Ads 468x60px

.

අනියම් ෆේස්‌ බුක්‌ පෙම බිරිඳත් දරු දෙදෙනාත් මරා දැමු හැටි මෙන්න...

ෆේස්‌ බුක්‌ ඇසුරට සති තුනයි...

අනේ තාත්ති අම්මිට ගහන්න එපා... 
කරදර කරන්න එපා... 

ආච්චී මෙන්න අම්මිට තාත්ති...?

පියකු තම ලෙයින් උපන් නොදරුවෙක්‌ ගෙල සිරකර මරා දමන්නෙ කෙලෙසින්ද? එය සිතක යන්තම් හෝ තෙතමනයක්‌ ඇති ඕනෑම මනුෂ්‍යයෙකුට අදහාගත නොහැක්‌කකි. නමුත් ඒ පාපතර සිතින් උපන් සිතිවිල්ල ඛේදවාචකයක්‌ම සිදුකර තිබෙනවා.

මේ ඝාතනයේ සැකකරුවා වන විජයමුනි මධුරංග තමන්ගෙන් ජාතක වූ දරු දෙදෙනාත් බිරිඳත් මරා දැමීමට තරම් දරුණු වූයේ අනියම් ඇසුරක්‌ හේතුවෙනි. සමහරු එයට අනියම් ප්‍රේමය කියා අර්ථකතන දෙති. නමුත් එසේ කීම ප්‍රේමය යන උත්තරීතර වචනයට කරන නිඟාවකි. සැබෑ ප්‍රේමණීය සිත් තුළ මෙවැනි තිරිසන් සිතුවිලි නූපදී. එවැනි සිත් බෙහෝවිට සංවේදීය. 

එබැවින් මේ නම් ප්‍රේමයක්‌ නොව ආශාවට ලොල් වූ ඇසුරක්‌ බව පැහැදිලිය. මේ අනියම් ඇසුරට පාලම තනන්නේ අද ජනප්‍රිය අන්තර්ජාල වෙබ් අඩවියක්‌ වන ෆේස්‌ බුක්‌ය. මධුරංග මීගමුව ප්‍රදේශයේ අවිවාහක තරුණියක හැඳින ගන්නේ එම වෙබ් අඩවිය මගිනි. 

පොලිසියට කට උත්තර ලබා දී ඇති ඔහු කියා ඇත්තේ ෆේස්‌ බුක්‌ මගින් හඳුනාගත් මේ තරුණියට තමන් පෙම් කළ බවය. නමුත් තමන්ගේම දරුවන් හා බිරිඳ ඝාතනය කරන අවස්‌ථාව වන විට එම ෆේස්‌ බුක්‌
ඇසුර සති තුනක ඇසුරක්‌ බව සඳහන්ය. එම තරුණියද ජර්මානු භාෂාව උගන්වන ගුරුවරියකි.

ඇය මධුරංග විවාහ වූ පුද්ගලයකු බව නොදන්නා බව පොලිසිය හමුවේ කියා ඇත.

මධුරංග විවාහ වී සිටියේද ගුරුවරියක වූ සඳමාලි ප්‍රනාන්දු සමගය. ඝාතනයට ලක්‌වන විට ඇය වේල්ස්‌ කුමරි විදුහලේ ගුරුහරුකම් කළාය. මධුරංගගේ හා සඳමාලිගේ විවාහයට හේතු වන්නේද 2003 වසරේදී ඇතිවන ප්‍රේම සබඳතාවකි. 

එම ප්‍රේමය 2006 වසරේ මැයි අටවැනිදා පැවැති සුබ මොහොතින් කැදැල්ලක්‌ තැනුවේය. මධුරංග ඒ වනවිට පදිංචිව සිටියේ අම්බලන්ගොඩ අකුරලය. එහෙත් විවාහයෙන් පසු ඔවුන් කල්දෙමුල්ල අලුත් නිවසක්‌ ඉදිකර පදිංචි විය.


මේ කැදැල්ලට අලුතින් එක්‌ වූයේ කුෂාන් සඳරුවන්ය. ඒ ඔවුන් දෙදෙනාගේ පළමු දරුවාය. ඉෂාන් භානුක ඉපිද තවම මසකට වඩා නැත. ලෝකයේ හොඳ නරක ගැනවත් හරි හැටි නොදන්නා මේ සමනල පැටවුන් ඝාතනය කළ ආකාරය ලිවීම පවා අපට සිත රිදෙන සුළුය. නමුත් අනියම් ඇසුරෙන් මත්ව සිටි මේ සැකකරුවා මතු දවසක ඒ ඇසුරෙහිම පහස පතා ම්ලේච්චත්වයට ක්‍රියාවෙහි යෙදවිය. 



ඒ අපරාධය වන විට සඳමාලි සහ දරු දෙදෙනාම සිට ඇත්තේ සුව නින්දකය. ඒ මොහොතේ මධුරංග කාමරයට ඇතුල් වන්නේ ඒ කිසිවකුට නොඇසෙන ලෙසය. එසේ ඇතුළුව ඔහු බිරිඳගේ ගෙල සිර කරන විට ඇය ඒ වේදනාවෙන් දඟලමින් කෑගසා ඇත. මවගේ කෑ ගැසීමෙන් අවදි වූ තුන් හැවිරිදි පුංචි කුෂාන් ආච්චියේ කියමින් කාමරයෙන් එළියට දිව යන්නෙ සිදුවන දෙයින් බියවී ගෙනය. 



