Ads 468x60px

.

හැමදාම මෙහෙම ඉන්න කල්පනාවක්‌ නැහැ. ඉදිරියේදී බලමු - මේනකා

ඒ ආදරය අයිති මට විතරයි - ඉගෙනගත්ත පලියට රඟපාන්න බැහැ......

ඉදිරියේදී ආදරයත් සමග විවාහ වෙන්න තමයි හිතාගෙන ඉන්නේ... 

කිෂානි පවුලේ එකම ගැහැනු දරුවා. ඒ හින්දම දෙමව්පියන්ගෙන් ලැබෙන ආදරය ඉහළයි. ඒ වුණාට ඇය නිතරම හිතුවක්‌කාර වැඩ තමයි කරන්න බලන්නේ. 

මොනවා හරි දෙයක්‌ ඇයට නොලැබුණොත් එය කෙසේ හෝ ලබාගන්න තමයි නිතරම උත්සාහ කරන්නේ. මේ දිනවල පුංචි තිරයේ "සිටුමැදුර" ටෙලිසිත්තම හරහා ඔබ හමුවට එන කිෂානි කවුද?. ඇය ගැන අපි ඔබට කියන්න තමයි මේ සූදානම් වෙන්නේ.

අනුන්ගේ ආදර කූඩු කඩලා දාන්න වෙහෙසෙනවා කියන්නේ ?
සැබෑ ජීවිතයේ නම් නෙමෙයි. සිටුමැදුර ටෙලිනාට්‍යයේදී නම් එහෙම දේවල් කරනවා. ඒක අනුන්ගේ ආදරයක්‌ නම් නෙමෙයි. මට හිමි ආදරයක්‌. කාලයත් සමග මට ඔහු අකමැති වෙනවා. අහිමි වෙච්ච ආදරය ලබාගන්න තමයි වෙහෙසෙන්නේ. 

ජීවිතයේ පරදින්න කැමැති නැහැ වගෙයි ?
ඇත්තටම ජීවිතයේ පරදින්න කැමැති නැහැ. 

මේනකා සැබෑවටම පැරදිලා නැතිද?
අපොයි මම කවදාවත් පැරදිලා නැහැ. 


සිටුමැදුරේ කිෂානිට ලැබෙන ප්‍රතිචාර ?
ගොඩක්‌ දෙනා කියන්නේ ඇයි මෙච්චර පස්‌සෙන් යන්නේ කියලා. නමුත් මට ලැබුණ චරිතයට උපරිම සාධාරණයක්‌ කරන්න තමයි බලන්නේ. 

රිදී තිරයෙනුත් මේ දිනවල දකින්න ලැබෙනවා ?
ඔව්. නවතම චිත්‍රපටය වන ජීවිතේ ලස්‌සනයි. එය මේ දිනවල තිරගත වෙනවා. 

නර්තනය හදාරපු මේනකා දැන් නිළියක්‌ වෙලා වගෙයි ?
ඔව්. හැබැයි නර්තනයෙන් ඈත්වෙලා නම් නැහැ. 

නර්තනයෙන් ඉදිරියට යන්න බැරි නිසාද රඟපාන්න ආවේ ?
මම එහෙම හිතන්නේ නැහැ. අනික මම ඔප්පු කරලා තියෙනවා මම හොඳ නර්තන ශිල්පිනියක්‌ කියලා. රංගනයත් පුළුවන් නිසයි රංගන ශිල්පිනියක්‌ වුණේ. 

නර්තන වැඩසටහන්වලට ඉදිරිපත් වූ පමණින් රඟපාන්න පුළුවන් කියලා හිතනවාද?
මම හිතන්නේ නැහැ එහෙමයි කියලා. මටම ආවේණික වූ හැකියාවන් නිසයි රංගනය තෝරාගෙන තිබෙන්නේ. 

ඉගෙන ගත්තේ මොනවා කරන්න හිතාගෙනද?
ඉගෙන ගත්තේ නම් බැංකු නිලධාරිණියක්‌ වෙන්න. ඒ වගේම වාණිජ අංශයෙන් ඉහළට යන්න. 

අද වෙනකොට ඒ දේවල්වලට මොකද වෙලා තියෙන්නේ ?
අද වෙනකොට නම් වැඩිදුර අධ්‍යාපනය හදාරන්න බැරිවුණා. මොකද රංගනය හා නර්තනයට යොමුවුණ නිසා. හැබැයි මම හිතන්නේ නැහැ අධ්‍යාපනයෙන් ඉදිරියට ගියේ නැහැ කියලා. ඒ වගේම ජීවිතයේ අඩුවක්‌ ඇතිවුණා කියලා.

