Ads 468x60px

.

අවුරුදු තුනක් තිස්සේ පෝලිමට දුෂණය කල තවත් දැරිවියක්...

දැරියට අවු: 15 යි මාස 11යි

මාමා කෙනෙක් මුලින්ම දුෂණය කරලා..

ඊට පස්සේ අතින් අතට ගිහින්
තාත්තා දාලා ගිහින් අම්ම රට

2009 වසරේ සිට අවස්ථා කීපයකදීම පුද්ගලයින් කීප දෙනෙකු අතින් දුෂණයට ලක්වූ බව කියන මේ වන විට අවුරුදු 15 යි මාස 11 ක වයසේ පසුවන දැරිවියක් කරුවල ගස්වැව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

මෙසේ වසර කීපයක් පුරා විවිධ පුද්ගලයින් අතින් දුෂණයට ලක්ව ඇත්තේ තබ්බෝව - තේවනුරුව ප්‍රදේශයේ පදිංචි දැරිවියකි. දුෂණයට ලක්වී ඇති බව කියන දැරිවියගේ පියා මව හැර ගොසිනි. 

2009 වසරේදී දැරිවියගේ මව තම දියණියව තමන්ගේ මවගේ බාරයට පත් කර විදේශ ගතවී ඇත. එම කාලවකවානුවේදී දැරිවිය තමන්ගේම මාමා කෙනෙකු අතින්

මුලින්ම දුෂණයට ලක්වී තිබෙනවා

පසුව විදේශ ගතවී සිටින මව මෙරටට පැමිණ දැරිවියව කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචි තම හිතවතියකගේ නිවසේ නවත්වා නැවතත් විදේශ ගත වී තිබෙනවා. එම නිවසේදීද දැරිවිය කිසියම් අයෙකුගේ අතවරයට ලක්වී තිබෙනවා

නැවතත් මෙරටට පැමිණ ඇති දැරිවියගේ මව ඇයව තමන්ගේ බාරයට ගෙන තබ්බෝව - තේවනුරුව ප්‍රදේශයේ පදිංචියට ගොස් තිබෙනවා.  මෙම නිවසේදී දැරිවිය විවිධ පුද්ගලයින් අතින් දුෂණය වන බව දැන ගත් ප්‍රදේශවාසීන් මේ බව ළමා හා කාන්තා කාර්යංශ මුලස්ථානයට දැනුම් දී තිබෙනවා

එම තොරතුරු මත දැරිවියව අත්අඩංගුවට ගෙන ඇති පොලීසිය ඇයව රෝහල්ගත කර තිබෙනවා. මෙම දැරිවියට ලිංගික අතවර සිදු කළ බව කියන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ ආරම්භ කර ඇති බව කරුවලගස්වැව පොලීසිය කියනවා. වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.
 
Related Posts with Thumbnails