නමුත් බිරිඳව මරා දමා එම නොදරුවාද ඩැහැගන්නා මේ පාපතර පියා ඇඳේ හිටගස්‌සවා දරුවාගේද ගෙල සිර කර මරා දමන්නේය. අනතුරුව පුංචි කිරිකැටියා (ඉෂාන්) මවගේ පයෝදර වලට ලංකර තබා ප්‍රාණය නිරුද්ධ බිරිඳගෙ සහ තම දරුවාගේ සිරුරු වලට සුවඳ විලවුන් ඉස ගිනි අව්ලන්නේය. 


මසක්‌ වයසැති පුංචි ඉෂාන් මව් තුරුලේම මිය යන්නේ පියා විසින් ඇති කළ එම ගින්න නිසා ඇතිවූ දුමෙනි. මුලදී විවිධ වැල්වටාරම් කියා අවසන මේ ඝාතනය ගැන ඔහු පොලිසිය හමුවේ හෙළිකර ඇත්තේ එවැන්නකි. 

එහෙත් ඝාතකයාගේ සැලසුම පැහැදිලිය. ඔහුට අවශ්‍ය වූයේ මේ මිණී මැරුම පිටස්‌තරින් පැමිණි පුද්ගලයකු කළ බව ඒත්තු ගැන්වීමය. නමුත් පොලිසිය දිගින් දිගටම ඔහුගේ ඇගේ තිබුණු සීරීම් තුවාල ගැන සැක සිතී ප්‍රශ්න කරන විට තමන් කළ අපරාධය හෙළි කරන්නට සිදුවිය. 

එහෙත් ඊටත් පසු ඔහු මේ ඝාතන සිදුකළේ බිරිඳගෙ පැවැති අනියම් සබඳතාවක්‌ නිසා බව කියමින් පොලිසිය නොමග යවන්නට උත්සාහ කළේය. නමුත් ඔහුගෙන් ප්‍රශ්න කරන අතර තුර පොලිස්‌ පරීක්‍ෂණ වෙනත් පැති ඔස්‌සේද සිදුවන විට බිරිඳගේ අනියම් සබඳතාවක්‌ ගැන ඔහු කියා ඇත්තෙ බොරුවක්‌ බව පරීක්‍ෂණ කරන නිලධාරින්ට වැටහිණි. අවසානයේ මධුරංගට තමන් කළ අපරාධය අකුරක්‌ නෑ පොලිසිය හමුවේ හෙළිකරන්න සිදුවිය. 

කෙසේ නමුත් මේ ඝාතකයා සමග ප්‍රේම සබඳතාවක්‌ පැවැත්වූ තරුණියද ඔහුට මුලාවී එම සම්බන්ධය ඇතිකර ගෙන ඇති බවද හෙළිව තිබේ. එසේම මේ ඝාතන සැකකරු වන මධුරංග ඔවුන්ගේ දෙමාපියන් හදාවඩාගත් දරුවෙක්‌ බවද දැන් හෙළිව තිබේ. 

පසුගිය සතිය පුරාම මාධ්‍ය මගින් හෙළි කළ මේ ෙ€දවාචකයේ කතාව මේ වන විටත් ඔබ නොදන්නවා වන්නට නුපුළුවන. නමුත් නෑසිය යුතු අපරාධයක්‌ ලෙස ඉවත දමනවා පමණක්‌ නොවන පසුගිය කාලය පුරා වර්ධනය වන මෙවැනි අපරාධ වලින් අප වටහා ගත යුතු දෙයක්‌ තිබේ.

අද අපි ජීවත්වන සමාජයේ මිනිස්‌කම ගුණධර්ම පිරිහෙමින් ජරාජීර්ණ තත්ත්වයට පත්වෙන බව මුලින්ම අප තේරුම්ගත යුතුව ඇත. රත්මලානෙ ත්‍රිත්ව ඝාතනය මෙන් පසුගිය කාලයේ සිදුවූ බොහෝ සාහසික අපරාධ වලට මුල්හේතුව වී ඇත්තේ අනියම් ඇසුරය. මේ අනියම් ඇසුරට මිනිසුන්ගේ සිත් යොමුවන්නෙ කෙලෙස්‌ වලින් සිත් දූෂිත වන නිසාය. 

වෙනත් විදියකින් නම් මේ අනියම් ප්‍රේමය නොව රාගයකි. රාගය බලවත් වූ විට මිනිසාගේ ප්‍රකෘත්ති මනස විකෘත්ති වන්නේය. සමාජයක විකෘත්ති මනස ඇතිවුන් සිටින විට ඒ සමාජයේ සැහැසිකම් අපරාධ වැඩිය. 

රාගය තව තවත් මුදුන්පත් කර ගැනීමට ඔවුන් විකෘති මනසින් තම ලෙයින් උපන් දරුවන් ඝාතනය කරන්නේය. මව පියා නොහැඳින ඔවුන් ඝාතනය කරන්නේය. සැබවින්ම ලෝකය විනාශ වන්නේ වෙනත් සාධක නිසා නොව මිනිසුන්ගෙ කෙලෙස්‌ වැඩි වී සිදුවන මේ රාගය නිසාය.

