Ads 468x60px

.

ලබන ජනවාරියේ ලංකාවට මම එනවා - උදාරි

උදාරි මෙවර එන්නේ ස්ථිර පදිංචියටමයි...

උදාරි වර්ණකුලසූරිය කියූ සැණින් අපේ මතකයට නැඟෙන්නේ ‘බොඳ මීදුම්’ ටෙලිනාට්‍යයේ ‘සංසලා’ චරිතය.

එතරම්ම ආදරණීය මතකයක් ප්‍රේක්ෂකයන් තුළ ‘සංසලා’ ඔස්සේ උදාරි තබා ගියා. දැන් මාස කිහිපයක සිට ම උදාරි ජීවත් වෙන්නේ සිංගප්පූරුවේ.

ඇය දැනට හරියට ම මාස පහකට පෙරාතුව ජීවිතයේ ලැබිය හැකි ඉහළම සම්මානයෙන් පිදුම් ලැබුවා ඔබට මතක ඇති. ඒ උතුම් වූ මව් පදවිය. දැන් උදාරිගේ පුංචි සුරතල් දියණියට හරියටම මාස පහක් වෙනවා.

උදාරිගේ සැමියා සුජිත් සිංගප්පූරුවෙ රෝහලක වෛද්‍යවරයකු ලෙස සේවය කරනවා. ඒ නිසාම උදාරිත් පුංචි දියණියත් ජීවත් වන්නේ සිංගප්පූරුවේමයි.

ඒ නිසා උදාරිගේ කලා කටයුතු තරමක් දුරට සීමා වෙලා. නමුත් උදාරි නැවතත් රංගනයට එක්වීමට සූදානම් වන බව අපිට පසුගිය දිනෙක දැනගන්නට ලැබුණා. ඒ ගැන ඇය අපිත් එක්ක කතාබහ කළේ මේ විදිහට. 

“එළැඹෙන නව වසරේ ජනවාරි සිට ස්ථිරවම පදිංචි වෙන්න යළිත් ලංකාවට මම එනවා. දැන් දුවට මාස පහක් නිසා මගේ සුපුරුදු කලා කටයුතුවල නියැළෙන්නට මට අවස්ථාව ලැබී තිබෙනවා. දැනටමත් ටෙලිනාට්‍ය දෙකකට ආරාධනා ලැබිලා තිබෙනවා.
 
Related Posts with Thumbnails