පවතින්න බවත්, එම දින වල ගෑස්, භූමිතෙල් ලාම්පු ආදිය නොදල්වන ලෙසත්ය.



කාංචන ගීත මනමේන්ද්‍රගේ වැරදුනු අනාවැකිය

මේ අතර රාවණා ලිපි ලියනා රාවණා වංශික වෛදික ජ්‍යොතිෂ්‍යවේදී කාංචන ගීත මනමේන්ද්‍ර විසින් ද ගජබින්නයක් ඇදබා තිබුණි. එයින් කියවූයේ 2012 දෙසැම්බර් අගදී ලංකාවට සුනාමියක් පැමිනෙන බවයි.

රාවණා රජු සමයේ ජීවත්වූවෙකු විසින් ඇස් දෙකෙන් දැක ලියනා පරිදි ඔහු විසින් ලියන ලද රාවණා කතා මෙන් එය රසවත්ය. 2004 වසරේ සුනාමිය ඇතිවූ අවස්ථාවේ තත්කාල කේන්ද්‍රයත්, 2012 දෙසැම්බර් 21 වනදින තත්කාල කේන්ද්‍රයත් ගලපා තිබුණි.

තවද ජපානයට සුනාමියක් ඇතිවූ අවස්ථාවේ තත්කාල කේන්ද්‍රයත්, 2001 වසරේ ගුජරායට බලපෑ භූමි කම්පාව අවස්ථාවේ කේන්ද්‍රයත් ඔහු සමාන කර තිබුණි කෙසේවෙතත් එම අනාවැකියද බොරුවක් වී හමාරය.



චන්ද්‍රසිරි බණ්ඩාරගේ ඉන්ටර්නේට් අනාවැකිය

මේ අතර ප්‍රවීනයැයි කියාගන්නා අධ්‍යාත්මවේදී, ජ්‍යෝතිර්වේදී චන්ද්‍රසිරි බණ්ඩාරද ලෝක විනාශයට සම්බන්ධ රසවත් අනාවැකි බොහොමයක් පල කර තිබුනේ weeklyworldnews.com නම් විනෝදය සඳහා සාවද්‍ය පුවත් පල කරන වෙබ් අඩවිය කියවීමෙන්.

ඔහුගේ බොහෝ අනාවැකි වල තිබුනේ එම වෙබ් අඩවියේ තිබූ බේගල්ය.

පෘතුවියට පිටසක්වල ප්‍රහාරයක් එල්ල වන බවට ඔහු නන්දොඩවා තිබූනේ 2012 දෙසැම්බර් 23දා අපේ පෘථිවියට තීරණාත්මක යුගයක ආරම්භය සිදුවන බව වගකීමෙන් කිව හැකි බවට පවසමිනි.

සූදානම් නැති ආගන්තුකයන්ගේ දැනහඳුනා නොගත් ප්‍රහාරයකට ඉඩ ඇති සමයකට ගමන් කරන බවත්, මෙහි දරුණුතම පීඩාවන්ට ගොදුරුවීමට සිදුවීම ඒකාන්ත බවත් ඔහු දෙඩවා තිබුණා. 





ලෝක විනාශයක්‌ ඇතිවන බව කියූ ජ්‍යේතිෂ්‍යවේදීන් ගැන පොලිස්‌ පරීක්‍ෂණයක්‌ ආරම්භ කරනු

පසුගිය 21 වැනිදා ලෝක විනාශයක්‌ ඇතිවන බව කියමින් මාධ්‍ය ඔස්‌සේ ජනතාවට අනිසි බියක්‌ ඇතිකළ ජ්‍යේතිෂ්‍යවේදීන් පිළිබඳව වහාම පොලිස්‌ පරීක්‍ෂණයක්‌ ආරම්භ කරන ලෙස එක්‌සත් භික්‍ෂු පෙරමුණේ ජාතික සංවිධායක උලපනේ සුමංගල හිමියෝ ඉල්ලා සිටි.

මේ පිළිබඳව ජ්‍යේතිෂ්‍යඥයන් විසින් මත පළ කළ අතර සමහරු කීවේ කවර මොහොතක හෝ පිටසක්‌වලින් පෘථිස්වියට ප්‍රහාරයක්‌ එල්ල වන බවත් තවත් පුද්ගලයකු මාධ්‍ය මගින් පෙන්වා දුන්නේ දෙසැම්බර් 28 වැනිදා කිසියම් සිද්ධියක්‌ ලෝකයට දැනෙන බවත්ය.

වැඩි පිරිසක්‌ කියා සිටියේ ඉකුත් 21 වැනිදා සවස 4.40 ට පමණ විශාල සිද්ධියක්‌ ඇතිවc බවටත් පැවසූ නිසා ජ්‍යේතිෂ්‍යවේදීන් විසින් ජනතාවට අනිසි බියක්‌ ඇතිකළ බවත් උන්වහන්සේ පවසා තිබුණා.



මේ අනුව කරුණු කිහිපයක් පැහැදිලිය.

  • නාථ දෙවියන් හීනෙන් ආසනික් ගැන කියූ කාන්තාව විසින් සම්‍යක් දෘෂ්ටික දෙවි වරුන් කියූ බවට කල අනාවැකිය පට්ටපල් ගජබින්නයකි. ඒවා හුදෙක් ඇයගේ ඔලුවේ මැවුණු මස්ගාත පමණි. 
  • ආරාණ්‍යවාසී භික්ෂුවක් කියූ බවටත්, නම සඳහන් කිරීමට අකමැති පුද්ගලයෙකුට සිහිනෙන් කියූ බවටත් ලංකාදීප පුවත්පත පලකර තිබුනේද සම්ප්‍රප්පලාප දෙකකි. එම ලිපි දෙකෙහිම ඒවා කියූ පුද්ගලයෙක් සඳහන් නොවුනේ ඔවුන් කියූ කෙප්ප හෙළිවන දවසට රෙදි ඇඳගන පාරේ යාමට උවමනා නිසාය.
  • චන්ද්‍රසිරි බණ්ඩාර යනු පත්තර වලින් හා අන්තර්ජාලයෙන් වර්තමානයේ පවතින සමාජීය, දේශපාණික, ආර්ථික, දේශගුණික කරුණු බලා අනාවැකි කියන බොරු කාරයෙකි.
  • වෛදික ජ්‍යොතිෂ්‍යවේදී කාංචන ගීත මනමේන්ද්‍ර විසින් 2012 වසර අගදී සුනාමියක් ඇතිවන බවට කල අනාවැකියද බොරුවක් විය.
  • භූ කම්පන ගැන කල්තියා අනාවැකි කීමට නොහැකිය. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යා අංශයේ මහාචාර්ය අතුල සේනාරත්න මහතා ඇතුළු කණ්ඩාම විසින් සොයාගෙන තිබූ ග්‍රහලෝක පිහිටීම අධ්‍යයනය කර ලොව ඕනෑම රටක සිදුවිය හැකි භූ කම්පනයක් කල්තියා හඳුනාගැනීමේ ක්‍රමයද යටපත්වුනේ කියූ අනාවැකි වැරදීයාමෙනි.

29දා භූමිකම්පාවක්....? සුනාමිය ගැන අනාවැකි කියූ විද්‍යාඥ ලලිත් කියයි.

 
Related Posts with Thumbnails