වර්තමානයේ සිදුව ඇති මේ සමාජ පරිහානියට අප අවට ඇති සියලු මාධ්‍යයද වගකිව යුතු බව අපගේ වැටහීමය. අද ටෙලි නාට්‍ය වල වැඩිපුරම ඇත්තේ රාගය ගැන අනියමෙන් කියෑවෙන අසම්මත සබඳතාය. නමුත් මතුපිටදී ඒවා අර්ථ ගැන්වෙන්නෙ පෙම් සබඳතා ලෙසිනි. මේවා බලන මිනිසුන්ගෙ සිත් බිංදුමාත්‍රයක්‌ හෝ රාගයෙන් දූෂිත වනවා විනා සුවපත් වීමක්‌ නම් නොවේ.

අනෙක්‌ අතට රටේ ප්‍රසිද්ධ චරිත හැසිරිය යුත්තේ සාමජයට ආදර්ශවත් වන ලෙසය. නමුත් මේ ජනප්‍රිය චරිත වල පුවත් ලෙස මාධ්‍ය මගින් රස කර පළවන්නේ ඔවුන්ගේ විවාහ සංස්‌ථාව බිඳ වැටීම ගැනය. අනතුරුව ඔවුන් ලවාම ඒවා සාධාරණීකරණය කිරීමට ඇති තරම් මාධ්‍ය මගින් ඉඩකඩ හිමි වන්නේය. 

පවුල් ජීවිත අවුල් කරගෙන හිතු හිතු ලෙස විවාහ වන ජනප්‍රිය පුද්ගලයන්ට ඒවා සාධාරණීකරණය කරන්නට ඉඩදීමෙන් සිදුවන්නේ ජනප්‍රිය චරිත ආදර්ශයට ගන්නා අපේ බාල පරම්පරාව ඒ විදියට සිතන්ට පෙළඹීමය. මේවා අපි එතරම් නොසිතන තැන් වුවත් මේ සමාජය කෙමෙන් පරිහානියට පත්ව රාගය හේතුවෙන් අපරාධ සිදුවීමට මේවා බලපාන්නේය.

සිද්දිය සැකෙවින් මෙසේය...
අනේ තාත්ති අම්මිට ගහන්න එපා. කරදර කරන්න එපා. ආච්චී මෙන්න අම්මිට තාත්ති වචන කුඩා පුතුගේ කටින් පිටවනවාත් සමගම දරදඬු හස්තයක් බෙල්ලට හිර විය. ඒ වන විට ප්‍රශාන් පුතුගේ මව මිය ගොස් තිබිණි. ඒත් මසක් වයසැති ප්‍රශාන්ගේ මල්ලි කිෂාන්  තාත්තගේ මේ දඟකාර සෙල්ලම බලා සිටින්නට ඇති. ඒ වගේම අම්මත් අයියත් එක්ක මමත් මැරේවි කියලත් නොසිතෙන්නට ඇති.

රත්මලාන ගොළුමඩම හන්දිය දෙමහල් නිවසක් තුළ ඇඳක් මත මසක් වයසැති කිරි දරුවකු අවු 3 ක් වයසැති කුඩා දරුවකු හා මවක් ගෙළ සිර කර ඝාතනය කර තිබියදී ගල්කිස්ස ‍පොලිසියට ලද තොරතුරකට අනුව සොයා ගත හැකි විය.

සැමියා විසින් නිදි යහනේදීම බිරියගේත් තුන් හැවිරිදි දරුවාගේත් ගෙල සිර කර ඝාතනය කර මසක් වයසැති දරුවා මවගෙන් කිරි උරා බොන ආකාරයට පණ පිටින්  තබා ඔවුන් සිටි ඇඳ මතට සුවඳ විලවුන්  ඉස ගිනි තබා ඇති බවත් පසුව ‍පොලිසිය සිදු කළ විමර්ශනවලදී අනාවරණය කර ගැනීමට හැකිවිණි.

සිද්ධිය සැලවීමත් සමග වහාම ක්‍රියාත්මක වූ ගල්කිස්ස ‍පොලිසියේ මූලස්ථාන ‍පොලිස් පරීක්ෂක කමල් පුෂ්ප කුමාර මහතා අපරාධ අංශයේ ස්ථානාධිපති උ.‍පො.ප. එරික්  රෝහිත මහතා මෘත ශරීර තිබූ කාමරය පරීක්ෂාවට ලක්කිරීමෙන් පසු මිය ගිය සච්ෙතනා මහත්මියගේ සැමියා වන විමුක්ති මධුරංග ද සිල්වාගෙන් ප්‍රශ්න කිරීම ආරම්භ විය.

එහිදී මෙම පුද්ගලයා මෙම සිද්ධිය වසන් කිරීමට ‍පොලිසියට විවිධ අසත්‍ය කරුණු ඉදිරිපත් කරන්නට විය.  නෝනයි දරුවො දෙන්නයි කාමරයේ නිදා ගත්තේ. එතැන නිදා ගන්න ඉඩ මදිනිසයි මම අල්ලපු  කාමරයේ නිදියන්නෙ. 

