Ads 468x60px

.

බස් රථයක් තුලදී පෝලිමට දුෂණය කල වෛද්‍ය ශිෂ්‍යාව අවසන් ගමන් යයි...

විරෝධතා ඇතිවේ යැයි බියෙන් ආරක්ෂාව තර කරලා...

සෑම ඉන්දියානුවකුම ලැජ්ජා විය යුතුයි... 

නවදිල්ලි නුවරදී ඉකුත් 16 වැනිදා සමූහ දුෂණයකට ලක් වී, බරපතළ තුවාල ලබා, සිංගප්පූරු රෝහලක ප‍්‍රතිකාර ගනිමින් සිටියදී මියගිය 23 හැවිරිදි වෛද්‍ය ශිෂ්‍යාවගේ දේහය, විශේෂ ගුවන් යානයක් යවා ගෙන්වා ගැනීමට ඉන්දීය රජය පෙරේදා (29) රාති‍්‍රයේ කටයුතු කළ අතර ඊයේ (30) ඇගේ අවසන් කටයුතු සිදු කෙරුනා.


දින 13 ක් තිස්සේ මරුවා සමඟ කළ සටනකින් පසු එම වෛද්‍ය ශිෂ්‍යාව මියගියේ පෙරේදා අලූයම 2.45 ට පමණය. 

ඉන්ද්‍රීයයන් අකි‍්‍රය වීමෙන් ඇය මියගිය බවත් උදරයේත්, පෙණහලූවලත්, මොළයේත් ආසාදනයන්ට ලක් ව සිටි ඇය
හෘදයාබාධයකට ද ගොදුරු වූ බවත් සිංගප්පූරුවේ මවුන්ට් එලිසබත් රෝහලේ විශේෂඥ වෛද්‍යවරු ඇගේ මරණය ගැන දුක් මුසු පුවත මාධ්‍ය වෙත නිකුත් කරමින් කියා සිටියා.

තරුණිය අතවරයට සහ පහර කෑමට ලක් වූයේ ඇය ඇගේ පෙම්වතා ද සමඟ රාති‍්‍රයේ බස් රියකින් ගමන් කරද්දීය. ඔවුන් දෙදෙනා ලබන පෙබරවාරි මාසයේ දී විවාහ වීමට අපේක්ෂාවෙන් සිටි බව ද වාර්තා වෙනවා. 


තරුණිය අතවරයට ලක් වූ අවස්ථාවේ අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීම ප‍්‍රමාද කරමින්, නවදිල්ලි පොලිසිය දැක් වූ උදාසීනත්වය නිසා ඉන්දීය රජයට දැඩි ජනතා විරෝධයක් එල්ල විය. ඉකුත් 23 වැනිදා නවදිල්ලියේ දැවැන්ත විරෝධතා රැලි පැවැත්විණි.

ශිෂ්‍යාවගේ මරණයත් සමඟ නවදිල්ලියේ යළිත් විරෝධතා ඇතිවේ යැයි බියෙන් ආරක්ෂාව තර කර ඇත. ඉන්දීය ජනපති, උප ජනපති, අගමැති, ස්වදේශ කටයුතු ඇමැති, දිල්ලි මහ ඇමැති පමණක් නොව දිල්ලි පොලිසියත් ජනතාවට ආයාචනා කර ඇත්තේ නීතිය අතට නොගෙන සාමකාමීව කටයුතු කරන ලෙසටය.

ඉන්දීය ස්වදේශ කටයුතු ඇමැති සුසිල් කුමාර් සින්දේ විශේෂ ප‍්‍රකාශයක් කරමින් පෙරේදා උදෑසන කියා සිටියේ වෛද්‍ය ශිෂ්‍යාවට අත් වූ එම ඛේදනීය ඉරණම සම්බන්ධයෙන් සෑම ඉන්දියානුවකුම ලැජ්ජා විය යුතු බවය.

ශිෂ්‍යාවගේ දේහය පෙරේදා රාති‍්‍රයේ ඉන්දියාවට ගෙන ඒමට විශේෂ ගුවන් යානයක් යැවීමට ඉන්දීය රජය පියවර ගෙන තිබුණු අතර, ඇගේ අවසන් කටයුතු ඇගේ මවුපියන්ගේ කැමැත්ත පරිදි සිදු වනු ඇතැයි ස්වදේශ කටයුතු ඇමැතිවරයා වැඩි දුරටත් කියා සිටියේය. 

ඒ අනුව ඊයේ ඇගේ පවුලේ සාමාජිකයන් සහ සමීපතම ඥාතීන් එක් වී ඇගේ අවසන් කටයුතු සිදු කළ බවත් දේහය ආදාහනය කළ බවත් වාර්තා විය.

දේහය නවදිල්ලි ගුවන්තොටු පොළට ගෙනා අවස්ථාවේදී ඉන්දීය අගමැති සිං සහ කොංග‍්‍රස් පක්ෂ නායිකා සෝනියා ගාන්ධි ගුවන් තොටුපොළට පැමිණ ශිෂ්‍යාවගේ පවුලේ අය හමුවී ඔවුන්ට කනගාටුව ප‍්‍රකාශ කළ බව ද වාර්තා වේ.

පෞද්ගලිකත්වය ආරක්ෂා කර ගැනීමේ අරමුණින් තරුණිය ගැන හෝ ඇගේ පවුලේ අය ගැන හෝ විස්තර මාධ්‍ය වෙත නිකත් නොකෙරුණු අතර ඉන්දියාවේ එන්.ඞී.ටීවී පුවත් නාලිකාව ඇය හඳුන්වා දී තිබුණේ ‘ඩෝටර් ඔෆ් ඉන්දියා’ නැතහොත් ‘ඉන්දියාවේ දියණිය’ යනුවෙනි. මුළුමහත් ඉන්දියාවම කඳුළිත් තෙත් කළ ඇය වීර දියණික යැයි ද පුවත් සේවා වාර්තා කර ඇත.


 
Related Posts with Thumbnails