Ads 468x60px

.

කොළඹ කාමර් සමාජ ශාලාවේදී අමල් පෙරේරා ගුටිකයි...

ඔහු මේ වන විට 79 වැනි වාට්ටුවේ ප‍්‍රතිකාර ලබමින් සිටිනවා...

ජනප්‍රිය ගායන ශිල්පී අමල් පෙරේරා මහතා ප්‍රහාරයකට ලක්වීමෙන් කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර ඇතැයි අප වෙත වාර්තා වෙනවා.

ඔහු මෙම ප්‍රහාරයට ලක්ව ඇත්තේ 22දා අළුයම් කාලයේදී කොළඹ කාමර් නමැති සමාජ ශාලාවේදීය.

පෙරේදා  රාත්‍රියේ වැලිසර නවලෝක ක්‍රීඩාංගණයේදී පැවති 'හිරු නාලිකාව' විසින් සංවිධානය කල හිරු මෙගා බ්ලාස්ට් ප්‍රංසගයට සහභාගී වී තිබෙනවා. 

ඊට පසු අමල් පෙරේරා, නැසී ගිය ගායන ශිල්පී මිල්ටන් පෙරේරා ගේ පුත් චලක චමුපති හා හිරු රූපවාහිනී නාලිකාවේ විරාජ් වැලිවත්ත යන අයද සමගින් කොළඹ කාමර් නමැති රාත්‍රී සමාජශාලාව වෙත ගොස් ඇති අතර එහිදී
ඇති කරගත් ආරවුල් තත්ත්වයක් හේතුවෙන් තරුණයින් පිරිසකගෙන් හා සමාජ ශාලාවේම ආරක්ෂකයින්ගෙන් මෙසේ පහරකෑමට ලක්ව ඇති බව වාර්තා වෙනවා.

සුපර් ස්ටාර් විනිශ්චයට මගින් ආන්දෝලනාත්මක චරිතය නිරුපනය කල අමල් පෙරේරා බොහෝ හදුන්වන්නේ කලහකාරී චරිතයක් ලෙසිනි. 
මෙයට පෙර අමල් පෙරේරා පයාගල පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ පාර අවහිර වන ලෙස වාහනය නවත්වා පොලිසිය සමග ඇතිකරගත් ගැටුමක් හේතුවෙනි. 
එහිදී අත්අඩංගුවට පත් අමල් පෙරේරා ගැන පොලිස් වාර්තා බැලීමේදී හෙලිවුයේ අමල් පෙරේරා හට 1997 වසරේ නිකුත් කල වරෙන්තුවක්ද තිබී ඇති බවයි. 
 
Related Posts with Thumbnails