ඒත් මේක කොහොම වුණාද දන්නේ නැහැ. සමහර විට ප්‍රශාන් පුතා කාමරයෙ තිබුණ ඉටි පන්දම පත්තු කරන්න ගිහින් මේ දේ වුණාද දන්නේ නැහැ. වෙනද පාන්දරින්ම සච්ෙතනා  නැගිටිනවා. ඒත් අද නැගිට්ටේ නැහැ. අම්ම හැමදාම උදේට  ටී වී එකෙන් මුල් පිටුව බලනවා. 

එතකොට සච්ෙතනා තමයි තේ එක හදල දෙන්නේ. ඈ තවම නැගිට්ටේ නැති නිසා අම්ම මට කතා කරල කිව්ව. දුව තාම නැගිට්ටේ නැහැ නින්ද ගිහින්ද දන්නේ නැහැ. ‍පොඩ්ඩක් බලන්න කියලා එතකොට තමයි මම බැලුවේ. දොර අරිනකොට කාමරය දුමින් පිරිල. සච්ෙතනායි පුතාල දෙන්නයි නිදා සිටිය ඇඳ පිච්චෙනවා. කාමරය ඇතුළෙ තිබුණෙ විෂ දුමක්. කිට්ටුවෙන්න බැහැ. 

පස්සේ ‍පොලිසියෙනුත් ඇවිත් ජනෙල් කඩල හෝස් එකෙන් වතුර ගහල ගින්දර නිව්ව. ඒ වෙනකොටත් තුන් දෙනාම මැරිල. ඔහු ‍පොලිසිය පැවසීය. ඒ වන විට ‍පොලිස් නිලධාරීන්  නිවසෙ මෙහෙකාරිය ඇතුළු කිහිප දෙනෙකුගෙන්ම ප්‍රශ්න කළද ඔවුන් සැමදෙනා කියා සිටියේ කිසිම දිනෙක මේ යුවළ අතර අඩ දබරයක් නොතිබුණු බවකි.

කෙසේ වුවද මෙම ස්ථානයට පැමිණි ‍පොලිස් නිලධාරීන් ඇතුළු (පවු‍ලේ ඥාතීන් හැර ) සියලුම පුද්ගලයන් තුළ කිසියම් කුතුහලයක් දන වන දෑ දැකගැනීමට හැකි වීම මරණ සම්බන්ධයෙන් සැක උපද වන්නක් විය.

මෙම නිවසට පැමිණි ප්‍රදේශවාසීන් ඇතුළු සෑම අයකුම ඇඳේ මැද විතරක් පිච්චුනාම කොහොමද මිනිහෙක් මැරෙන්නේ. මුමුනණු ඇසිණ. නිතර එහා මෙහා දිවයන ‍පොලිස් නිලධාරීන්ගේ කනට මෙම වචන ඇසුණත් ඔවුන් නෑසුනාක් මෙන් තම රාජකාරියේ නිරත විණ.

මහේස්ත්‍රාත් පරීක්ෂණය අධිකරණ වෛද්‍ය නිලධාරී පරීක්ෂණය නිමවීමෙන් පසු මෘත ශරීර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා දකුණු කොළඹ රෝහල වෙත රැගෙන යනු ලැබිය.

ඒ අතර තුර මා හට සැකකාර මදුරංග ගේ මව හා කතා බහ කිරීමට අවස්ථාවක් ලැබිණ. අනේ පුතේ සඳමාලී දුව මට මගේ දරුවෙකුට වඩා ආදරෙයි. මගේ දරුවෙකුට වඩා ආදරයෙන් මාව බලා ගත්තා. මේ දෙන්න කිසිම දවසක අඩදබර වුණේ නැහැ. 

මදුරංග පුතා දරුවන්ට දුවට හරිම ආදරෙයි. මට නිතරම කිව්වේ අම්මේ මමත් ඒ කාමරේ නිදාගත්තම දරුවෝ දෙන්නටයි සඳාටයි කරදරයිනේ. ඒ නිසා මම මේ කාමරේ නිදා ගන්නව කියල. ඒත් දෙයියනේ මට වාවන්නේ නැහැ. මේ කොහොමද  කාමරේ ඇඳ ගිනිගත්තේ කියල. 

මට දැනුත් ඇහෙනව  ‍පොඩි දරුවගේ කට හඬ. මම හැමදාම උදේ ටී වී බල බල ඉන්න කොට දුව තමයි තේ එක ගෙනත් දෙන්නේ. ඒත් අද ගෙනාවේ නැති නිසා මම පුතාට කතා කළා. පුතත් නිදි පස්සේ පුතාව නැගිට්ටවල කිව්ව දුව තවම නැගිට්ටේ නැහැ. බලන්න කියල. පුතා ඇවිත් දොර ඇරියම කාමරේ ඇතුළෙන් අමුතු විෂ දුමක් ආවා.

ඊට පස්සේ ‍පොලිසියට කතා කරලා කිව්වම ‍පොලිසියෙන් ඇවිත් ජනෙල් කඩල බලන කොට කාමරේ ඇඳ ගිනිගන්නවා. පස්සෙ වතුර ගහල නිවල බලන කොට මට හිතා ගන්නවත් බැරි දෙයක් දකින්න ලැබුණේ . අනේ මගේ දරුවෝ තුන් දෙනා ඇය ඉකිබිඳිමින් හඬන්නට වූවාය.

