Ads 468x60px

.

ටෝනි ග්‍රේග් මියයයි..

සුප‍්‍රකට රූපවාහිනී මාධ්‍යවේදියෙකු මෙන්ම එංගලන්ත ටෙස්ට් පිළේ හිටපු නායකයකුද වූ ටෝනි ග්‍රෙග් මහතා අද (29 වැනිදා) අභාවප‍්‍රාප්ත වුණා. මියයන විට 66වැනි වියේ පසුවූ ටෝනි ග්‍රෙග් මහතා පෙනහැල්ලේ පිළිකාවකින් පෙලූණ බව මෑතකදී අනාවරණය වුණා.

ශ්‍රී ලංකාවේ පැවැති විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය‍ට පැමිණ සිටි ඔහු ඕස්ට්‍රේලියාවට යා‍මෙන් පසු ඇතිවූ රෝගී තත්ත්වයකට ප්‍රතිකාර ලබා ගැනීමේ දී දකුණු පෙණහල්ලේ පිළිකාවක් ඇති බවටයි අනාවරණය කර ගෙන තිබුනේ.

ඉකුත් අගෝස්තු හා සැප්තැම්බර් අතර ඩුබායි හීදි පැවැති ක්‍රිකට් තරගාවලිය අතරතුර ඔහු රෝගාබාධයකින් පෙළුණු අතර පසුගිය කාලයේ ලංකාවේදී නිමාවට පත්වු පන්දුවාර 20/20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අතරතුරදී මුල්වරට එම රෝග තත්ත්වය හඳුනාගන තිබුනා.

පසුගිය මාස කිහිපය පුරාවට පෙනහළු පිළිකාවකින් පෙළුන ටෝනි ග්‍රෙග් වසර 1946 දී දකුණු අපි‍්‍රකාවේ දී උපන් අයෙකි. ඔහුගේ පියා ස්කොට්ලන්ත ජාතිකයෙකු වූ අතර, මව දකුණු අපි‍්‍රකානු ජාතික කාන්තාවකි.

පිය උරුමය හේතුවෙන් පසුකාලීනව එංගලන්තය වෙනුවෙන් කි‍්‍රකට් කී‍්‍රඩාවේ නිරත වූ ඔහු, දක්ෂ තුන් ඉරියව් කී‍්‍රඩකයෙකු විය.

එංගලන්ත කණ්ඩායමේ නායකයා ලෙස ද කටයුතු කළ ටෝනි, පසුකාලීනව කි‍්‍රකට් උණුසුමට එක්වූයේ අතිජනපි‍්‍රය කි‍්‍රකට් විස්තර විචාරකයෙකු ලෙසය.

මේ වන විට ඕස්ටේ‍්‍රලියාවේ පදිංචි ටෝනි හා ඔහුගේ බිරිඳ වන විවියන් හට දරුවන් දෙදෙනෙකු සිටින අතර, ටෝනි හට සිය කලින් විවාහයෙන් ද දරුවන් දෙදෙනෙකු සිටියි.

පසුගිය මැයි මාසයේදී ඔහුට බ්‍රොන්කයිටිස් රෝගයද වැළඳුනු අතර, ඔහු පෙනහළු පිළිකාවකින් පීඩා විදින බවට මීට දෙමසකට පෙර අනාවරණය විය.

ඔහු එංගලන්තය වෙනුවෙන් ටෙස්ට් තරග 58ක් ස‍දහා කී‍්‍රඩාකර ඇති අතර ඉන් තරග 14කදී එංගලන්ත පිලට නායකත්වය සපයා තිබේ.

වසර පහක ඔහුගේ කි‍්‍රකට් දිවිය 1977දී අවසන් විය.


 
Related Posts with Thumbnails