Ads 468x60px

.

ලෝක විනාශය ගැන පතුරවපු ජ්‍යෙතිර්වේදීන්ට පොලිස්‌ පරීක්‍ෂණ

සමහරු කීවේ පිටසක්‌වලින් පෘථිවියට ප්‍රහාරයක්‌ එල්ල වෙනවා කියලා...

අමු අමුවේ බොරු වපුරන ජ්‍යෙතිෂඥයන් නිසා ජනතාව දැඩි බියකින් පසුවුනා...

පසුගිය 21 වැනිදා ලෝක විනාශයක්‌ ඇතිවන බව කියමින් මාධ්‍ය ඔස්‌සේ ජනතාවට අනිසි බියක්‌ ඇතිකළ ජ්‍යෙතිෂවේදීන් පිළිබඳව වහාම පොලිස්‌ පරීක්‍ෂණයක්‌ ආරම්භ කරන ලෙස එක්‌සත් භික්‍ෂු පෙරමුණේ ජාතික සංවිධායක උලපනේ සුමංගල හිමියෝ ඉල්ලා සිටිනවා.

මේ පිළිබඳව ජ්‍යෙතිෂඥයන් විසින් මත පළ කළ අතර සමහරු කීවේ කවර මොහොතක හෝ පිටසක්‌වලින් පෘථිවියට ප්‍රහාරයක්‌ එල්ල වන බවයි.



තවත් පුද්ගලයකු මාධ්‍ය මගින් පෙන්වා දුන්නේ දෙසැම්බර් 28 වැනිදා කිසියම් සිද්ධියක්‌ ලෝකයට දැනෙන බවය. වැඩි පිරිසක්‌ කියා සිටියේ ඉකුත් 21 වැනිදා සවස 4.40 ට පමණ විශාල සිද්ධියක්‌ ඇතිවන බවය.

අමු අමුවේ බොරු වපුරන මෙවැනි ජ්‍යෙතිෂඥයන් නිසා ජනතාව දැඩි බියකින් පසුවූ බව ද උන්වහන්සේ සඳහන් කළහ.

 
Related Posts with Thumbnails