ඒ අතරතුර ‍පොලිස් පරීක්ෂණ දිගින් දිගටම සිදු කෙරෙමින් පැවතින. කාමරය තුළ තිබි සුවඳ විලවුන් බෝතල් පිළිස්සී  ගිය ඉටිපන්දම් කැබැල්ලක් ගිනිකූරු 2 ක් ඇඳට ගිනි ඇවිලුනද නොපිළිස්සුණු කිරි උරාබොන බෝතලයක් . මදක් නූල පිළිස්සුණ පංචායුධයක් . වේලාව නැවතුන බිම වැටී තිබුණු ඔරලෝසු වක් ඇතුළු ද්‍රව්‍ය රැසක් ‍පොලිස් නිලධාරීන් විසින් සොයා ගනු ලැබිණ.

මෘත ශරීර දකුණු කොළඹ ශික්ෂණ රෝහ‍ලේ අධිකරණ වෛද්‍ය නිලධාරිනී ධම්මිකා ආරියරත්න මහත්මිය විසින් පැය 5 1/2 ක් කළ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව එළි දැක් වුණේ ඉන් අනතුරුවය. ඒ අනුව සච්ෙතනා සඳමාලි ද සිල්වා (31) ප්‍රශාන් භානුක ද සිල්වා (03) යන දෙදෙනා ගෙල සිර කිරීමෙන්  මිය ගොස් ඇති බවට හෙළි වින.

එහෙත් මදුරංග ගේ මව හෝ සච්ෙතනා ගේ මව හෝ පියා  හෝ පවු‍ලේ ඥාතීන් කිසිවෙකු හෝ මෙම මරණ පරීක්ෂණ වාර්තාව පිළි ගැනීමට කැමති වූයේ නැත. අපේ පුතා කිසිම දිනෙක දරුවන්ට ඒ වගේ අපරාධයක් කරන්නේ නැහැ. මදුරංග කියන්නේ මදුරුවෙක් මරන්නේ නැති කෙනෙක්. දරුවන්ට, දුවට පණ වගේ ආදරෙයි. මව ‍පොලිස් නිලධාරීන්ට පැවසුවාය.

මෙහි දී වහා ක්‍රියාත්මක වූ ගල්කිස්ස මූලස්ථාන ‍පො. පරීක්ෂක කමල් පුෂ්පකුමාර අපරාධ අංශයේ ස්ථානාධිපති උ.‍පො.ප. එරික් රෝහිත ප්‍රධාන ‍පොලිස් නිලධාරීන්  මිය ගිය සච්ෙතනා ගේ සැමියා වන විජයමුනි විමුක්ති මදුරංග ද සිල්වා සැකපිට අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීම ආරම්භ කෙරින. 

එහිදී ඔවුන් ‍පොලිසියට ප්‍රකාශ කළේ බිරිඳ තවත් පුද්ගලයකු සමග රාත්‍රියේ සිටිනු දුටු බවත් , එය දැකීමෙන් පැමිණි ආවේගයට බිරිඳගේ ගෙල සිරකර මරා දැමුණු බවත්, පුතා මේ සිද්ධිය දුටු නිසා පුතාගෙන් සිද්ධිය එළි වේය යන බියට පුතාවත් ගෙල සිරකර මරා දැමූ බවත්ය.

ඉන් අනතුරුව ‍පොලිස් නිලධාරීන් සැකකරු තම බිරිඳ සමග සිටියේ යැයි කියන පුද්ගලයා ‍පොලිසියට ගෙනවිත් ප්‍රශ්න කිරීමේ දී එය බොරුවක් බවට සැකකරු  ඉදිරියේම හෙළි විය. මේ ආකාරයට සැකකරු විවිධ බොරු කීවත් ඒ සියල්ල බොරු බවට ඔප්පු කිරීමට ‍පොලිස් නිලධාරීන් සමත් විය.

ඉන් එහාට ඔහුට ගැලවීමත් නොමැති බව තේරුම් ගත් සැකකරුට අවසානයේ දී සත්‍ය හෙළි කිරීමට සිදුවින.

මම හලාවත මාරවිල ප්‍රදේශයේ තරුණියක් සමග අනියම් සම්බන්ධයක් පවත්වාගෙන යනව. මට වුවමනාවෙලා තිබුණ ඇයව විවාහ කර ගන්න. මම විවාහ වෙලා ඉන්න නිසා ඒක කර ගන්නත් බැහැ. සච්ෙතනාගෙන් ඩිවෝස් වෙන්න හේතුවකුත් නැහැ. 

ඩිවෝස් කේස් එකත් දාල උසාවි ගානේ රස්තියාදු  වෙන්නත් ලැජ්ජයි. ඒක අපේ පවුල්වල තත්ත්වයට හොඳත් නැහැ. ඒ නිසයි මට මේ දේ කරන්න සිද්ධ වුණේ.

ඉතින් කොහොමද තමුසේ බිරිඳවයි දරුවො දෙන්නවයි මැරුවේ? ‍පොලිස් නිලධාරියකු විමසීය.

මම නිතරම අම්මට කිව්වේ සංච්ෙතනාටයි දරුවො දෙන්නටයි නිදහසේ නිදියන්න ඕන නිසා මම අල්ලපු කාමරේ නිදියනව. එතකොට අම්ම කිව්වෙත් ඒක හොඳයි කියලා. ඒ විදිහට මම අම්මගේ හිත දිනාගෙන හිටිය. ඒ වගේම සච්ෙතනාගේ පවු‍ලේ හැම කෙනෙකුගෙම හිත් දිනාගෙන හිටියේ.