මේනකාටත් ජීවිතයේ එක අරමුණක්‌ නැහැ වගෙයි ?
එහෙම කියන්න බැහැ. හැම කෙනෙකුටම එක එක කාලවලදී ජීවිතයේ විවිධ දේවල් ලැබෙනවා. ඉහළට ඉගෙන ගත්තත් මගේ වාසනාවට මේ දේවල් උරුම වුණා කියලයි මම නම් හිතන්නේ. 

වෘත්තීය නිළියක්‌ වෙන්නද සූදානම?
වෘත්තීමය නිළියක්‌ වෙන්න සූදානමක්‌ නැහැ. වෘත්තිය විදිහට ඇඳුම් ව්‍යාපාරයක්‌ පවත්වාගෙන යනවා. ඊට අමතරව තමයි නිළියක්‌ වුණේ. 

මෙතැනින් ලොකු ගමනක්‌ යන්න පුළුවන්ද?
හොඳින් හිටියොත් වගේම හොඳ දෙයක්‌ ප්‍රේක්‍ෂකයන්ට ලබාදුන්නොත් හොඳ ගමනක්‌ යන්න පුළුවන් කියලා හිතනවා. 

දැන් ජනප්‍රියයි කියලා හිතනවාද?
ප්‍රේක්‍ෂකයන්ගේ ආදරය ලැබෙනවා නම් ජනප්‍රියයි. දැනට නම් ජනප්‍රියයි කියලා හිතන්නේ නැහැ. 

මේනකා කියන්නේ කවුද ?
ගොඩක්‌ සැහැල්ලුවෙන් ජීවිතය ගැන හිතන ඒ වගේම පවුලට ගොඩක්‌ ආදරය කරන කෙනෙක්‌. 

රංගනය වෘත්තියක්‌ විදිහට හදාරලා තිබෙනවාද?
මම නර්තනය තමයි විෂයක්‌ විදිහට හදාරලා තිබෙන්නේ. රංගනය පිළිබඳ හැදෑරීමක්‌ කරලා නැහැ. නමුත් ඕනෑම කෙනෙකු හැදෑරීමක්‌ කළත් තමන් තුළ හැකියාව නොමැති නම් ඕනෑම දෙයක්‌ කරන්න බැහැ. ඉගෙනීමක්‌ කරපු පළියට හැකියාවක්‌ නැතිනම් රඟපාන්න බැහැ. 

ඔබට හොඳ හැකියාවක්‌ තිබෙනවාද?
මම හිතනවා මා තුළ යම්තාක්‌ දුරට හැකියාවක්‌ තිබෙන නිසයි මේ තරම් දුරක්‌ ආවේ. 

මේ ආපු ගමන ගැන මොකද හිතන්නේ ?
ගොඩක්‌ සතුටුයි. නර්තනයෙන්, රංගනයෙන් මට ප්‍රේක්‍ෂකයන් අතරට ගොඩක්‌ දුරට ගිහින් තිබෙනවා. 

දැන් ඉතිං ඔහොම ඉන්නද කල්පනාව?
හැමදාම මෙහෙම ඉන්න කල්පනාවක්‌ නැහැ. ඉදිරියේදී බලමු. 

දැන්ම පිළිවෙළක්‌ වෙන්න අදහසක්‌ නැහැ වගෙයි ?
විවාහය ගැනනේ කියන්නේ. ඉදිරියේදී බලමු. 

හොරෙන්ම ආදරය කරනවා වගෙයි ?
තවම නැහැ. ඉදිරියේදී ආදරයත් සමග විවාහ වෙන්න තමයි හිතාගෙන ඉන්නේ. 

ප්‍රේක්‍ෂක ප්‍රතිචාර අඩුවෙයි කියලා ආදරය හංගනවා නේද?
එහෙම දෙයක්‌ නැහැ. ආදරය මට හමුවුණ දවසක මම අනිවාර්යයෙන්ම මගේ ප්‍රේක්‍ෂකයන්ට කියනවා. 

තවම ආදරය කරලා නැතිද?
මට ලොකු පවුලක්‌ ඉන්නවා. ඒ හින්දා ගෙදරින් ලැබෙන ආදරය ඇති කියලා හිතනවා.


සම්පූර්ණ නම - මේනකා මධුවන්ති
උපන් දිනය - ජුලි 01
ගම - මත්තේගොඩ
පවුලේ විස්‌තර - අම්මයි, තාත්තයි,
නංගියි, මල්ලියි
පාසල - මත්තේගොඩ විද්‍යාදීප මහ විදුහල සහ කෝට්‌ටේ ආනන්ද බාලිකා විදුහල

 
Related Posts with Thumbnails