Ads 468x60px

.

පියා සමඟ නිදා සිටි දැරිය උස්සාගෙන ගිහින් මරණීය තර්ජන කර රහස් ප්‍රදේශ අත පත ගාලා..

යට ඇඳුම් කිසිවක් නැති මාමා කෙනෙක් කැලයට එක්ක ගියා 

මරනවා කියල මගේ යට පැත්ත ඇල්ලුවා...

අලුයම් කාලයේ නිවෙසට ඇතුළු වූ පුද්ගලයකු පියා සමග නිදා සිටි සත් හැවිරිදි දැරියක් ඔසවාගෙන අතවර කිරීමට අසල කැලයට රැගෙන ගොස් ආපසු නිවෙස වෙත රැගෙන විත් දමා ගිය සිද්ධියක් බණ්ඩාරගම ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.

මව අත දරුවා සමග වෙනත් කාමරයක නිදා සිට ඇති අතර අලුයම 5.00 ට පමණ නිවෙසේ ජනෙල් කූරු ඈත් කර මෙම පුද්ගලයා නිවෙසට ඇතුළු වී දැරිය ඔසවා ගෙන කුස්සියේ දොරෙන් මීටර් 500ක් පමණ ඈත කැලෑවට රැගෙන ගොස් කෑගැසුවොත් මරණ බවට තර්ජනය කර තිබෙනවා.

උදෑසන අවදි වූ පියා තමා අසල නිදා සිටි දැරිය නොමැති නිසා මවගෙන් විමසීමේදී කලබල වී දැරිය සොයන්නට වූ අවස්ථාවේ නිවෙස පිටුපස සිට හඬමින් දැරිය පැමිණෙනු දැක තිබෙනවා.

යට ඇඳුම් කිසිවක් නොමැතිව කහපාට ටීෂර්ට් එකක් පමණක් ඇඳ සිටි නොහඳුනන මාමා කෙනෙක් තමාව ඔසවාගෙන කැලයට

ගෙන ගොස් මරණීය තර්ජන කර රහස් ප්‍රදේශ හා ඇඟ පත අත ගෑ බවත් පසුව වඩාගෙන නිවෙස අසලට පැමිණ දමා ගිය බවත් දැරිය පවසා ඇති බව දැරියගේ මව විසින් බණ්ඩාරගම පොලිසියට පැමිණිලි කර තිබෙනවා.

දැරිය වෛද්‍ය පරීක්ෂණයකට යොමු කර ඇති අතර ලිංගික අතවරයක් සිදු වී නොමැති බව අනාවරණය වී ඇත. සැකකරු අත්අඩංගුවට ගැනීමට මේ වන විට බණ්ඩාරගම පොලිසිය විසින් පරීක්ෂණ කටයුතු සිදු කරනු ලබයි.
 
Related Posts with Thumbnails