 මට හිතුණ මම මෙහෙම දෙයක් කලාම කවදාවත් ඒ ගොල්ල ඒක විශ්වාස කරන්නේ නැහැ. කියල. පස්සේ එදා රෑ මම සච්ෙතනායි දරුවොයි නිදා ඉන්න කාමරයට ගියා. ගිහින් මුලින්ම සච්ෙතනාගේ බෙල්ල මිරිකුව. එයා ගොඩක් දැඟලුව. ඒත් මම අත ඇරියේ නැහ. 

පස්සේ ඒ එක්කම වගේ පුතත් ඇහැරුණා. එයා ඇහැරිලා කෑගැහුවා. අම්මිව මරන්න එපා ආච්චි මෙන්න තාත්ති අම්මිව කියනවත් එක්කම පුතාගේ බෙල්ලෙන් අල්ලගෙන මිරිකුව. පස්සේ පුතත් මලානිකව වෙලා වැටුණ. පස්සේ බිරිඳවයි පුතාවයි දෙපැත්තේ තියල චූටි පුතාව මැදින් තිබ්බා. බිරිඳට තුරුල් කරලා ඊට පස්සේ එතැන තිබුණ සුවඳ විලවුන් බෝතලය අරගෙන ඉහළ ගින්දර තිබ්බා. 

ඉටිපන්දමක් අරගෙන පත්තු කරල තිව්ව ටිකකට පස්සේ ඒක පෙරලුවා. ඉටි පන්දමෙන් ගිනි ඇවිළුණ විදිහට. ඒ කාමරය වායු සමීකරණය කරල තියෙන නිසා කිසිම ශබ්දයක් පිටට ඇහෙන්නේ නැහැ. පස්සේ උදේ අම්ම කතා කළාම සුපුරුදු විදිහට නැගිටල ගිහින් බැලුවම කාමරේ දුම් පිරිලා. ඒත් මුළු මෙට්ටෙම පත්තුවෙලා තිබුණේ නැහැ.

මම මේ දේ කළේ මගේ අලුත් පෙම්වතිය විවාහ කරගන්න තිබුණ වුවමනාව නිසාමයි. යැයි සැකකරු ‍පොලිස් නිලධාරීන් ඉදිරියේ පැවසීය.
ඉන් අනතුරුව වහා ක්‍රියාත්මක වූ ‍පොලිස් නිලධාරීන් ඇයගේ පෙම්වතිය සොයා මාරවිල ප්‍රදේශයට ගියේ එදින රාත්‍රියේදීමය. 20 හැවිරිදි ඇය මීගමුව ප්‍රදේශයේ ජාත්‍යන්තර පාසලක ගුරුවරියක ලෙස සේවය කළාය.
සැකකාර මධුරංග ද සිල්වා මම හඳුනාගත්තෙ ජංගම දුරකථන මිස් කෝල් හා කෙටි පණිවුඩ හරහායි. 

මම ප්‍රංශ භාෂාව ඉගෙන ගන්න කොළඹ ආවා. මධුරංගත් එම ආයතනයේ වෙනත් පාඨමාලාවක් හැදෑරුවා. ජංගම දුරකථන හරහා අප දෙදෙනාගේ ඇසුර පසුව ප්‍රේම සම්බන්ධතාවයකට පෙරළුණා ඒත් මම දැනගෙන හිටියේ නැහැ එයා දරු දෙදෙනෙකුගේ පියෙක් බව. අපි නිතර හමුවුණේ ගෝල් පේස් එකේ දී එක දවසක් මට විවාහ යෝජනා වක් ගෙනාවා. 

මම මොකුත් කිව්වේ නැහැ. සැකකරු මට කියල තියෙන්නේ ඔක්කොම බොරු මේ සිද්ධීන් අතර තුර ඝාතනයට ලක්ව සිටින සච්ෙතනා හා දරු දෙදෙනාගේ මළ සිරුරු ඇයගේ දෙමාපියන් වෙත භාර දෙනු ලැබිය.
ඉකුත් 20 වැනිදා අප කටුබැද්ද රාහුල මාවතේ එම නිවස වෙත යන අවස්ථාවේ දී ප්‍රදේශවාසීන් නෑ හිතවතුන් අති විශාල ප්‍රමාණයක් නිවසට පැමිණ සිටියහ.

එහිදී අප මිය ගිය සච්ෙතනාගේ මව වන එච්.ඒ. චන්ද්‍රලතා මහත්මිය සමග කතා බහ කළෙමු. 

මට ඉන්නේ දරුවෝ තුන්දෙනයි. සච්ෙතනා මගේ වැඩිමහල් දුව. මම ඔය දුව හැදුවේ රෝස මලක් වගේ. එයා ඉගෙන ගත්තේ ගල්කිස්ස බෞද්ධ බාලිකා විද්‍යාලයේ . එයා හරිම අහිංසක හොඳ දරුවෙක්. ඒත් කොහොම හරි ඔය මධුර එක්ක එයාගේ සම්බන්ධතාවයක් ඇති වෙලා තියෙනවා. 

