Ads 468x60px

.

පරණ පාන්වලට කොයි තරම් ජෑම්, බටර් ගෑවත් ඒවා පරණ පාන්මයි - ගීතා

කාන්තාව දිහා බලන්නේ අපහාසයෙන්...

‘‘දේශපාලනයට අලූත් මුහුණු මෙන්ම තරුණ ජවයද අවශ්‍යයි. පරණ පාන්වලට කොයි තරම් ජෑම්, බටර් ගෑවත් ඒවා පරණ පාන්මයි. 

ඒ වගේම දේශපාලනයේ ජරා-ජීර්ණ වූ චරිත කොයි තරම් ආටෝප දැම්මත් නැවත ගොඩනඟන්න බෑ’’ යැයි බෙන්තර-ඇල්පිටිය ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂ ප‍්‍රධාන සංවිධායක ගීතා කුමාරසිංහ මහත්මිය පැවැසුවා.

ඇය මේ අදහස් පළ කළේ ඉමදුව, වවුලූගල ප‍්‍රදේශයේ පැවැති දහම් පාසල් දරුවන් වෙත පොත්පත්, පාසල් උපකරණ බෙදාදීමේ උත්සවයකදීය.

ගීතා කුමාරසිංහ මහත්මිය එහිදී මෙසේද කීවාය.


‘‘එක්සත් ජාතික පක්‍ෂයේ තරුණ නායකයන් ඉන්නවා. නමුත් පක්‍ෂ නායකත්වය අලූත් අයට ඉඩ දෙනනේ නෑ. දේශපාලනයට නවකයන් පැමිණිය යුතුයි. නමුත් සමහරුන්ට අලූත් අය දේශපාලනයට එන විට ඇස්වලට කටු අනිනවා වගෙයි.

මේ රටේ ගැහැනු පරපුර අද වන විට තුන්වැනි තැනටම ඇදලා දමලා. බොහෝ විට සමාජය කාන්තාව දිහා බලන්නේ අපහාසාත්මකවයි. එසේ අපහාස කරන්නේ ගැහැනුකමටයි. මේ අපහාස කරන අයට තමන්ට මවුවරුන්, සෙහොයුරියන් සිටින බව අමතක වෙනවා.’’
 
Related Posts with Thumbnails