පස්සේ ඒකම කරගන්න ඕන කිව්ව නිසා අපි දෙන්නත් කැමති වුණා. ඒත් දැන් සිද්ධ වෙලා තියෙන්නේ මහ ‍පොළව නුහුලන අපරාධයක්. එයාට දුවයි  දරුවොයි එපා නම් අපිට දුන්න නම් අපි හිඟා කාල හරි හදා ගන්නවා. ඇයි මෙහෙම අපරාධයක් කළේ. ඒත් ඒ දරුවෝ පසුගිය කා‍ලේ හිටිය හැටි දැක්කම මම කිසිම දවසක හිනෙකින් වත් හිතුවේ නැහැ. 

මේ වගේ අපරාධයක් කරයි  කියලා. මරණ පරීක්ෂණ වාර්තාවත් අපි විශ්වාස කළේ නැහැ.  ඒ තරම් අපේ හිත් දිනාගෙන හිටියේ. මේ වගේ අපරාධ කාරයෙක් දරුණු හිතක් තියෙන මිනිහෙක්  මගේ ජීවිත කාලයටම දැකල නැහැ. අනේ මගේ දරු පැටව්.
අප හා කතා බහට පැමිණි මිය ගිය සච්ෙතනාගේ පියා වන පී.ජේ. ප්‍රනාන්දු (65) මහතා.

සච්ෙතනා කියන්නේ මගේ වැඩිමහල් දුව. ඒ දෙන්න යාළු වෙලා බැන්දේ. ඒත් මම හිතුවේ නැහැ කවදාවත් මධුර කියන්නේ මේ වගේ දරුණු හිතක් තියෙන මිනිහෙක් කියලා ඒ තරමට අපේ හිත් දිනාගෙන හිටියේ.

කොහොම උනත් මම ඉල්ලන්නේ එක දෙයයි. නැතිවුණේ මගේ දරු මුණුබුරෝ. ඒ අපරාධය කළ මිනිස්සුන්ට යහපතක් වෙන්න එපා. ඔහුට නීතිය හරියට ක්‍රියාත්මක කරන්න.

මෙතැනදී මාධ්‍යයට අපි ස්තූතිවන්ත වෙන්න ඕන. මාධ්‍යයෙන් කියපු දේ අපි විශ්වාස කළේ නැහැ. මොකද මධුරංග ඒතරම් අපිට විශ්වාසවන්තව හිටිය නිසා. මාධ්‍යයත් ‍පොලිසියත් එකතුවෙලා විශාල සේවයක් මේ කාර්යේදී ඉෂ්ට කළා. ඒ වගේම සේවයක් අධිකරණයෙනුත් ලැබේවි. කියල අපේ විශ්වාසයයි.

මාධ්‍යවේදී මහතුන්ට අපේ පවු‍ලේ ඥාතීන්ගෙන් බාධා ඇතිවෙන්න ඇති. ඒ දේවල් සිද්ධවෙන්න ඇත්තේ නොදැනුවත්කම නිසයි. අපි ඒ අයගෙන් සමාව ඉල්ලා සිටිනව. ඉදිරියටත් අපි මාධ්‍යය සහය බලා‍පොරොත්තු වෙනව. අපිට අවශ්‍ය සාධාරණය ඉෂ්ටකරන්න කියන එකයි.
සච්ෙතනා සඳමාලි ද සිල්වා (31) මොරටුව වේල්ස් කුමරි විදුහ‍ලේ ගුරුවරියක ලෙස සේවය කළාය. එහි විදුහල්පතිනී ඩී.එස්.එන්. ජයතුංග මහත්මිය.

මම මේ පාසලට එනවිට සච්ෙතනා අනුයුක්ත ගුරුවරියක් ලෙස සේවය කරමින් සිටිය. ඇය ගණිතය - ඉංග්‍රීසි ගුරුවරියක්. ප්‍රාථමික අංශයේ වැඩකරන්න කැමැත්තෙන්මයි ඇය ගියේ. ඒවගේම ඉතාමත් සතුටින් ජීවිතය ගතකළා කියල මම දන්නව. කිසිම ගුරුවරියක් සමග ප්‍රශ්නයක් ඇතිකරගෙනත් නැහැ.

එදා දිනය මට මතක හැටියට නොවැම්බර් 05 වෙනිදා. දරුව හම්බුවෙන්න කලින් දවස. මගේ කාර්යාලයට ඇවිත් මට වැඳල ගියේ. දරුව ලැබෙන්න හෙට ඇඩ්මිට් වෙනව කියල. අපි දන්න තරමින් කිසිම පවු‍ලේ ප්‍රශ්නයක් තිබුණේ නැහැ. 

ඒත් මේ විපත ඇහුවම අදහගන්නත් බැහැ. කොහොම වුණත් සංච්ෙතනා කියන්නේ ඉතාම යහපත් හොඳ ගතිගුණ තිබුණ ගුරුවරියක්. ඇය නැතිවීම සමස්ත පාසල් පද්ධතියටම පාඩුවක් විදිහටයි මම දකින්නේ. 

අනතුරුව මේ ඝාතනයේ ආරම්භයේ සිටම පරීක්ෂණ පැවැත්වූ ගල්කිස්ස මූලස්ථාන ‍පොලිස් පරීක්ෂක කමල් පුෂ්ප කුමාර, අපරාධ අංශයේ ස්ථානාධිපති එරික් රෝහිත මහතා ඇතුළු සමස්ත ‍පොලිස් කාර්ය මණ්ඩලයම අතිවිශිෂ්ට වූ රාජකාරියක නිරත වූවා යැයි කිව යුතුමය.

සිද්ධිය වූ දිනයේ එම ස්ථානයට ගිය මොහොතේ සිට සැකකරුගේ හැසිරීම් රටාවේ වෙනසක් අපි දැක්ක. ඒ වගේම මළ සිරුරු ඇති කාමරය, ඒ අවට පරිසරය පිළිබඳවත් අපිට සැකයක් තිබුණ. ඒත් අපි ඉවසීමෙන් කටයුතු කළා.  

ඒ වගේම අපට මිනීමැරුමක් බවට කියන්න පුළුවන් වුණාට සාක්ෂිත් අවශ්‍යයි. අපි ඒවත් බැලුව. ඒ සඳහා සාක්ෂිත් අපිට හමුවුණා. මරණ පරීක්ෂණ වාර්තාවෙන් ඒ බව තහවුරු වුණා. පස්සේ තමයි අපි සැකකරු අත්අඩංගුවට අරගෙන ප්‍රශ්න කරන්න ගත්තේ.

වෙලාවකට සැකකරු මානසික රෝගියකු ලෙස හැසිරුණා. වෙලාවකට එක එක දේවල් කියනව. නිතර නිතර පරස්පර ප්‍රකාශ කරනව. මේ සැම දෙයක්ම කරන්නේ ‍පොලිසිය නොමග යවන්න. නමුත් අවසානයේදී ඔහුගේ කටින්ම සත්‍ය හෙළි වුණා. අපි පැය 20කට අධික කාලයක් ප්‍රශ්න කරලයි මේ මිනීමැරුමේ සුලමුල හොයා ගත්තේ.

අවසානයේදී මොහුගේ මව යයි කියන 57 හැවිරිදි විශ්‍රාමික ගුරුවරිය සත්‍ය හෙළිවීමෙන් පසු කියා සිටියේ මධුරංග තමන්ගේ දරුවකු නොවන බවත් හදාගත් දරුවකු බවත්ය.

කෙසේ වුවද සැකකාර විජයමුනි විමුක්ති මධුරංග ද සිල්වා ඉකුත් 20 වැනිදා ගල්කිස්ස මහේස්ත්‍රාත් නිරෝෂා ප්‍රනාන්දු මහත්මිය ඉදිරියට පැමිණවීමෙන් පසු ලබන ජනවාරි 01 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කරනු ලැබුවාය.

මෙලෙස බන්ධනාගාර ගත කරනු ලැබූ සැකකරු එදින අධිකරණ භූමියට රැගෙන ඒමත් සමග අධිකරණ භූමියේදී බන්ධනාගාර රැඳවියන්ගේ ප්‍රහාරයටද ලක්වුණ අතර ‍පොලිස් නිලධාරීන්ගේ මැදිහත්වීමෙන් ඔහු බේරාගනු ලැබිය.

බිරිඳ සහ දරු දෙදෙනා ඝාතනය කළ පියා පැය 24ක් යාමට මත්තෙන් නීතියේ රැහැනට හසුව දඟ ගෙට ගිය දිනයේදීම බිරිඳ, දරු දෙදෙනාගේ අවසන් කටයුතු ද සිදුවීම කෙතරම් අවාසනාවන්ත සිදුවීමක්ද?
පසුගිය 17 වැනිදා මෙලෙස අබිරහස් ලෙස ඝාතනය කර පුළුස්සා මියගොස් තිබුණේ රත්මලාන ගොළුමඩම හන්දිය අංක 12/2/ඒ නිවසේ පදිංචිව සිටි ගුරුවරියක වූ 31 හැවිරිදි පිහිඹියගේ සච්ෙතනා සඳමාලිද සිල්වා හා ඇයගේ දරුවන් දෙදෙනා වන තුන් හැවිරිදි ප්‍රශාන් භානුක ද සිල්වා හා මසක් වයසැති කිෂාන් සඳරු ද සිල්වා යන තිදෙනාය.


අපරාධ වැළැක්‌වීම නීතියට පමණක්‌ කළ නොහැකිය. ධර්මය නැතිව යන කළ මිනිසුන් තිරිසනුන් ලෙස හැසිරෙන්නේය. අපරාධ වලට උල්පන්දම් දෙන්නේ තාක්‍ෂණ පහසුකම් නොව එම පහසුකම් අවකෙළිකම් වල යොදවන මිනිසුන්ය. මේ සාහසික ක්‍රියා පමණක්‌ නොව අද සමාජයේ සිදුවන මේ නොපනත් කම් එලෙස සිදුවන බව බුදුරජාණන් වහන්සේ කොසොල් රජතුමාට කීහ. 

එසේ සිදුවන්නෙ මිනිසුන් ධර්මයෙන් ඈත්වන නිසාය. බුදුහු එසේ දේශනා කළේ කොසොල් රජ දුටු සිහින 16 යේ තේරුම කියා දුන් අවස්‌ථාවේය. කොසොල් රජු දුටු සිහින දහසය හැබෑවක්‌ වන අයුරු අද පෙනෙන්නට ඇත.




 
Related Posts with Thumbnails